ලාහුගල ඓතිහාසික නීලගිරි සෑය අසළ අද පිංකමක් පැවැත්විණි. ලාහුගල කිරි වෙහෙර , කොට වෙහෙර හා නීලගිරි විහාරාධිපති හුලංනුගේ රතනසාර හිමියන්ගේ අනුශාසනා පරිදි ලාහුගල ගැමියන්ගේ හා නැගෙනහිර බෞද්ධ පුනගරාගමනය මේ පිංකම් සංවිධානය කළේය.
පෙර දින රාත්‍රී පහන් පූජාවක්හා සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්විණි.
අද සියක් නමක් උදෙසා සාංගීක දානායක් පැවැත්විණි.
පන්සියයකට අධික පිරිසක් නීලගිරි සෑය අසල පෙහෙවස් සමාදන් වූහ.
පළමු වැනි සියවසටත් වඩා ඉපැරණි බව කියන නීල ගිරි සෑය අලි ඇතුන් ගහන මහ වන මැද පිහිටියේය.
ආසියාවේ කළු ගලින් නිම කළ පේසා වළල්ලක් ඇති එකම සෑය නීලගිරිය බව පුරා විද්‍යාඥයො කියති.
නීලගිරි සෑයේ සංරක්ෂණ කටයුතු අවසන් අදියරේ පවතින බව පුරා විද්‍යාඥයෝ කියති.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
(වීඩියෝ යූ විජේසිංහ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු පිළිම කලාව පැමිණීමට පෙර මෙම ස්ථානය ගොඩ නැගු බවට සාක්ෂි ඇත. එවකට ශ්‍රී පතුල වන්දනා මාන කල බවට සාක්ෂි සතර දිසාවෙන්ම පෙනේ. (ස)
අපිට හෙකි විදියට උඩු කරනවා. අපි මෙය ගොඩනගමු,නැතිනම් කට්ටිය මොනවා කරයි ද,ඊට පස්සේ අපි මොකක් හරි කුව්වම පිල්ලේට කෙලම් කියාවි,පිල්ලී කියාවි එක පින්ම ඕකත් ඉවත් කරන්න කියල.(අ)
.මේ තම හැබැම හාමුදුරුවරු සහ දේශප්‍රේමියෝ.ඔබසැමට තවත් ශක්තිය ලැබෙවා (අ)
බෞද්ධ ඉගැන්වීම ගැන අපේ අය තවම ඉගෙන ගෙන නෑ (අ)
සිල් රකින බෞද්ධකම රකින අය ඉන්නවා.සිංහල බෞද්ධ අයිතිය රකින අය ඉන්නවා. අද වැඩියෙන්ම අවශ්‍ය සිංහල බෞද්ධ අයිතිය රකින අය (නි)
මෙය ලාහුගල රක්ෂිත වනයේ පිහිටා ඇත. ක්‍රිස්තු පූර්ව 3 සියවසේදී කාවන්තිස්ස රජු විසින් සාදා ඇත. මී.182 උසය. ගමන් මග රත්නපුර, බලන්ගොඩ, හපුතලේ, බණ්ඩාරවෙල, ඇල්ල, වැල්ලවාය, මොනරාගල, සියම්බලාන්ඩුව, පොතුවිල් මාර්ගයේ පිහිට ඇත. කොළඹ සිට කි.මී.310 දුරක් ඇත. හැඩ ඔය තරණය කර පිවිසිය හැක. (නි)
ඉතිහාසය කන්නද කියපු නායකයෝ හිටි රටක් මේක. සෑයේ සංරක්ෂණ කටයුතු අවසන් වෙනවා අහන්නත් සතුටුයි.(නදී)
අවංකවම බුදු දහම රකින්න ඉන්න හාමුදුරුවරු ඉන්නේ මේ වගේ තැන වල කියලත් හිතෙනවා. මොකද මේසා දුක් කම් කටෝලු විඳගෙන මහා වන මැදට වෙලා මේ කරන උතුම් පින්කම් එලොව මෙලොව දෙකටම වැඩ දායී නිසා.(නදී)
කරුණාරත්න මහතා (නැගෙනහිර බෞද්ධ පුනගරාගමනය) මෙම මහා පින් බිම 2004 දී පමණ සොයාගනු ලබා ඇති අතර 18, 19 වෙනි දෙදින "නැගෙනහිර බෞද්ධ පුනගරාගමනයේ" අරම්බක අවස්ථාවක් සනිටුහන් කළේය. කොළඹ සිට අප මෙතුමාගේ ආරාධනාව මත ජය සිරි මහා බෝ අංකුරයක් වැඩමවා 19 දින සුබ මොහොතින් රෝපණය කළේය. සුවඳ දුම්, පහන් ආලෝකයෙන් මුළු ප්‍රදේශයම සුවඳවත් වී ආලෝකමත් විය. කරුණාරත්න මහතා 2004 දී පැමිණෙන්න විට විශාල කටු ගස් වලින් ගහනය වුන ප්‍රදේශයක් බව ප්‍රකාශ කර සිටියේය. රණ විරුවන්ගේ සහාය ඇතුව ආහාර පානාදිය හිස මත තබාගෙන කිලෝමීටර 5 පමණ දුර ගෙවාගෙන ඔවුනට සංග්‍රහ කරමින් මෙම ස්ථානය ගොඩ නගා මහා මෙහෙවරක් කල පින්වන්තයෙකි. මෙහි වැඩි විස්තර මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැක.(නදී)
මේ තැන් වලට යන හැටී ලිපිනය/ දුරකථනය වගේ විස්තරත් පල කරනවා නම් මිනිස්සු උදවු කරනවා. කරුණාකර ඒ විස්තරත් සමග විස්තර යලිත් පලකරන්න.(නදී)
බොදුනුවනි, මෙම විහාරය ගොඩ නගමු විදුලිය හිරු එළියෙන් නිපදවන උපකරණ සපයමු. මාර්ගය පිළිසකර කරමු. එතෙක් හෙලිකොප්ටෙර් අංගනයක් ගොඩ නගමු. ආවාස ගෙයක් ළිදක් ජලය සැපයුමක් අරඹමු ඇති හැකි අය දායක වී මෙය ආරම්භ කරමු. බුදුසරණයි.(නදී)
කරුනාකර මෙම ස්ථානයේ පිහිටීම මාර්ග තොරතුරු සිතියමක් පල කරන්න.(නදී)
මෙන්න අපේ බුදු දහම රකින හාමුදුරුවෝ. මේ වගේ බුදු දහම අනුව ජීවත් වෙන බුදු දහමට දෙයක් කරන අපේ හාමුදුරුවෝ. ඔබ වහන්සේලා නිසා අපේ රටේ නිර්මල බුදු දහම රැකිලා තියෙන්නේ. බුදු දහමේ කියල දීලා තියෙන අවිහිංසා වාදය මෙන්න මේ විදියට. නැතුව කඩු පොලු අරගෙන අනිත් ආගම් වලට ගහන එකවත්, පල්ලි කඩන එක නෙමෙයි. මම සෞදි වගේ රටක ඉදල මේ වගේ දේවල් දකිනකොට මට මගේ බුද්දාගම ගැන හරි ආඩම්බරයි. මේ පාර ලංකාවට ආවම මම යනවා මේතැනට. (නදී)
මෙය මොන වගේ වෙයිද?(නදී)
ඒ4 මාර්ගයේ රත්නපුර,මොණරාගල,සියබලාන්ඩුව,පොතුවිල්,මඩකලපු මාර්ගයේ ලාහුගලට යාහැකියි. කිතුලන වැව පසුකරනවිට හමුවන දෙවන මාර්ගයෙන් දකුණට හැරෙන්න. එය නීලගිරි විහාරයට යන මාර්ගයයි.(ගූගල් පිටුවට ගිහින් ලාහුගල ටයිප් කර මැප් ක්ලික් කරන්න).(නදී)
අර කට්ටිය කොලඹට වෙලා කැගහනවා. වන මැද ඉන්න අපේ හාමුදුරුවරු ශාසනේ රකිනවා. මේ දේවල්නේ කරන්න ඕනේ.(නදී)
අනුර, ඔබේ අභිප්‍රාය ගොඩක් හොදයි. ඒත් මම හිතනවා හෙලිකොප්ටර අංගන වගේ දේවල් වලින් එහි ස්වාභාවිකත්වය විනාශ වේවි. සිත පහන් කරන්න වගේම ධර්මයේ රැදෙන්නත් නාගරිකකරනය නොවූ තරමටයි යනු මගේ අදහසයි. අපේ බුදුදහම රැකෙන්නේ මෙවැනි දේ වලිනි.(නදී)
ඒ 4 මාර්ගයෙන් සියම්බලාංදුව පසුකර ලාහුගලට එන්න' එතනින් දකුණට ඇති පාලමෙන් එගොඩ වූ විට හැඩ ඔය දක්වාම කුඹුර මැදින් ඉතා හොඳින් කොන්ක්‍රීට් කල පාර තියෙනවා. හැඩ ඔය හරහා පාලම හදල ඉවර උනාට විවෘර්ත කරලා නැහැ තවමත්. එතනිනුත් එපිටට තව කිමි 3ක් විතර කැලේ මැදින් කොන්ක්‍රීට් පාර තියෙනවා. හෙලිකොප්ටෙර් අංගන අවශ්‍ය නැහැ. සුර්ය විදුලියත් අවශ්‍ය නැහැ. රජයෙන් 3 පේස් කරන්ට් දීල තියෙනවා. බොරුවට මෙතන දියුණු කරන්න කියලා කොළඹින් ගිහින් ආධාර එකතු කරන්න හදන යට රැවටෙන්න නරකයි. දාගැබ සංරක්ෂණය කරන්නත් පුරාවිද්‍යා ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. වන රක්ෂිතය බැවින් වෙනත් ඉදිකිරීම් වලට මෙතන අවසරයක් නැහැ. වන්දනා කරන්න අවසරය සහ පහසුකම් සියල්ල මෙහි තියෙනවා. (නදී)
සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි.(නදී)
ඔතන දෙවියෝ ජීවමාන වෙනවා කිව්වා නම් හෙට මිනිස්සු ලක්ෂ ගණනාවක් එයි. එහෙම මැජික් වැඩක් කරමු කල්පනා කරලා. බොරුවට කැමති මිනිස්සුනට පොඩි බොරුවක් කළාට කමක් නැහැ. එතකොට වාද බේද නැහැ , ආගම් බේද නැහැ, ජාතිබේද නැහැ (නි)
පරිසරයට හානියක් නොවෙන විදිහට වැඩකළ යුතුයි (නි)
මේ තැන් වැඩිය හෙළි කරන්න එපා. මේවාත් කොල්ලකාවි. (නි)
අනුර, ඔබගේ යෝජනාව බොහොම හොඳයි. ශ්‍රී ලාංකිකයෝ හැටියට ආගම් භේදයකින් තොරව හැම කෙනෙකුටම දායක්වෙන්න පුළුවන්. අපිත් ශ්‍රී ලාංකිකයෝ හැටියට බොහොම ආඩම්බරයෙන් අපි කතාකරන්නෙ අපේ පෙර සිටි සිංහල රජදරුවන්ගෙ ගෘහ නිර්මාණ ශිල්පය, වැවු දාගැබ් ගැන පෙන්වලා තමයි. (නි)
මම 2011 යනකොට මහ කැලෑවක් රුහුණේ ඉතිහාස අධ්‍යයනාංශයෙන් කැණීම් වලට සහභාගී වුනා.දැන් තත්‍වය දකින කොට සතුටුයි. (ස)
මමත් කැමතියි උදව් කරන්න. කරුණාකර ලිපිනය පල කරන්න. ලංකාවට ආවහම මම යනවා මෙතනට (නි)
අනේ සාදු! බුදු සරණයි (නි)
සාධු සාධු! කළයුත්තේ මෙවැනි දෑය (නි)
සියඹලාණ්ඩුව පොතුවිල් ඒ4 මාර්ගයෙන් ලාහුගල අභය භුමියට ළගා විය හැකි අතර, ඓතිහාසික නීලගිරි සෑය මෙම අභයභුමිය තුළ ඇතැයි සිතමි. මෙම ස්ථානය හරියටම දන්නා පින්වතකු විසින් ගූගල් සිතියමෙහි අදාළ ස්ථානය සලකුණු කරන්නේ නම් යහපති (නි)