බකිංහැම් මාළිගයේදී දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ සම්මානයට පාත්‍රවී ශ්‍රී ලංකාවට පැමිණි තේජිත සෞභාග්‍ය එදිරිසිංහ තරුණයා පසු අත්තනගල්ල රජමහා විහාරයට පැමිණ විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද හා පින්නවල සෝමානන්ද නාහිමිවරුන්ගේ ආශිර්වාද මධ්‍යයේ ඌරාපොළ නගරයේදී හරසරින් පිළිගැනිණි.
දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ දියමන්ති ජුබිලි සැමරුම් පදනම, පොදු රාජ්‍ය මණ්ඩලය හා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය එක්ව පළමුවරට සංවිධානය කළ සම්මාන උළෙලේදී ඔහු තරුණ නායකයින්ට පිදෙන විශේෂ සම්මානයකින් පිදුම් ලැබුවේය. තේජිත යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයෙක් වන අතර ඔහු ඌරාපොළ ප්‍රාථමික විද්‍යාලයේ හා කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකි.
තේජිතගේ උපන්ගම වන ඌරාපොළ ගම්වාසීන් එක්ව පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබුණි.
දෙවැනි එළිසබෙත් රැජිණ අතින් ශ්‍රී ලංකාවේ කාවින්ද්‍යා තෙන්නකෝන් තරුණියටද මෙම සම්මානය හිමිවිය.
(ඡායාරූප - ආනන්ද ජයකොඩි)
සම්මාන දිනූ ලාංකිකයන් දෙදෙනා අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සමග
(ඡායාරූපය විදේශ අමාතංශ වෙබ් අඩවියෙනි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ අනාගතයට සුබ පතනවා.(හේ)
එය අපට ලොකු ගෞරවයක්.(හේ)
විජයබාහු. දැන් කවදා ඉඳන්ද අපි එක ජාතියක් වගේ නැගිටින්න බලන්නේ? ලෝකේ උතුම්ම රට ශ්‍රී ලංකාවලු. හැබැයි ලෝකේ වැඩියෙන්ම මිනිස්සුන්ට මඩ ගහන්නෙත් අපේ රට වෙන්න ඕනේ. සමාවෙන්න ඔය කියන ජාතිය වගේ නැගිටින එක අපේ මිනිස්සුන්ගේ ඇඟේ නෑ. එහෙම උනා නං අද අපේ රට ගොඩක් දියුණුයි. (ස)
තව මිනිහෙක්ට දෙයක් ලැබුනම ඊර්ශ්‍යා වෙන එක සිංහල මිනිසුන්ගේ පුරුද්දක්නේ.... ලංකාව තාම එකතැන බඩගාන්නේ එ්කයි. (ස)
අපොයි යහපාලගේ වහල් මානසිකත්වෙට වඩා යටත් විජිත මානසිකත්වේ හොඳයි. (ස)
සුද්දා ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ එම රට ලෝකයේ අංක 1 රටක් වුණා. සුද්දා තව ටික කාලයක් ලංකාවේ හිටියනා ම් ලංකාවත් මෙලහකට දියුණු රටක්. ලංකාවේ මිනිසුන්ට තියන්නේ ඡන්ද මේනියාව. ලංකාව හරියට එකතැන පල්වෙන සුප් එකක් වගේ. (නි)
අපිට ලොකු ආඩම්බරයක් (නි)
තවමත් යටත් විජිත මානසිකත්වයෙන් ඉන්න අය. (ස)
යහපාල,කතාව ඇත්ත! (ස)
වැඩක් නැ යහපාල අපේ රටේ ඉන්නේ රැජින ටොපි කොලයක් දුන්නත් ඔලුව උඩ තියන් යන අයනේ. රැජින අපේ රටට කලේ මොකද්ද කියල කවුරුත් හිතන්නේ නෑ. (ස)
සම්මාන ගත්ත අය නම් කමක් නැහැ,මේ පැත්තක ඉන්න ඇමති අය මොකටද පොටෝ එකට හොට දාගෙන. (ස)
හරිම කුහක විදියට ලියල තියෙන්නේ. දේශපාලකයෝ ගිහාම ලොකු කතා . ඉරිසියාවෙන් පිරිච්ච මිනුස්සු. (ස)
යහපාල. එහෙනං අපේ ලංකාවේ සුද්දෝ හදපු කෝච්චි පාරවල් වල යන්න එපා, සුද්දෝ දීලා ගිය නීතිය පිළිපදින්න එපා, සුද්දෝ දුන්න කලිසම, ටයි ඒක මොකටවත් පාවිච්චි කරන්න එපා. අපේ බොඩිය විතරයි මේඩ් ඉන් ශ්‍රී ලංකා. අනික් ඔක්කොම සුද්දගේ. එක්කෝ අල්ලපු රටේ. යහපාල වගේ හැමදාම වන්සේ කබල් ගගා හිටියොත් අපි හැමදාම ලිඳේ. (ස)
තේජිත පුතුනි ඔබට ඔය සම්මානය දුන්නු හේතුව ඔය හාමුදුරුවන් සමග සිටින ඉරියව්වෙන් දැනෙනවා. (ස)
මෙය අගය කරන්න වැරදි විදියට හිතන්න එපා ... එහෙම හිතුවොත් රට හැමදාම එක තැන පල් වෙනවා (ම)
රසික සුද්දෝ තම අපේ රටේ එතෙරට කට බලියන් ඉන්න ජාතිය ඇති කලේ. ඔයාගේ කතාවෙනුත් එකම තම තේරෙන්නේ. ඔහොම හිතනකොට අපි කොහොමද ජාතියක් විදිහට නැගිටින්නේ? (ස)
පතිරාජ කුහක කමක් නෑ. සුද්ද කවදද අපිට නිකන් දෙයක් දුන්නේ උන්ගේ වාසියට නැතුව. පොඩ්ඩක් හිතන්න. (ස)
ගමේ හැදුන වැඩුන සාමාන්‍ය පවුලක ළමයෙක් මෙහෙම දෙයක් ලබා ගැනීම ඉතාමත් අගය කලයුතු දෙයක්,මේවා විශේෂ හැකියාවන් , අර යහපාල කියන දේශපාලන කොන්ත්‍රාත් කරු ඉතාමත් කුහක විදිහට ලියමින් ඔහුගේ සැබෑ තතු ලොවටම විදහාපායි .ඇත්ත සුද්දා නාවානම් තවමත් අපි බොහෝ පිටුපසින්,එහෙම නැතිනම් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලා , නරක දේ ලැබුනත් ලද බොහෝ හොඳ දේ අගය කල යුතුයි. (ස)