බණ්ඩාරගම බොල්ගොඩ කුකුළු කූඩුවකින් මහ රෑ කුකුළන්ගේ මර හඬ ඇසී අවදිවූ කුකුළු කොටු හිමියා එහි අමුත්තෙක් දුටුවේය. කුකුළු නාම්බකු වෙළා ගෙන සිටි පිඹුරාට ඔහු මන්න පහරක් එල්ල කළේය. දෙදෙනාටම තුවාල සිදුවිය. අඩි 8 ක් දිගැති පිඹුරා පශු වෛද්‍ය ප්‍රතිකාරයෙන් පසු කැලයට මුදා හරින බව කුකුළු කොටු හිමියා කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවිපොලකට සතෙක් අවනම් ඒ සතාව එලවලා දාන්න පුලුවන්. අපිට උසස් මනසක් ලැබුනේ අනිත් සතුන්ට හිරිහැර කරන්න නෙවෙයි. මන්න පාර දුන්නට ඒක වීර කමක් නෙවෙයි.(හේ)
දැන් ඉතින් කට්ටිය කුකුළු කොටු හිමියා හිට්ලර් පොල්පොට්ටත් වඩා ලොකු අපරාධකාරයෙක් කරලා කට්ටිය අදහස් දමාවි. අද මිනිස්සු හරිම දුකක් විඳිනවා ජීවත්වෙන්න. එහෙව් රටේ කුකුළු කොටුවක කුකුල්ලු ටික පිඹුරෝ කන්න ගත්තම අයිතිකාරයා මොකද කරන්නේ? (නි)
මේ සතාට තුවාල නොකර එළවලා දාන්න තිබුනනේ. පිඹුරා මිනිසුන්ට හානිකරන සර්පයෙක් නොවෙයි. මගේ ගෙදරට නයෙක් එනවා. මම වෙලාවකට බිත්තරයකුත් දීලා යවන්නේ. එයා දැන් බිත්තරයක් දෙනකම් යන්නේ නැහැ. (නි)
තිලක්, ඒ මනුස්සයා සතාව නොමරා වනජීවී එකට දන්වපු එක අගය කරන්න පුරුදුවෙමු. සර්පයෙක් දැක්කම බොහෝ අය බයවෙන එක සාමාන්‍ය දෙයක් (නි)
බන්දුල, මොකද දැන් මිනිසුන්ගේ දුක්විඳීම ගැන කියන්නේ? (නි)
තිලක් බිත්තරේ තම්බලද දෙන්නේ බැදලද?
තමන්ගේ දරුවාව පයින් ගහල මරල පෝර උරේක දමල ඇදයට හංගන තාත්තල ඉන්න රටක ජීවත්වෙන අපි, මේ මනුස්සයට ආලාබයක් කරන්න ආව ඒ සතාට දක්වල තියෙන කරුණාව ගැන මම ගොඩාක් ආඩම්බර වෙනවා...!!! (බ)
අනේ තිලක්, නිකන් බොරු කියවන්නේ නැතුව කට වහගෙන ඉන්න. (නි)
තිලක් , මට නම් හිතෙන්නේ ඔය ඔය කියන්නේ චේතිය බොරුවක්. පුළුවන් නම් නයා එන එක රෙකොර්ඩ් කරලා ලංකදීපෙට දෙන්න . (බ)
තිලක් කියන්නේ ඇත්තක් (නදී)
සමන්, මිනිස්සු දුක් නොවිඳ සිටින ලෝකයේ කොහෙහරි තැනක් ගැන ඔබ දන්නවා නම් කරුණ කර කියන්න.(බ)
පිඹුරෝ ජීවත්වෙන්නේ සතුන් ආහාරයට අරන්. ඌ දන්නේ නැහැ කුකුලට අයිතිකාරයෙක් ඉන්න බව. දැනගත්තත් එක තේරෙන්නේ නැහැ. වෙලා ගත් කුකුලෙක් අතහරින පිඹුරෙකුත් ඉඳීද? මන්න පහරෙන් ලැබෙන එකම දේ අයිතිකාරයාගේ කේන්තිය පිට කිරීම පමණයි. (බ)
බන්දුල පෙරේරා ඉස්සර වගේ නෙමයි දැන් හරි වෙනස්. (බ)
තිලක්, මෙහි අදහස් ප්‍රකාශ කරලා කියවන්නේ තමිල්නාඩුවේ පික්චේර් බලන කට්ටිය නෙවි (බ)
ඔහුගේ හිත දන්නවා මේ එන පොට හරි නැහැ කියලා.මිනිස්සු හරියට දුක් විදිනවා නේද ජීවත් වෙන්න .(හේ)
පිඹුරට කුකුලෙක් අහු උන එක හොඳට ගියා.පොඩි කිරිකැටි දරුවොත් ගෙවල් වල ඉන්නවා.එකත් උෟට ගොදුරක් වෙන්න පුළුවන්. (ස)
කව්රු මොනවා කිව්වත් තමන්ට ඔය වගේ දෙයක් වුනොත් ඒ අය කරන්නෙත් ඕකම තමයි.(හේ්)