මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් කෝටි 400ක් වැය වෙනු ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (27) මැතිවරණ ලේකම්කාර්යාලයේ පැවැති ප්‍රවෘති සාකච්ඡාවකදී පැවැසීය. ඉකුත් ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයට රුපියල් කෝටි 300 ක් වැය වු බව ද කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ අපේ සල්ලි. ජනාධිපති වෙනස් වෙන අවස්ථාවේදී මහා ජන්දයකට නැවත යනවනම් මේ චන්ද දෙකම එක පාර තිබුනානම් හරිනේ. (නදී)
කොහොමද 400 ගණන් හැදුවේ? බැරිද 200න් කරන්න? කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය වැඩි කරන්න (නි)
අහෝ මහජන මුදල් දෙශපාළුවන් ගිලගනී (අ)
කෝටී 400 මොකක්ද? මාසෙකට රජයේ සේවකයන්ගේ වැඩිකරපු පඩිය ගෙවන්න රු බිලියන 15 ඕන. අනේ දුප්පත් අපි ගෙවන බදු? (අ)
බල පෙරේත දේශපාලකයන්ගේ පුද්ගලික මුදල නෙවෙයිනේ මේ. මේ බරත් දැනෙන්නේ මේ රටේ නැති බැරි අයට.(නදී)
ඉතුරුවෙන ගණනින් වැඩ කරනවා නම් මෙලහකට මේ රට දියුණුයිනේ. (නි)
කන්නවත් දියුණුවෙන්න බැරි රටකට ඡන්ද වියදම කෝටි 400ක් නම් අනිත්වා කුමකටද? (නි)
මේ සල්ලි කන්දරාව දුප්පත් මිනිස්සු අතර බෙදාදුන්නා නම් කොච්චර හොඳද? (නි)
අපරාදේ වියදම් වෙන මුදල්. ඔය සල්ලි වකුගඩු රෝගීන්ට බෙහෙත් වලට දුන්න නම් ටික කලක් හරි රෝගීන් ජීවත් කරන්න තිබුණ.(අ)
මේක වැඩි නැද්ද? දැන් ඉතින් යහපාලනයනේ.(නදී)
ඒ අයට ඒක පොඩි ගානක්නේ. (නදී)
කරුණාකර මහා ඡන්දය , ජනාධිපතිවරණය එකම දිනක පැවැත්විය යුතු බවට ව්‍යවස්ථාව ව වෙනස් කරන්න. ඉතුරුවෙන රුපියල් කේටි න් 300 වෙන වැඩක් කරගන්න පුළුවන් (නදී)
රටේ කිහිප දෙනෙක්කේ අවශ්‍ය තාවයක් මිස මේකෙන් රටට වෙන යහපතක් නැහැ (නදී)
අයියෝ සල්ලි..(නදී)
පිලිපීනය වගේ දියුණු වන රටවල්වල සියලුම මැතිවරණ පවත්වන්නේ එක දිනකයි . අවුරුදු 5 ටම එකවරයි . මෙයින් වියදම අඩුකර ගැනීම වගේම රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතවයද වැඩිවේ . අපේ රටේ හැම අවුරුද්දෙම මොකක් හරි ඡන්දයක් . අපේ අය රට ගැන හිතන හැටි තමයි (බ)