අද මධ්‍යම රාත්‍රියේ විසුරුවීමට නියමිත නව රජය පිහිටවනු ලැබුවේ මෛත්‍රිපාල සිරිසේන මහතා ඡන්ද 62,00000ක් ලබා ජයග්‍රහණය කිරීමෙන් පසු ජනවාරි 8 වැනිදා ජනපති ලෙස දිවුරුම් දීමෙන් පසුවය.
දින 100කට පත්වූ රජයේ දින 100 අප්‍රේල් 21 වැනිදා අවසන් විය.
එම දින 100 තුළදී ජනපති බලතල කිහිපයක් අඩු කිරීමේ 19 වැනි සංශෝධනය සම්මත විය. එම මැතිවරණයේදී දුන් පොරොන්දුවක් අනුව සුළුතරයක් වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පදවියට පත් කෙරිණි. පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂ නායක පදවියට පත්විය.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනපති දැඩි උත්සාහයක නිරත විය. එය සම්මත කර නොගෙන පාර්ලිමේන්තුව නොවිසුරුවන බවද ජනපති දෙවරක්ම පැවසීය. නමුත් පක්ෂ නායකයන් අතර එකඟත්වයක් නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවීමට තීරණය කෙරිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගෝස්තු මස 17 හෝ ඊට ආසන්න දිනයක මහ මැතිවරණය පැවැත්වීමේ වැඩි ඉඩ කඩක් ඇත. නාම යෝජනා බාර ගැනීම ජූලි 6 වැනිදා සිට 15 වැනිදා දක්වා සිදු කරනු ඇත.
ව්‍යවස්‌ථාවේ 70 (1) වගන්තිය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් කැඳවීමටත් බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. ව්‍යවස්‌ථාවේ 70 (5) වගන්තිය අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ප්‍රකාශයක් නිකුත් කරන විට එයත් සමගම අලුත් පාර්ලිමේන්තුව මුල්වරට රැස්‌වන දිනයද නියම කළ යුතුය. ව්‍යවස්‌ථාවේ 70 (5) (අ) (ආ) සහ (ඇ) වගන්ති අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත්, ඡන්දය සඳහා නාම යෝජනා කැඳවීමත්, ඡන්දය පැවැත්වීමත්, ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වීමත් සහ නව පාර්ලිමේන්තුවේ පළවැනි රැස්‌වීම පැවැත්වීමත් යන සියල්ල මාස 3 ක උපරිම කාල පරාසයක් තුළ සිදුවිය යුතුය.
1981 අංක 1 දරන පාර්ලිමේන්තු ඡන්ද පනතේ 10 වැනි වගන්තිය මේ කාල පරාසයන් පිළිබඳ වඩාත් සවිස්‌තර කරුණු ගෙනහැර දක්‌වයි. මෙකී වගන්තියට අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් දින 10 ක් ගෙවුණු තැන නාම යෝජනා භාර ගැනීම ආරම්භ වෙයි. ඊට දින 7 කට පසු නාමයෝජනා භාර ගැනීම අවසන්වෙයි. නාමයෝජනා භාර ගැනීම අවසන් වූ දින සිට සති 5 කට පසුව ඡන්දය පැවැත්වීමේ දිනය නියම කළ හැක. නමුත් එම දිනය නාමයෝජනා අවසන් කළ පසු සති 7 ක් ඇතුළත විය යුතුය. මේ අනුව බැලුවොත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා අලුත් පාර්ලිමේන්තුව රැස්‌වන දිනය නියම කිරීම සඳහා අවම වශයෙන් මාස 2 ක් වත් තිබිය යුතුය. එනම් නාමයෝජනා භාර ගැනීමට දින 17 කුත් එතැන් සිට ඡන්ද දවස වන තුරු සති 5 ක අවම විරාමයකුත් වශයෙන්ය.
වත්මන් ආණ්ඩුවට දින 168කි. මීට පෙර ඩඩ්ලි සේනානායක රජයේ ආණ්ඩුව දින 33කින් අවසන් විය. එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ රාජාසන කථාව පරාජය වීමෙන් පසු එම ආණ්ඩුව ඉල්ලා අස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කියන්නේ කැළණි පන්සලේ මහා දානපති හෙලේනා විජේවර්දන පව්ලේ කෙනෙක්. මෛත්‍රී මහත්තයත් සරත් මහත්තත් කියන මේ තුන්ගොල්ලෝ රට රකින්නේ මහා ප්‍රාකාරයක් වගේ. ජය වේවා!!!(නදී)
බලු වලිගේ උන පුරුකේ දැම්මත් කෙලින් කරන්න බැහැ වගේ අපේ සිංහලයාගේ මෝඩ ගති කවදාවත් වෙනස් කරන්න බැහැ. බලන්නකෝ මේ ඡන්දෙ දීත් වෙන දේ.(නදී)
මටත් බිරිඳටත් ගුවන් ටිකට් පත් 2 ක් ගත්තා. රට හොරුන්ගෙන් බේරා ගත්, පගා මරුවන්ගෙන් දුෂිතයන් ගෙන් බේරා ගත්, මෙගා ඩීල් නවත්තපු , ස්ත්‍රී දුෂකයන් හොරුන් වැජඹුනු යුගයකින් රට බේරා ගත් ඒකාදිපති වියරුව පරදපු ,හිර ගත කල මහා රණ විරුවන්ට සාදාරනය ගෙන දුන් රනිල් මහතාණනි ඔබට ජන්දය දීමටම මමත් මගේ බිරිදත් ඉතා සතුටින් ලංකාවට එමි. මම මගේ යුතුකම ඉටුකරමි. මා ඔබ සැමගෙන් ඉල්ලන්නේ ඔබත් ඔබේ යුතුකම ඉටුකරන්න. (නදී)
චාමික මහතා ඔබතුමා හරි පිටරටවල ඡන්ද ගැන මම දන්නවා , සහ ඔබතුමා හරි , නමුත් ලංකාවේ තත්ත්වය ඔබතුමා දන්නවනේ , කොයි පක්ෂය වුණත් එකයි නේ , අනෙක මට හිතපු ඒ ජනාධිපති තුමා හෝ වර්තමාන ජනාධිපති තුමා ගෙන ලාබයක් නැහැ , අපි හම්බ කරලා අපි සන්තෝෂෙන් ඉන්නවා , ඔබත් මෙහි ලියන ගොඩක් උදවිය වගේ , නමුත් ගැටලුව තියෙන්නේ මේ රට ගමන් කරන දිශා වයි , මේ රට නිසි මඟට යනවා නම් අයි අපි මේ ආණ්ඩුවට විරුද්ද වෙන්නේ ? අද මොකද උතුරේ වෙන්නේ ? රණ විරුවන්ව එක එක චෝදනා දාලා දන ගෙඩියට ගෙනයන්නේ නැහැ කියලා ඔබ කියනවා නම් මට ඔබා හා විවාදයක් නැත , ඩයස්පෝරා මැරුණු තස්තවාදය නැවත ගේන්නේ හදන්නේ නැහැ කියනවා නම් මොට ඔබතුමා හා විවාදයක් නැත , (අ)
ඉමේෂ්,අර ජාතික ලැයිස්තු ගුරත් උගතෙක්. හැබැයි පොතේ ගුරු. (නදී)
මිස්ටර් නලින් , ඔබතුමා හිතාගෙන ඉන්න විදිහටම ඉන්නකෝ , බලන්නකෝ සැප්තැම්බර වල මොකද වෙන්නේ කියලා , දැන් මොකද වුනේ අපේ වීර රණවිරුවාට , එල්ලුම් ගස් නේද ? මොකද ස්ත්‍රී දුෂණ කරලාද හොරකම් කරලාද ? කොහොමද ත්‍රස්තවාදී එන්නේ හැදුනුම් පත් අරගෙනද ? කොහොමද තස්තවාදී හා නොවන බව හදුනාගන්නේ ? කරුණාකර මහින්දට විරුද්දයි කියා රණ විරුවන්ව පාවා දෙන උදවියට උඩගෙඩි දෙන්න එපා(නදී)
උසස් පෙළ කල් යයිද ලොකු අයියේ.....අනේ විභාගය තියන්න. (අ)
ළමයින්ගේ ජීවිතත් එකක සෙල්ලම් කරන්න ද හදන්නේ (අ)
ලොකු දෙයක් රනිල් විසිවෙන ඒකනම් දෙයියනේ.. හිටියොත් තව මොනවා නීතිගත වෙයිද දන්නේ නෑ (අ)
සමන් මහතා මගේ පුතා ත් උසස් පෙළ ලියනවා පළමු වතාවට , මේ උදවියට වැදගත් වන්නේ උසස් පෙළ නොවේ , අපේ ළමයින් නොවේ , ළමයින්ගේ අනාගතය නොවේ , සැප්තැම්බර මාසේ ජිනීවා මානව හිමිකම් කවන්සිලය රැස් වෙන්න කලින් අලුත් පාර්ලිමේන්තුව පත කර ගන්න , එකනේ සැප් 2 පාර්ලිමේන්තුව රැස්කරන්නේ . මොකද ජිනීවා සමුළුවෙන් පසු අපේ වීර රණවිරුවෝ හමුදා පතිගේ සිට බි මට්ටම දක්වා දැන් ගෙඩියට යවනවා , ඊට පසු හමුදා පවුල්වල් චන්ද ලැබෙන්නේ නැහැ , ඉතින් ඊට කලින් ඡන්ද තියලා ආණ්ඩුව ගන්න තමා මේ සැලසුම් , මේවා නොතේරෙන්නේ පෙරපාසල දරුවනට පමණි . කමක් නැහැ සමන් උසස් පෙළ මේවා නොතියා හැර රට බේරා ගත , රට වෙනුවෙන් ඇස් මස් ලේ දන් දුන්න අපේ රණ විරුවන් බෙර ගන්න ලැබේවා කියා අපි ප්‍රර්ථනා කරමු . මොකද අද මේ රටේ අපි සැනසීමෙන් සතුටෙන් ඉන්නේ රණ විරුවන් ගේ කැප කිරීම නිසා , රණ විරුවෝ ජන 8 චන්දෙ දුන්නේ මෙහේම දෙයක් පතා ගෙන නොවේනේ , වෙනසක් නේ පැතුවේ , වෙනස තමා ජිවිත වලින් වන්දි ගෙවීමෙන් ලැබෙන්නේ . පිළිගත්තත නැතත් සත්‍ය එ්කයි , ජාත්‍යන්තරය පිනවීමට , විදේශීය ආධාර , හා විදේශීය හොද හිත , ජී එස් පී නිමි ඇදුම් අපනයන සහනය , යුරෝපා මලු අපනයන සහනම , ඇතුළු තව ගොඩාක් දේවල් ලැබේවි , එ්කට යන කොස්ට් එකා තමා රණවිරුවෝ ගෙවන්නේ හා අප රට උකස් කරන්නේ . මේකතා අර 50 ලක්ෂය දන්නා , පිළිගන්න අකමැති තිත්ත ඇත්ත (අ)
ඉමේෂ් ගේ අදහස සම්පුර්ණ ඇත්ත මෙදා පාර සැහෙන්න හම්බකරගත්ත කට්ටියක් ඉන්නවා ඒගොල්ල විශ්‍රාම අරිමු මමත් පිටරට සිට ඡන්දය දීමට එනවා.(අ)
මම අද ලංකාවට එන්න ගුවන් ටිකට්පත් වෙන්කරා, අගෝස්තු 17 මහින්දට ඡන්දෙ දාන්න එන්වා. මගේ යුතුකම මම කරනවා රට වෙනුවෙන්. රට බේරා ගත් මහින්ද මැතිතුමාට ජයවේවා....(නදී)
සෙනරත් ඔයා ඇමරිකාවේ ඉදල ලංකාවට ඇවිත් බෝම්බ ප්‍රහාවලින් තොරව බයකින් සැකයකින් ඡන්ද පොලට යන්න පාර හදල දීපු කෙනාට පොඩ්ඩක් ස්තුති කරලම ඡන්දය දාන්න. (අ)
උගත් කමටත් වඩා යහපත් වෙන්නේ පරාර්ථකාමී මනුස්සකම. බොහෝ උගතුනුත් දෙරණ නුහුලන වැඩ කරනවා. අපේ හුඟක් ඉහලට ඉගෙනගත් අයටත් නොදැන හෝ දැන වැඩකරන්න වෙලා තියෙන්නේ රටට අවශ්‍යය ලෙස නොවෙයි. වෙනත් අයගේ ලාභ අපේක්ෂා වලට. (ස)
පැරදුනු මහින්දගේ තක්කඩි ගෝලයෝ රණවිරුවන් බිල්ලට දීල අයෙත් ගොඩ එන්න බලනවා. මහින්ද දිනුවේත් , බලයේ හිටියෙත් එයාගේ මහත්මා දේශපාලනය නිසාද එහෙම නැත්නම් කොටියෝයි රණවිරුවොයි විකුනපු නිසාද? (ස)
පහුගිය දවස් 168 තුල කිසිම රණවිරුවකුට විරුද්ධව කිසිම කරදරයක් වුනේ නැහැ, කානු සුද්දකරන්න යවන එක නවත්ත්වලා තියෙනවා. එච්චරයි ඒ ගැන රණවිරුවෝ නෙවෙයි පවුල් වල අයත් සතුටින් ඉන්නේ. (ස)
දූශිතයන්ගෙන් තොර බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යවමු. (ස)
මහානාම ඔබේ ජනතා නියෝජිතයන් ලෙස පත්වීමට අපේක්ෂා කරන අයගේ හැසිරීමේ හොද කම නිසා තමයි මැතිවරණ උසස් පෙලට බලපෑමක් වෙන්නේ. දියුණු ලෙස සලකන රට වල මැතිවරණයක් තිබෙන බව පිටතින් දැනගන්නවත් හැකියාවක් නැහැ. ඔබ වැනි අයට ඕනේ හිටපු පාලකයා ගෙනත් අයෙත් මෙරට කොලනියක් කරන්න මිසක් දියුණු කරන්න නෙවෙයි නේ. (නදී)
බයියනේ සතුටුවෙයල්ලා උඹලටත් ඕනෙ රාජපක්ෂ පවුල සැප ගන්නවා බලන්නනේ.. ඔන්න එතුමා ජනාධිපති නොවී ජනාදිපති කෙනෙක්ටත් වඩා සැපට ඉන්නවා. තව ඕනෙනන් ඉතින් එතුමා ඔය පාවිච්චි කරන වාහන වල ෆොටෝ දෙක තුනක් ගෙදර බිත්තියේ එල්ලලා පුද පූජා කරපල්ලා. රජතුමාගේ වාහනනේ.. අනික උඹලා අපි කවදා ඕවා ගන්නද? (නදී)
මහින්ද මහත්තයාගේ පැත්තේ ඉන්න පළාත් සබා මන්ත්‍රී කෙනෙක් පැහැදිලිව කියල තියෙනවා එජාපය පැරද්දුවට පස්සේ දැනට අල්ලස් දුෂණ සම්බන්ද පොලිස් නිලදාරීන්ට කරන දෙය. (නදී)
කේ පි ට එදා තිබුන බලය නිසා ජාත්‍යන්තර වශයෙන් කොටි සංවිදානය යලි ශක්තිමත් කිරීමට හැකියාව තිබුන. අද මේ මෛත්‍රීගේ ආණ්ඩුව කේ පි ගේ තටු කපල නිසා කොටි සංවිදානයේ ජාත්‍යන්තර කටයුතු අඩපන වෙලා. ඒ විතරක් නෙමෙයි මේ ගොල්ල මේ දැන් අල්ලස් දුෂණ එකට ගෙන්නන විදිහට එක්කෙනෙකුටවත් පොඩි කොමිස් මුදලක් දීල කොන්ත්‍රාත්තුවක් ලබා ගන්න තියෙන හැකියාව නැතිවෙනවා. කොමිස් එකක් දීල හරි කොන්ත්‍රාත්තුවක් ලබා ගන්න පුළුවන්කම නිසා මේ රටේ කීදෙනෙක් කෙටි කාලයකදී පොහොසතුන් උනාදා? රටේ පොහිසතුන් වැඩි වෙන එක රටට යහපතක් නේද?(නදී)
මහානාම, නිකන් බොරු කියවන්නේ නැතුව ඉන්නවද? ඔය විදිහට රණවිරුවෝ හිරේට යවන්න ඕනනම් මේ පාර්ලිමතුවෙන් ඒක ක කරන්න තිබ්බනේ.(නදී)
මෛත්‍රී මහත්තයේගේ මුළු පව්ලම හොද බෞද්ධ. ඒ හින්ද මේගොල්ලෝ කවදාවත් මාලිගාව ලඟ කාර් රේස් තියනවා වගේ වැඩ කරනවා තියා හිතන්නෙවත් නැහැ. හරි නම් මේ රටේ සුළු ජාතික ජන කොටස් තෝරා ගන්න ඕනේ වෙනත් ආගමක බිරිදක් ඉන්න නායකයෙක්.(නදී)
බොහොම හරි චමිලා යුද්ද කාලෙදි සෙනරත් මහතා නෝනා එක්ක කොහෙද දන්නේ නැහැ හිටියේ. කොහොමද දන්නේ නැහැ ඇමෙරිකාවේ ඉදන් මෙහෙ ඡන්දෙට රෙජිස්ටර් වුනේ? මේ ගිය සුමානේ නේද ඡන්ද කොළ ආවේ. ඒකත් පුරවල ද දන්නේ නැහැ නෝනා එක්ක ඇමෙරිකා ගියේ ? (නදී)
කරුණාකර උසස් පෙළ විභාගය අවසන් වූ පසුව ඡන්දය තියන ලෙස ඉල්ලා සිටිමි (බ)
අනේ අපි හැමෝම උගත් රටට ආදරේ මිනිස්සු ටිකක් යවමු පාර්ලිමේන්තුවට. අපි දැන් දැක්කනේ මේ රටේ ඇමතිලා රටේ දියුණුවට කරපු වැඩ. ඒවා බලල මේ සැරේවත් අලුත් දෙයක් කරන්න උවමනාව තියෙන කට්ටියක්ව යවමු. යල්පැනගිය අදහස් තියන මෙලෝ වැඩක් නොකරපු අයව ගෙදර යවමු. දැන් ඇති. (බ)
උසස් පෙළ අගෝස්තුවේ තියෙනව කියා දන්නේ නැද්ද ?(නදී)
ඔබේ පරම යුතුකම ජාතික ආණ්ඩුවක් සදහා කැපකරන්න. (නදී)
මෙවර මහ මැතිවරණයෙදි යු.එන්.පී එක නියතව ජය ලබනවා (නදී)
අටවත් පාස් නැති උදවිය ඔතනට යවන අපිම තමයි පස්සේ කෑ ගහන්නේ.රට ඉවර කරනවා කියලා. මේ ගමනවත් ඉගෙනගත්තු මිනිස්සු ටිකක් ඔතනට යවමු. (නදී)
අනිවාර්යෙන්ම දෙපැත්ත කන, එහෙට මෙහෙට පනින ඔක්කොම ගෙදරට කරන්ඩ හොදම වෙලාව. වයසක කට්ටියව නම් අනිවාර්ය විශ්‍රාම යැවිය යුතුයි. ලන්කා ඉතිහාසයේ ඩඩ්ලි සේනානායකට පසුව රටට ආදරය කරන කිසිම ඇමති කෙනෙක් ඇවිත් නැහැ. තාත්තගෙන් පුතාට එන දේශපාලනයත් අයින් කල යුතුයි. හිටපු ක්‍රීඩකයො, කලාකාරයො ගෙදරට කරමු. අට පාස් ඇමතිලත් එපා. (නදී)
අසාර්ථක වූ රනිල්ගේ ආණ්ඩුව ගෙදර යැවීමට අවස්ථාවක් දීම ගැන ජනාධිපති තුමාට ස්තුතියි. මහින්ද මැතිතුමනි... ආපස්සට ගිය රට නැවත ගොඩ නගමු (නදී)
ඔන්න, කුඩු එතනෝල් කාරයෝ දුෂකයෝ වගේම නාමල්, සනත්, පබා වගේ කිසිම වැඩක් නැති අය බැසිල් වගේ සහෝදර හොරුත් එලවන්න කාලය ඇවිත්. බුද්ධිමත්ව ඡන්දෙ දෙන්න (නදී)
මහානාම මහත්තයෝ, අපේ මෝඩ මිනිස්සුන්ට රට ගැන අවබෝදයක් නැති එක ගැන දුක් වෙමු. මොනාහරි සිදුවන්න කලින් කීවට තේරුම් ගන්න බැහැ .අත්විදින්නම ඕනි. (නදී)