(අංජුල මහික වීරරත්න)
මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව පහත පත් කිරීම් කර තිබේ.
දැනට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එච්. සී. ඩී. එල්. සිල්වා මහතා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු වශයෙන් පත් කිරීම.
දැනට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස සේවය කරනු ලබන ආර්. එම්. පී. රත්නායක මහතා 2024-11-06 දින විශ්‍රාම ලැබීමෙන් අනතුරුව පුරප්පාඩු වන එම තනතුර සඳහා දැනට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඩී. ඒ. පී. අබේසේකර මහතා පත් කිරීම.
එච්.සී.ඩී. එල්.සිල්වා මහතා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු වශයෙන් පත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා දැනට රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඒ. එන්. හපුගල මහතා පත් කිරීම.
දැනට ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එන්. එස්.එම්.පී.රංජිත් මහතා එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත් කිරීම.
දැනට පුරප්පාඩුව පවතින ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ජේ. එම්. එස්. ඩී. රත්නායක මහත්මිය පත් කිරීම.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහා භාණ්ඩාගාරයට ඉහළ නිලතල පත් කරයි
රම්බොඩ Tuesday, 22 October 2024 11:07 AM
භාණ්ඩාගාරය හිස් කරගන්නෙ නැතිව ඕන දෙයක්. ඒක බොහොම අමාරුවෙන්ගොඩ දාලා තියෙන්නේ . කොරෝනා උවදුර තමයි ප්‍රධාන හේතුව වුණේ. හරි ආදායම් නැතිව අරක මේක නිකම් දෙන්න ගියොත් භාණ්ඩාගාරය හිස් වෙලා ප්‍රශ්න වැලක් මතු වෙයි.