ජපානයේ පැවැත්වෙන ජී 7 සමුළුවට සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (26) පෙරවරුවේ දකුණු ජපානයේ නගෝයා ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එරටට ළඟාවිය.
ජනපති ඇතුළු දූත පිරිස එරට විදේශ අමාත්‍ය යෝජි මුතෝ දිස්ත‍්‍රික් ආණ්ඩුකාර හිදේකි ඔමුරා ඇතුළු එරට නියෝජිත පිරිසක් විසින් එහිදී මහත් හරසරින් පිළිගනු ලැබූහ.
ජනපති අද පස්වරුවේ වියට්නාම අග‍්‍රාමාත්‍යවරයා න්ගුයෙන් ක්ග්ෂූවාන් සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඔහුද මෙම සමුළුවට ආරාධනා ලැබ සිටී.
ශ‍්‍රී ලංකාවට ආර්ථික ප‍්‍රතිලාභ රැසක් අත් කරගැනීමේ අපේක්ෂාවෙන් ජපාන ශ‍්‍රී ලංකා ද්විපාර්ශවික සාකච්ඡා ජී7 සමුළුව අතරතුර පැවැත්වීමටද නියමිතය.
ලොම ප්‍රධානතම කාර්මික රටවල් වන කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එංගලන්තය, ඇමරිකාව හා යුරෝපා සංගමය ජී හත රටවල් නියෝජනය කරයි. එම සමුළුවේ ආරාධිතයෙක් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වේ.
මෙවර ජපානයේ පැවැත්වෙනුයේ එම සංගමයේ 42 වැනි සමුළුවයි. ජී7 සමුළු ඉතිහාසයේ ශ්‍රී ලංකා ජනපතිවරයකුට ආරාධනා කළ මුල්ම අවස්ථාව මෙය වේ.
ජගත් ආර්ථිකය හා වෙළඳාම, විදේශ පිළිවෙත, දේශගුණ විපර්යාස හා බලශක්තිය සංවර්ධනය, ගුණාත්මක යටිතල පහසුකම් ආයෝජනය, සෞඛ්‍ය හා කාන්තාවන් යන මාතෘකා මෙම සමුළුවේ න්‍යායපත්‍රයට ඇතුළත්ව තිබේ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්වරුනි ,නෝනාවරුනි ,ප්‍රසාදය කන්නද ? ශ්‍රී ලංකාව සෑම අතින්ම ආපස්සට ගමන් කරයි ශ්‍රී ලංකාවේ ඉදිරි පරම්පරාවේ අනාගතය අවිනිශ්චිතයි (බ)
අපේ රට ආපස්සට හරවපු සමහර අය තමයි සමුළුවට ආරාධනා කරන්නෙත්, ඇවිල්ල ඉන්නෙත්. (බ)
බල්ලෝ බිරුවත් තවලම ඉදිරියටම! (නි)
අපි නිදහස ලැබූ දා සිට රටවල් සමඟ අත්සන් කළ ද්විපාර්ශවික ගිවිසුම් හරියට ක්‍රියාත්මක වුණා නම් ඔය ඔබාමාලා, කැමරන්ලා, ඇන්ජලා මාර්කල්ලා, පුටින්ලා සහ ඩෙන් ශියාලා මෙලහකට අපි ළඟ දණින් වැටිලා ණය ඉල්ලනවා සිකුරටම. (නි)
ඔබ ලංකාවට ආඩම්බරයක් (නි)
මොනවා කියන්නද කියලා මට නම් හිතාගන්නත් අමාරුයි (නි)
අපේ රටට ඔබ වැනි ජනපති කෙනෙක් ලැබුනේ රටේම වාසනාවට (නි)
දැන් ඉතින් කට්ටිය කියයි රට පාවා දෙන්න ගියා කියල (බ)
කවුරු ඉරිසියාවෙන් පිපුරුවත්, මෙසේ ඇරයුම් ලැබීම සහ එම සමුළුවට සහභාගිවීමට ලැබීම මෛත්‍රී මහත්තය ට පමණක් නොව, අපේ රටටත් ඉමහත් ගෞරවයක්. (බ)
ඔබට සුබ පැතුම් ජනාධිපතිතුමනි! (නි)
මොනව කරන්නද ,ලෝක බලවතුන් එක්ක ,තවම මේ පොඩි රට හදා ගන්න බැහැ,පාරක් අතුගා ගන්න බෑ, කාණුවක් ශුද්ද කරගන්න බැහැ (බ)
අපේ රට ගොඩගන්න ධෛර්ය ලැබේවා! (නි)
සුනිල් ඔයාට බැරිද රට බාරගන්න මහින්ද එක්ක එකතු වෙලා (අ)
මෝඩයන්ට බෙහෙත් නැහැ ඉරිසියාව අත්හැරපල්ලා ලෝක බලවතු ඉදිරියේ අපේ රට ඉන්න එක මොනතරම් වාසනාවක්ද (අ)
අල්මේදා එතුමා එනකම් ඔය වැඩ ටික කරලා දාන්න . (අ)
සමුළු ගණනාවකට ගියත් රටට වැඩක් වුණේ නැහැනේ. අර හොරාකෑවා කියපු කෙනා කළ දේවලුත් අභාවයට යන බවකුයි පෙනෙන්න තියෙන්නේ (නි)
ගොඩක් සතුටුයි.(හේ)
මහජන ඡන්දෙන් පැරදුන අයට පස්ස දොරෙන් ඇමතිකම් දුන්න හැටිත් අසයිද දන්නේ නැහැ. දැන් ඒ නඩුත් විසිවෙලානේ. මහින්දටවත් බැරිවුණ වැඩක් ඒක. (නි)
අපට මෙහිදි වැදගත් ප්‍රතිඵල රැසක් ලබා ගැනීමට හැකියාව ලැබෙයි.(ෆහ්)
පිරිසිදුවට ජීවත් වෙන හැටි අපි ඉස්කෝලෙදි ඉගෙනගත්තා. සුනිල් අල්මේදා මහත්තයෝ ඔයාගේ කානුව හිර වෙලානම් , ඕයා තම දන්නේ නැත්තම් කොහොමද ගෙයක් , දොරක් අතුගාලා පිරිසිදුවට තියාගන්න විදිහ .. මේක ඕයා ගිය ඉස්කෝලේ වරදක්. අපේ රට මුඩුක්කුවක් බවට පත්වෙලා තියෙන්නේ ඔයාල වගේ මිනිස්සු නිසා . ! (අ)
අනේ අල්මේදා, ඔයාගේ මොළේ තරම ලෝකයාට පෙන්නන්න එපා. ස්වාසිලන්තේ හොඳද? (නි)
පුද්ගලයින් වෙනස්වූ පමණින් රටක් ලෝකය ඉදිරියේ බලවතෙකු වේද? (නි)
ලොකුවට අදහස් දාලා තියන අය ජපානේ කොහොමද දියුණුවුණේ කියලා හොයලා බලන්න (නි)
හැම දෙයක්ම රජයම කරනකම් බලාගෙන ඉන්න එපා. තම තමන් තමන්ගේ දේවල් හරියට කළාම රටම ලස්සන වෙයි (නි)
සුනිල් අල්මේදා හරි. (නි)
සරල වෙනවා කියලා ඕනෑවට වඩා පහළට ගියාමත් පිළිගැනීම නැතුව යනවා. අපිට කියලා ආවේණික ජාතික ඇදුමක් තියනවනේ. එ්ක අැන්ඳා නම් හොඳ නැද්ද? රටක් නියෝජනය කරන නායකයෙක් නිසා පිළිවෙලක් තියෙන්න ඕනෑ. (නි)
සමහරුන්ගේ අදහස් දකිනකොට අපිට ඇතිවෙන්නේ දුකක්, කළකිරීමක් (නි)
ඔයාල දෙන්නා ගහගන්න එපා. ජනාධිපතිතුමා ජපානෙත් ඇවිදලා මොනවා හරි එකතු කරගන එයිනේ.....(බ)
ජාත්‍යන්තරයේ පිළිගැනීම ලැබූ පමණින් රටක සංවර්ධනයටවත් රටේ ඉදිරි ගමනටවත් ලැබෙන දෙයක් නැත. අවශ්‍ය වන්නේ දූරදර්ශී නායකත්වයත් ගැළපෙන වැඩපිළිවෙලකුත් පමණයි. මාස 18 ගෙවුණත් එවැනි දෙයක සලකුණක්වත් නැත.. (නි)
රත්න වගේ කඩේ යන අය නිසා අපේ රටට මෙහෙම විනාශයක් වුනේ අද රණවිරුවෝ ගැරහීම් වලට ලක් වෙලා (බ)
සුනිල් අල්මේදා, ඔයානම් පුදුම සර්ව අසුභ වාදී පුද්ගලයෙක්, ජනාධිපති තුමාගේ සහභාගීත්වය රටටත් ජනතාවටත් ගෞරවයක්. (අ)
අපිට ආඩම්බරයි (බ)
මොනවද දැන් බලවතුන්ගෙන් අපිට ලැබිල තියෙන්නේ? අවුරුදු ගානක් සමුළුවලට ගිහින්? අපරාදේ කාලේ ? (බ)
මේ දේවල් දකින කොට ගොඩක් සතුටුයි. අපේ නායකයාට ලෝක බලවතුන්ගේ ප්‍රසාදය හිමිවෙනකොට.(හේ)
මෛත්‍රී සහභාගී වෙන්නේ ජී 7 සමුළුවට නෙමෙයි. අපි ජී 7 කණ්ඩායමේ රටක් නෙමෙයි. මේ සමුළුවට සමගාමීව තවත් රටවල් කිහිපයක් එක්ක තියෙන සුහද හමුවකටයි ආරාධනා ලැබිලා තියෙන්නේ (බ)
එතකොට ඔය මහබලවත් අය කොල බලාගෙනද ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ. (බ)