IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


මහ බලවතුන් සමඟ මෛත්‍රී කරට කර

ජපානයේ පැවැත්වෙන ජී 7 සමුළුවට සහභාගීවීමට දිවයිනෙන්  පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (26) පෙරවරුවේ  දකුණු ජපානයේ නගෝයා ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එරටට ළඟාවිය.

ජනපති ඇතුළු දූත පිරිස එරට විදේශ අමාත්‍ය යෝජි මුතෝ දිස්ත‍්‍රික් ආණ්ඩුකාර හිදේකි ඔමුරා ඇතුළු එරට නියෝජිත පිරිසක් විසින් එහිදී මහත් හරසරින් පිළිගනු ලැබූහ.

ජනපති අද පස්වරුවේ වියට්නාම අග‍්‍රාමාත්‍යවරයා න්ගුයෙන් ක්ග්ෂූවාන් සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඔහුද මෙම සමුළුවට ආරාධනා ලැබ සිටී.

ශ‍්‍රී ලංකාවට ආර්ථික ප‍්‍රතිලාභ රැසක් අත් කරගැනීමේ අපේක්ෂාවෙන් ජපාන ශ‍්‍රී ලංකා ද්විපාර්ශවික සාකච්ඡා ජී7 සමුළුව අතරතුර පැවැත්වීමටද නියමිතය.

ලොම ප්‍රධානතම කාර්මික රටවල් වන කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එංගලන්තය, ඇමරිකාව හා යුරෝපා සංගමය ජී හත රටවල් නියෝජනය කරයි. එම සමුළුවේ ආරාධිතයෙක් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  සහභාගී වේ.

මෙවර ජපානයේ පැවැත්වෙනුයේ එම සංගමයේ 42 වැනි සමුළුවයි. ජී7 සමුළු ඉතිහාසයේ ශ්‍රී ලංකා ජනපතිවරයකුට ආරාධනා කළ මුල්ම අවස්ථාව මෙය වේ.

ජගත් ආර්ථිකය හා වෙළඳාම, විදේශ පිළිවෙත, දේශගුණ විපර්යාස හා බලශක්තිය සංවර්ධනය, ගුණාත්මක යටිතල පහසුකම් ආයෝජනය, සෞඛ්‍ය හා කාන්තාවන් යන මාතෘකා මෙම සමුළුවේ න්‍යායපත්‍රයට ඇතුළත්ව තිබේ.

01-Welcome-by-two-Children’s 03-Welcome-by--Hon.Hideaki---Oomura,-Governor--of-Aichi-Prefecture msatjapan_2016526 msatjapan_20165262

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

 



අදහස් (0)

මහ බලවතුන් සමඟ මෛත්‍රී කරට කර

ප්‍රනාන්දු පැරිස් Thursday, 26 May 2016 02:27 PM

මහත්වරුනි ,නෝනාවරුනි ,ප්‍රසාදය කන්නද ? ශ්‍රී ලංකාව සෑම අතින්ම ආපස්සට ගමන් කරයි ශ්‍රී ලංකාවේ ඉදිරි පරම්පරාවේ අනාගතය අවිනිශ්චිතයි (බ)

:       0       0

නාමල් Thursday, 26 May 2016 04:15 PM

අපේ රට ආපස්සට හරවපු සමහර අය තමයි සමුළුවට ආරාධනා කරන්නෙත්, ඇවිල්ල ඉන්නෙත්. (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 May 2016 07:14 AM

බල්ලෝ බිරුවත් තවලම ඉදිරියටම! (නි)

:       0       0

සේනක Thursday, 26 May 2016 06:11 PM

අපි නිදහස ලැබූ දා සිට රටවල් සමඟ අත්සන් කළ ද්විපාර්ශවික ගිවිසුම් හරියට ක්‍රියාත්මක වුණා නම් ඔය ඔබාමාලා, කැමරන්ලා, ඇන්ජලා මාර්කල්ලා, පුටින්ලා සහ ඩෙන් ශියාලා මෙලහකට අපි ළඟ දණින් වැටිලා ණය ඉල්ලනවා සිකුරටම. (නි)

:       0       0

ආරච්චි Thursday, 26 May 2016 07:15 AM

ඔබ ලංකාවට ආඩම්බරයක් (නි)

:       0       0

යසෝධරා Thursday, 26 May 2016 07:11 PM

මොනවා කියන්නද කියලා මට නම් හිතාගන්නත් අමාරුයි (නි)

:       0       0

රිෂාඩ් Thursday, 26 May 2016 07:22 PM

අපේ රටට ඔබ වැනි ජනපති කෙනෙක් ලැබුනේ රටේම වාසනාවට (නි)

:       0       0

චමල් Thursday, 26 May 2016 07:47 AM

දැන් ඉතින් කට්ටිය කියයි රට පාවා දෙන්න ගියා කියල (බ)

:       0       0

නන්ද Thursday, 26 May 2016 07:56 AM

කවුරු ඉරිසියාවෙන් පිපුරුවත්, මෙසේ ඇරයුම් ලැබීම සහ එම සමුළුවට සහභාගිවීමට ලැබීම මෛත්‍රී මහත්තය ට පමණක් නොව, අපේ රටටත් ඉමහත් ගෞරවයක්. (බ)

:       0       0

විජේ Thursday, 26 May 2016 08:24 PM

ඔබට සුබ පැතුම් ජනාධිපතිතුමනි! (නි)

:       0       0

සුනිල් අල්මේදා Thursday, 26 May 2016 07:59 AM

මොනව කරන්නද ,ලෝක බලවතුන් එක්ක ,තවම මේ පොඩි රට හදා ගන්න බැහැ,පාරක් අතුගා ගන්න බෑ, කාණුවක් ශුද්ද කරගන්න බැහැ (බ)

:       0       0

රුවන් Thursday, 26 May 2016 08:08 AM

අපේ රට ගොඩගන්න ධෛර්ය ලැබේවා! (නි)

:       0       0

නිහාල් Thursday, 26 May 2016 08:18 AM

සුනිල් ඔයාට බැරිද රට බාරගන්න මහින්ද එක්ක එකතු වෙලා (අ)

:       0       0

මංගල වේලාරත්න Thursday, 26 May 2016 08:20 AM

මෝඩයන්ට බෙහෙත් නැහැ ඉරිසියාව අත්හැරපල්ලා ලෝක බලවතු ඉදිරියේ අපේ රට ඉන්න එක මොනතරම් වාසනාවක්ද (අ)

:       0       0

මංජු Thursday, 26 May 2016 08:21 AM

අල්මේදා එතුමා එනකම් ඔය වැඩ ටික කරලා දාන්න . (අ)

:       0       0

ශානක Friday, 27 May 2016 12:42 AM

සමුළු ගණනාවකට ගියත් රටට වැඩක් වුණේ නැහැනේ. අර හොරාකෑවා කියපු කෙනා කළ දේවලුත් අභාවයට යන බවකුයි පෙනෙන්න තියෙන්නේ (නි)

:       0       0

රන්දික Thursday, 26 May 2016 08:24 AM

ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

දිනේෂ් Friday, 27 May 2016 12:47 AM

මහජන ඡන්දෙන් පැරදුන අයට පස්ස දොරෙන් ඇමතිකම් දුන්න හැටිත් අසයිද දන්නේ නැහැ. දැන් ඒ නඩුත් විසිවෙලානේ. මහින්දටවත් බැරිවුණ වැඩක් ඒක. (නි)

:       0       0

තිලක් Thursday, 26 May 2016 08:24 AM

අපට මෙහිදි වැදගත් ප්‍රතිඵල රැසක් ලබා ගැනීමට හැකියාව ලැබෙයි.(ෆහ්)

:       0       0

රත්න Thursday, 26 May 2016 08:46 AM

පිරිසිදුවට ජීවත් වෙන හැටි අපි ඉස්කෝලෙදි ඉගෙනගත්තා. සුනිල් අල්මේදා මහත්තයෝ ඔයාගේ කානුව හිර වෙලානම් , ඕයා තම දන්නේ නැත්තම් කොහොමද ගෙයක් , දොරක් අතුගාලා පිරිසිදුවට තියාගන්න විදිහ .. මේක ඕයා ගිය ඉස්කෝලේ වරදක්. අපේ රට මුඩුක්කුවක් බවට පත්වෙලා තියෙන්නේ ඔයාල වගේ මිනිස්සු නිසා . ! (අ)

:       0       0

රුවන් Thursday, 26 May 2016 09:02 AM

අනේ අල්මේදා, ඔයාගේ මොළේ තරම ලෝකයාට පෙන්නන්න එපා. ස්වාසිලන්තේ හොඳද? (නි)

:       0       0

දුමින්ද Thursday, 26 May 2016 09:11 AM

පුද්ගලයින් වෙනස්වූ පමණින් රටක් ලෝකය ඉදිරියේ බලවතෙකු වේද? (නි)

:       0       0

විරාජ් Friday, 27 May 2016 02:43 AM

ලොකුවට අදහස් දාලා තියන අය ජපානේ කොහොමද දියුණුවුණේ කියලා හොයලා බලන්න (නි)

:       0       0

රත්නායක Thursday, 26 May 2016 09:09 AM

හැම දෙයක්ම රජයම කරනකම් බලාගෙන ඉන්න එපා. තම තමන් තමන්ගේ දේවල් හරියට කළාම රටම ලස්සන වෙයි (නි)

:       0       0

සුදේශ් Thursday, 26 May 2016 09:12 AM

සුනිල් අල්මේදා හරි. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 26 May 2016 09:16 AM

සරල වෙනවා කියලා ඕනෑවට වඩා පහළට ගියාමත් පිළිගැනීම නැතුව යනවා. අපිට කියලා ආවේණික ජාතික ඇදුමක් තියනවනේ. එ්ක අැන්ඳා නම් හොඳ නැද්ද? රටක් නියෝජනය කරන නායකයෙක් නිසා පිළිවෙලක් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

එරන්දිකා Thursday, 26 May 2016 09:29 AM

සමහරුන්ගේ අදහස් දකිනකොට අපිට ඇතිවෙන්නේ දුකක්, කළකිරීමක් (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 26 May 2016 09:38 AM

ඔයාල දෙන්නා ගහගන්න එපා. ජනාධිපතිතුමා ජපානෙත් ඇවිදලා මොනවා හරි එකතු කරගන එයිනේ.....(බ)

:       0       0

තිළිණ Friday, 27 May 2016 03:58 AM

ජාත්‍යන්තරයේ පිළිගැනීම ලැබූ පමණින් රටක සංවර්ධනයටවත් රටේ ඉදිරි ගමනටවත් ලැබෙන දෙයක් නැත. අවශ්‍ය වන්නේ දූරදර්ශී නායකත්වයත් ගැළපෙන වැඩපිළිවෙලකුත් පමණයි. මාස 18 ගෙවුණත් එවැනි දෙයක සලකුණක්වත් නැත.. (නි)

:       0       0

ගාමිණී Thursday, 26 May 2016 10:00 AM

රත්න වගේ කඩේ යන අය නිසා අපේ රටට මෙහෙම විනාශයක් වුනේ අද රණවිරුවෝ ගැරහීම් වලට ලක් වෙලා (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 26 May 2016 10:45 AM

සුනිල් අල්මේදා, ඔයානම් පුදුම සර්ව අසුභ වාදී පුද්ගලයෙක්, ජනාධිපති තුමාගේ සහභාගීත්වය රටටත් ජනතාවටත් ගෞරවයක්. (අ)

:       0       0

ශෂී Thursday, 26 May 2016 11:43 AM

අපිට ආඩම්බරයි (බ)

:       0       0

විල්ෆ්‍රඩ් සිරිවර්ධන Thursday, 26 May 2016 11:47 AM

මොනවද දැන් බලවතුන්ගෙන් අපිට ලැබිල තියෙන්නේ? අවුරුදු ගානක් සමුළුවලට ගිහින්? අපරාදේ කාලේ ? (බ)

:       0       0

ලක්මාල් Thursday, 26 May 2016 12:03 PM

මේ දේවල් දකින කොට ගොඩක් සතුටුයි. අපේ නායකයාට ලෝක බලවතුන්ගේ ප්‍රසාදය හිමිවෙනකොට.(හේ)

:       0       0

දහම් Thursday, 26 May 2016 12:45 PM

මෛත්‍රී සහභාගී වෙන්නේ ජී 7 සමුළුවට නෙමෙයි. අපි ජී 7 කණ්ඩායමේ රටක් නෙමෙයි. මේ සමුළුවට සමගාමීව තවත් රටවල් කිහිපයක් එක්ක තියෙන සුහද හමුවකටයි ආරාධනා ලැබිලා තියෙන්නේ (බ)

:       0       0

ඉඳුනිල් Thursday, 26 May 2016 12:47 PM

එතකොට ඔය මහබලවත් අය කොල බලාගෙනද ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 509 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site