ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් ඔහු මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබන බවත් එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ බව අනාවරණය වූ විගස වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා පියවර ගත් බව ද එම බැංකුව කියයි.
මූලස්ථාන පරිශ්‍රය පූර්ණ හා දැඩි විෂබීජහරණයකට ලක් කළ බවත් වයිරස ආසාදිතයාගේ සමීපතමයන් පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එම පරීක්ෂණවලට අනුව වෙනත් කිසිඳු නිලධාරියකුට වයිරසය ආසාදනය වී නැතැයි ද එම බැංකුව කියයි.
කෙසේ නමුත් පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස වයිරස ආසාධිතයා හමු වූ දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සියලු දෙනා නොවැම්බර් 20 වැනිදා සිට සති දෙකක කාලයක් යනතුරු නිවසේ සිට සේවා සපයන බව මහ බැංකුව කියයි.
- 055
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මහ බැංකුවේ සේවකයකුට කොරෝනා