
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කාර්යාල සහායක පංතිය (111) සේවකයකුගේ වැටුප නව වැටුප් වර්ධකයට පසු පසු දෙලක්ෂ විසිතුන් දහස් හත්සිය හැට තුනක් දක්වා ඉහළ ගොස් ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (6) පාර්ලිමේන්තුවේ සභාගත කළ පිළිතුරක සඳහන් වේ.
ඒ අනුව එම කාර්යාල සහායක සේවකයකුගේ වැටුප රුපියල් 59129කින් වැඩි වී ඇත.
මේ අතර ශ්‍රී ලංකා මහා බැංකුවේ මාණ්ඩලික පන්තියේ නියෝජ්‍ය අධිපතිවරයකුගේ දළ වැටුප 2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුප් වර්ධකයට පසු රුපියල් දාහත් ලක්ෂ විසි අටදහස් හාරසිය දහනවයක් දක්වා වැඩි වන බව එහි සඳහන් වේ.
ඒ අනුව නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ වැටුප් වැඩිවීම රුපියල් හත් ලක්ෂ පනස් එක් දහස් හත්සිය පනස් හතකි. නියෝජ්‍යාධිපතිවරයෙකුට 2024 සාමූහික ගිවිසුමට පෙර පැවති දළ වැටුප වූයේ රුපියල් නවලක්ෂ හැත්තෑ හයදහස් හයසිය හැට දෙකකි.
මාණ්ඩලික පන්තියේ විශේෂ ශ්‍රේණියේ සහකාර අධිපතිවරයෙකුගේ 2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුම් වර්ධනයට පසු දළ වැටුප දොළොස් ලක්ෂ හැට හත්දහස් එකසිය හැත්තෑවකි
එම ගිවිසුමට පෙර ඔවුන්ගේ දළ වැටුප වූයේ හත්ලක්ෂ දහසය දහස් හත්සිය හැත්තෑ තුනකි. ඒ අනුව එම නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම පන් ලක්ෂ පනස් දහස් තුන්සිය අනූ හතකි.
එසේම මාණ්ඩලික පන්තිය (IV) නිලධාරියෙකුගේ 2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුම් වර්ධකයට පසු දළ වැටුප දස ලක්ෂ හතළිස් නව දහස් හාරසිය තිහකි.
මාණ්ඩලික පන්තිය (111) (2) ශ්‍රේණියේ නිලධාරියකුගේ වැටුප එම වැටුප් වර්ධකයෙන් පසු අට ලක්ෂ අනූතුන්දහස් දහස් හත්සිය පහකි.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාඅසා තිබූ ප්‍රශ්නයකට අදාළව අගමැතිවරයා මෙම පිළිතුර සභා ගත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පටි තදකර ගන්නම් ... ඔබලා හිතේ හැටියට පටි බුරුල්කරගෙන බඩකට පුරා බෙදාගන්න. කරපු උන් ඔක්කෝටම හෙණම ගහන්න ඕනේ මකබෑවිලා යන්න.
හෙන හතම ගහන්න ඕනේ... නන්දලාල්ට... දැන්වත් යවන්න.
ආණ්ඩුවට කොන්දක් තියෙනවා නම් ඇක්ෂන් එකක් ගන්න ඕනෑ.. ඉක්මණටම.. මහබැංකු ජොබ් කරනවා කියන්නේ UK ,USA ,CANADA , AUS වගේනේ... මාර බෙදාගැනිල්ලක්නේ බෙදාගෙන තියෙන්නේ. නන්දලාල් මරු තමයි.
මොවුන්ටත්, මේ ආණ්ඩුවේ අයටත් හෙණ ගහන්න ඕනේ මේ මහජන මුදල් බෙදාගැනීමට...
මහබැංකුවේ කලමනාකාර සහකාරගේ වැටුප විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකුටත් වඩා වැඩිය.
කාලකන්නින්ට පාරේ යන්න හොඳ නා .හෙන ගහාවි
රටේ මහජනතාව දැඩි ආර්ථික පීඩනයකින් සිටින බව මැති ඇමැතිවරුන්ද දන්නා බව දැන ගත්තේ මහ බැංතවේ වැටුප් වැඩිකරීම පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැති කතාබස්වලින් පමණි. මීටපෙර කිසිඳු මැති ඇමැතිවරයෙකු රටේ ආර්ථික අහේනිය ගැන කතාකළත් ජනතා දුක්වේදනාවන් ගැන කතාකර නොමැත. යමක් ගැන දැනගැනීමට මෙවැනි සිදුවීම්ද උපකාරි වී ඇත. එහෙකම් දැන් අවශ්‍ය වන්නේ රටේ මෙන්ම ජනතාවගේ ජීවනබර සැහැල්ලු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළවල් රජය මගින් ක්‍රියාත්මක කිරීමයි...
එතනත්, පොඩි මිනිහට 67%යි, ලොකු මිනිහට 89%යි. බෙදන හැන්දෙ තරම තමයි....