IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මහ බැංකුව පොලී අනුපාත අඩු කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (21) දින පැවැති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් සියයට 7.75 දක්වා අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සළකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹුණු බව මහ බැංකුව පැවැසුවේය. ලිහිල් කරන ලද මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ගෝලීය අවිනිශ්චිතතා සහ පවතින අවම උද්ධමන බලපෑම් මධ්‍යයේ උද්ධමනය සියයට 5 ක ඉලක්කය කරා ළඟාවීමට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශ්වාසය බව මහ බැංකුව ප්‍රකාශ කළේය.

පුරෝකතනය කළ අයුරින් අවධමන තත්වය පසුගිය මාර්තු මාසයේ සිට ලිහිල්වීමට පටන්ගෙන ඇතැයි මහ බැංකුව පැවැසුවේය. නවතම පුරෝකතනයන්ට අනුව පෙර අපේක්ෂා කළ ආකාරයට වඩා ඉක්මනින් කෙටි කාලීනව උද්ධමනය ක්‍රමයෙන් ඉහළ යාමේ සලකුණු පෙන්නුම් කරන බවද මහ බැංකුව ප්‍රකාශ කළේය. මෙම වසරේ තෙවැනි කාර්තුව මුලදී උද්ධමනය ධන අගයක් ගනු ඇති බවත් ක්‍රමානුකූලව සියයට 5 ඉලක්ක ගත මට්ටමට ළඟා වනු ඇති බවත් මහ බැංකුව පැවැසුවේය.

මෑත කාලීන ප්‍රමුඛ ආර්ථික දර්ශක මගින් දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල තිරසාර ප්‍රගතියක් පෙන්නුම් කරන බවත් කෙසේ නමුත් පසුගිය මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයේ සිට මේ දක්වා, ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ල විය හැකි ගෝලීය අවිනිශ්චිතතා ඉහළ ගොස් තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. මේ අතර බොහෝ වෙළෙඳපොළ පොලී අනුපාත පහළ මට්ටමක ස්ථාවර වෙමින් පවතින බවත් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවත් පහළ දැමීමෙන් වෙළෙඳපොළ පොලී අනුපාත තවත් පහළ යනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය බලාපරොත්තු වන බව මහ බැංකුව පැවැසුවේය.



අදහස් (2)

මහ බැංකුව පොලී අනුපාත අඩු කරයි

වික්‍රම විදුර Thursday, 22 May 2025 02:41 PM

හොරැ කොහෙද හොද දේකට එකඟ වෙන්නෙ. ඌ හොරා කාපුවා වමාරන්න වෙනවානෙ. හිරබත් කන්නත් වෙනවානෙ..

:       0       0

පොඩිඑකා Thursday, 22 May 2025 02:56 PM

මේක අපිට තේරෙන සිංහලෙන් තෝරල දෙන්න පුළුවං කවුරැහරි ඉන්නවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site