(අංජුල මහික වීරරත්න)
බැංකු පොලී අනුපාත අඩු කරන්නැයි ශ්‍රී ලංකා මහා බැංකුව සියලු බැංකු වලට නිර්දේශ කර තිබිය දී බැංකු එම නිර්දේශ පිළිිපදින්නේ නැත්තේ මන්දැයි හිටපු මුදල් අමාත්‍ය එජාප කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා මහා බැංකුව මූල්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් පොලී අනුපාත අඩු කරන්නැයි සියලු බැංකුවලට නිර්දේශ කර තිබෙන බව කී කරුණානායක මහතා මහ බැංකු නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ප්‍රශ්නයක් බවද සඳහන් කළේය.
කොළඹදී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කරුණානායක මහතා මේ බව කීය.
වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ජනාධිපතිවරයා සහ රජය ක්‍රියා කළේ බුද්ධි ගලනයට උත්තරයක් ලෙස බවද කරුණානායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමම දීපු උපදෙස් තවම පිළිපදින නිසා. මම කිව්වානේ අඩු ලන්සු දමන්න එපා කියලා. මෑන් ටිකටික කරළියට එනවා වගේ...
විලි ලැජ්ජාවක් තිබේ නම් මෙයා මහ බැංකුව ගැන කතා කරයිද?
රටකාපු කබ්බ හොරුන්ට ඔයවගේ ප්‍රශ්න අහන්න අයිතියක් තියෙනවාද...?
පරණ හොරු ටිකටික එළියට බහින්නේ... තාම මිනිස්සුන්ට අමතක වෙලා නැහැ...!
මහ බැංකුව කොල්ල කෑවා මදිවට තව කතා කරන්නත් එනවා. නැවතත් කවුද ඔයා කියන ඒවා අහන්නේ.. අලියත් එක්කම අතුගෑවිලා යන්න...
මරු පොරක්, ඔබට මතක නෑ, අපිට අමතක නෑ.. මහ බැංකුව කොල්ලකෑවේ ඔයාලා කියලා...
ඒවා අහන්න ඔබට බලය දුන්නේ කවුද? "අමතකද" ඔබ හොරෙක් කියලා? ආයෙත් ඡන්දෙ හිඟා කන්නද ලැහැස්තිය? අපිත් බලාගෙන ඉන්නේ අපේ ගෙවල්වල ඉන්න මිනීකන බල්ලෝ ලිහාගෙන...
ලෝකෙම හොඳම හිටපු මුදල් ඇමතිතුමෝ, නිර්දේශ කියන දේවල් ක්‍රියාත්මක කරන්න කව්රුත් බැඳිලා නෑ. මොකද ඒවා නියෝග හෝ නීති නොවන නිසා. ශ්‍රී ලංකා මහා බැංකුවත් නියෝග හැටියට නොදී නිර්දේශ කර කර ජනතාව කඩේ අරිනවා !!!
ඔයා නිසා රනිල් ආපහු කෙලවගනී වගේ.
බැංකු නීති සහ හැසිරීම් ගැන කතා කරන බැංකු හොරෙක්.
ජනාධිපති කියන දෙයක් කනකට ගන්නේ නැති ඇමති මණ්ඩලයක් ඉන්න රටේ මහබැංකුව කියන දෙයක් බැංකු කාරයෝ අහයිද ?ඒගොල්ලොත් වැලේ වැල් නැතුව ඉන්නේ
මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. මහා බැංකුව ට කියන්න පුළුවන්. ඒ උනාට වෙළඳපොලේ කටයුතු කරන්නේ වාණිජ බැංකු. පොලිය තීරණය වෙන්නේ එතන.
බැංකු හොරුන්ට තව මාස 7යි...!