(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි ලබාදීම සඳහා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හෙට (04) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත.
බැඳුම්කර කොමිසම ඔහුගෙන් සාක්කි ලබාගැනීමට තීරණය කර ඇති නිසා සාක්කි දීමට ඔහු මෙලෙස කොමිසම හමුවට කැඳවා තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් මේ කොමිසම ගැන කිසිම විශ්වාසයක් නැත. හරි නම් දැනට තිබෙන සාක්ෂි මත අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට අරගෙන නඩු පවරන්න නියෝග කරන්න පුළුවන්. මේ ගොල්ල දැන් අවුරුද්දක විතර ඉඳන් අඳුරේ අතපත ගානවා. හොරු අල්ල ගන්න කිසිම අවශ්‍යතාවයක් නැත.