දූෂණ හා අකාර්යක්ෂම පාලනය ඇතැයි කියන ප්‍රධාන පෙලේ මූල්‍ය ආයතන ගැන සෙවීමට විශේෂ කොමිසමක් පත් කිරීමට යයි.
ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව, කොටස් වෙළෙඳපොළ හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එම ආයතන අතර වේ.
පසුගිය රජයේ දූෂණ සෙවීමට විශේෂ කොමිසමක් පත් කළ යුතු යැයි වික්‍රමසිංහ මහතා යෝජනා කරයි.
ගලා එන දූෂණ චෝදනා නිසි අංශවලට යොමු කිරීමට 11 පුද්ගල විශේෂ කමිටුවක් පත් කළ යුතු යැයි ඇමැති පාඨලී චම්පික රණවක මහතා යෝජනා කරයි.
ගිය රජයේ ඉහළ නිලධරයනට, ජනාධිපති ලේකම් කාර්යාලයයට, ඇමැතිවරයනට හා වෙනත් බොහෝ දෙනකුට අල්ලස් දූෂණ පැමිණිලි ලැබී ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
ඇමැති මණ්ඩලයේ අවසරයක් නොමැතිව ශ්‍රී ලංකා මහ බැංකුව ඇමෙරිකාවේ මහජන සම්බන්ධතා සමාගම්වල සේවය ලබා ගෙන ඇතැයි ද, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයය ඉදිරිපිට උද්ඝෝෂණයට බැංකුව මුදල් වියදම් කර ඇතැයි ද, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීම සඳහා ට්‍රිනි ඩෑඩ් හා ටොබේගෝ රාජ්‍යයේ අනුමැතිය ලබා ගැනීමට අසාර්ථක උත්සාහයක් ගත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට එහි යෑමට කුලියට ගත් යානයේ බරපැන ගෙවා ඇත්තේ ද ශ්‍රී ලංකා මහ බැංකුව බව කියති.
මේ අතර රජයේ දේශපාලන නියෝජිතයනට නිසි ලියැවිලි නොමැතිව ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් විශාල වශයෙන් මුදල් ණයට දී ඇතැයි ද, මහජන බැංකුවේ සභාපති වූයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් බවට ද පැමිණිලි ලැබී ඇත.
කොටස් වෙළෙඳපොළේ අභ්‍යන්තර ගනුදෙනුවල දී ‘මාෆියාවක්‘ ක්‍රියාත්මක වූ බවට ද පැමිණිලි ලැබී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ උනාට හැම චූදිතයම කියන්නේ 'අපි කිසි වරදක් කළේ නැහැ,අපේ දැත් පිරිසිදුයි ' කියලා!. මිනීමරුවොත් කිව්වේ ඕකම තමයි.(හේ)
කොටස් වෙළෙඳ පොළේ හොර ගනු දෙනු නම් සෙවිය යුතුමය. මගෙත් ලක්ෂ ගානක් නැති උනා (නදී)
මේ ඔක්කොම පැමිණිලි හොයන්න දින 100 නෙමේ මාස 6ක් වත් යාවී. (ර)
මෙය කල යුතුමය. (ර)