IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මහ බැංකු වාර්තාව අදත් නෑ : හිටපු අගවිනිසුරු මාධ්‍යයට දුක් ගැනවිල්ල කියයි

‘‘මට අනාගතයේදී සාධාරණය ඉෂ්ටවේ යැයි මා සිතනවා. මා දේශපාලනඥයෙක් නොවේ. දේශපාලනයට පැමිණීමේ අදහසකුත් නෑ.‘‘ හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය අලුත්කඩේ උසාවිය අසලදී මාධ්‍යවේදීන් අමතමින් එසේ ප්‍රකාශ කළාය.

ඇය මාධ්‍යවේදීන් ඇමතුවේ අල්ලස් කොමිසමෙන් ඇයට පවරා ඇති නඩුව යළිත් කල් තැබීමෙන් පසුවය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ නඩුව විභාග විය. වත්කම් හෙළි නොකළැයි අල්ලස් කොමිසමෙන් මේ නඩුව පවරා ඇත.

 ජාතික සංවර්ධන බැංකුවේ ඇගේ බැංකු ගිණුම්වල සවිස්තරාත්මක පරිගණක තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවක් අද කැඳවා තිබුණත් මහ බැංකුව අධිකරණයේ පෙනී නොසිටියේය. පැමිණිල්ලේ නීතිඥවරයා පැවසූයේ එම තොරතුරු නොමැතිව නඩුව විභාගයට ගන්නා ලෙස නියෝග කරන ලෙසයි.

බණ්ඩරනායක මහත්මියගේ නීතිඥවරුන් කියා සිටියේ එම ඉල්ලීම අධිකරණය හෑල්ලුවට පත් කිරීමේ යෝජනාවක් බවයි. ‘‘එක්කෝ එම වාර්තා නැතිව නඩුව විභාග කළ හැකියි. නැත්නම් එම වාර්තා ඉදිරිපත් කරන ලෙස මහ බැංකුවට නියෝග කළ හැකියි. එසේත් නැතිනම් විත්තිය නිදහස් කළ හැකියි.‘‘

මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන පෙබරවාරි 24 වැනිදාට කල් තබමින් පැවසුවේ එදිනට ශ්‍රී ලංකා මහ බැංකුව එම වාර්තා ඉදිරිපත් කළ යුතු බවයි. එම වාර්තා සැපයීමට රුපියල් හය කෝටි විසි තුන් ලක්ෂ තිස්දහස් හාරසියයක් බැංකුවට වැයවන බවත් අවුරුදු 4 ක් ගතවන බවත් මීට කලින් අධිකරණයට දැන්වීය.

අලුත් කඩේදී මාධ්‍යවේදීන් හමුවී ඇය මෙසේද කීවාය.

‘‘මම 31 වසරක් විනිසුරුවරියක්. 16 වසරක් අග විනිසුරුවරිය. මේ කාලයේ මට කිසිම චෝදනාවක් ඉදිරිපත්වූයේ නැහැ. 2013 ජනවාරි 13 වැනිදා සිට මගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරලා. මට නොයෙකුත් හිරිහැර. මා විනිසුරුකමින් ඉවත් කිරීම නීති විරෝධී බව ජාත්‍යන්තර වාර්තා තුනකින්ම කියනවා. ඒ අනුව තවදුරටත් නීත්‍යනුකූල අගවිනිසුරුවරිය මමයි. මට නොයෙකුත් හිරිහැර කෙනෙහිලිකම් සිද්ධ වුණා‘‘

 

 



අදහස් (0)

මහ බැංකු වාර්තාව අදත් නෑ : හිටපු අගවිනිසුරු මාධ්‍යයට දුක් ගැනවිල්ල කියයි

රොහාන් Wednesday, 17 December 2014 08:56 AM

ඔබතුමියට සාධාරණය ඉක්මනින් ලැබේවා සාධාරණ රටක් බිහිවේවා.(හේ)

:       0       0

සෑම් Wednesday, 17 December 2014 09:26 AM

ඔබතුමිය නැවත කවදා හරි අගවිනිසුරුවරිය වෙනවා. එදාට ඔබට මේ විදියට අඩම්තේට්ටම් කරන සියලුම දෙනාට සමාව දෙනු ඇතැයි සිතමි. පතමි. (හේ)

:       0       0

කීර්ති Wednesday, 17 December 2014 09:51 AM

කවුරු හරි වරදක් කලානම් කවදාහරි ඇත්ත එළිවෙනවා... එදාට ඒවා පල දෙනවා.. එතකොට කවුරුත් නැතිවෙයි බේරගන්න ..(හේ)

:       0       0

සරත් හේවගේ Wednesday, 17 December 2014 10:44 AM

කවුරුත් වැරදි විදියට හිතන්න එපා රටට වෙන හානිය නොසලකා කඩේ ගියාම ඔහොම වෙනවා. (නදී)

:       0       0

කේ ඒ ආර් සම්පත් Wednesday, 17 December 2014 10:48 AM

ඔබතුමිය අනාගතයේ දේශපාලනයට පැමිණ සාදාරන රටක් ගොඩ නගන්න. (නදී)

:       0       0

රණවක Wednesday, 17 December 2014 10:49 AM

මැඩම් දෙවියෝ බුදුන් ඔබට පිහිට වෙනවා (නදී)

:       0       0

දුමිදු Wednesday, 17 December 2014 10:52 AM

ඔබ තුමියට හොද අනාගතයක් තියෙනවා. ලක් මාතාව බේරගන්න ඉදිරිපත් වෙන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site