‘‘මට අනාගතයේදී සාධාරණය ඉෂ්ටවේ යැයි මා සිතනවා. මා දේශපාලනඥයෙක් නොවේ. දේශපාලනයට පැමිණීමේ අදහසකුත් නෑ.‘‘ හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය අලුත්කඩේ උසාවිය අසලදී මාධ්‍යවේදීන් අමතමින් එසේ ප්‍රකාශ කළාය.
ඇය මාධ්‍යවේදීන් ඇමතුවේ අල්ලස් කොමිසමෙන් ඇයට පවරා ඇති නඩුව යළිත් කල් තැබීමෙන් පසුවය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ නඩුව විභාග විය. වත්කම් හෙළි නොකළැයි අල්ලස් කොමිසමෙන් මේ නඩුව පවරා ඇත.
ජාතික සංවර්ධන බැංකුවේ ඇගේ බැංකු ගිණුම්වල සවිස්තරාත්මක පරිගණක තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවක් අද කැඳවා තිබුණත් මහ බැංකුව අධිකරණයේ පෙනී නොසිටියේය. පැමිණිල්ලේ නීතිඥවරයා පැවසූයේ එම තොරතුරු නොමැතිව නඩුව විභාගයට ගන්නා ලෙස නියෝග කරන ලෙසයි.
බණ්ඩරනායක මහත්මියගේ නීතිඥවරුන් කියා සිටියේ එම ඉල්ලීම අධිකරණය හෑල්ලුවට පත් කිරීමේ යෝජනාවක් බවයි. ‘‘එක්කෝ එම වාර්තා නැතිව නඩුව විභාග කළ හැකියි. නැත්නම් එම වාර්තා ඉදිරිපත් කරන ලෙස මහ බැංකුවට නියෝග කළ හැකියි. එසේත් නැතිනම් විත්තිය නිදහස් කළ හැකියි.‘‘
මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන පෙබරවාරි 24 වැනිදාට කල් තබමින් පැවසුවේ එදිනට ශ්‍රී ලංකා මහ බැංකුව එම වාර්තා ඉදිරිපත් කළ යුතු බවයි. එම වාර්තා සැපයීමට රුපියල් හය කෝටි විසි තුන් ලක්ෂ තිස්දහස් හාරසියයක් බැංකුවට වැයවන බවත් අවුරුදු 4 ක් ගතවන බවත් මීට කලින් අධිකරණයට දැන්වීය.
අලුත් කඩේදී මාධ්‍යවේදීන් හමුවී ඇය මෙසේද කීවාය.
‘‘මම 31 වසරක් විනිසුරුවරියක්. 16 වසරක් අග විනිසුරුවරිය. මේ කාලයේ මට කිසිම චෝදනාවක් ඉදිරිපත්වූයේ නැහැ. 2013 ජනවාරි 13 වැනිදා සිට මගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරලා. මට නොයෙකුත් හිරිහැර. මා විනිසුරුකමින් ඉවත් කිරීම නීති විරෝධී බව ජාත්‍යන්තර වාර්තා තුනකින්ම කියනවා. ඒ අනුව තවදුරටත් නීත්‍යනුකූල අගවිනිසුරුවරිය මමයි. මට නොයෙකුත් හිරිහැර කෙනෙහිලිකම් සිද්ධ වුණා‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට සාධාරණය ඉක්මනින් ලැබේවා සාධාරණ රටක් බිහිවේවා.(හේ)
ඔබතුමිය නැවත කවදා හරි අගවිනිසුරුවරිය වෙනවා. එදාට ඔබට මේ විදියට අඩම්තේට්ටම් කරන සියලුම දෙනාට සමාව දෙනු ඇතැයි සිතමි. පතමි. (හේ)
කවුරු හරි වරදක් කලානම් කවදාහරි ඇත්ත එළිවෙනවා... එදාට ඒවා පල දෙනවා.. එතකොට කවුරුත් නැතිවෙයි බේරගන්න ..(හේ)
කවුරුත් වැරදි විදියට හිතන්න එපා රටට වෙන හානිය නොසලකා කඩේ ගියාම ඔහොම වෙනවා. (නදී)
ඔබතුමිය අනාගතයේ දේශපාලනයට පැමිණ සාදාරන රටක් ගොඩ නගන්න. (නදී)
මැඩම් දෙවියෝ බුදුන් ඔබට පිහිට වෙනවා (නදී)
ඔබ තුමියට හොද අනාගතයක් තියෙනවා. ලක් මාතාව බේරගන්න ඉදිරිපත් වෙන්න (නදී)