ශ්රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ලබන 19 වැනි දා කතානායක චමල් රාජපක්ෂ මහතාට බාර දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පත් කළ මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් අද (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
එම යෝජනාවට රජයේ කැබිනට් ඇමතිවරුන් තිදෙනකු ඇතුළු නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමැතිවරුන් නව දෙනකු ද අත්සන් තබා ඇතැයි ද, මුලු අත්සන් සංඛ්‍යාව 90ක් බව ද ඔහු කීවේය.
මෙම යෝජනාව කඩිනමින් විවාදයට ගන්නා ලෙස ඉල්ලන බව ද ඇමැති සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අසරණයා, අපල ඇති අර තොටවත්ත රිසිවරයාව හමුවෙලා උපදෙසක් ගත්තානං (ම)
මොවුන් ජනතාව ඉදිරියට එනවා දෙකට තුනට නැවෙනවා අපි හොඳට කරනවා කියනවා ඡන්දය අරගන්නවා. ගිහින් හොරකම් කරනවා ..පරදිනවා විපක්ෂය රජවෙනවා කරපු හොරකම් හොයනවා.. අපි හොරකම් කළේ නැහැ පුලුවන්නම් ඔප්පුකරන්න කියා හොරුන් කියනවා නමුත් ටික දවසකට අත් මාංචු වෙටෙනවා ... අත් මාංචු අත් දෙක උස්සලා වීරයෙක් වගේ පෙන්වලා රීමාන්ඩ් එකට යනවා .පපුවේ අමාරුව හැදෙනවා ගෙවන වාට්ටුවට දමනවා ඇපයක් ගන්නවා එලියට එනවා නඩුව හිමිහිට යට යනවා ..අයිමත් ජනතාව ඉදිරියට එනවා ජනතාවට අතීතය අමතක වෙනවා කතිරය ගහනවා හොරු ටික අයිමත් බලයට එනවා ...ජනතාව රවටගන්න පුළුවන් කියා හොරු දන්නවා ,,මේ ක්‍රමය නොනවත්වාම ඉදිරියට ගලනවා ...හොරුන් දිනනවා ....අනේ අපේ මෝඩ ජනතාව හැමදාම පරදිනවා ....(බ)
යහපති මහින්ද ගැනත් කියනු මැනවි (නදී)
දැඩි දඩුවම් මේ වගේ අයට වහාම ලබා දෙන්න . (කේ)