රුපියල් කෝටි 1000 ක භාණ්ඩාගාර බිල්පත් අක්‍රමික ලෙස ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම පදවියෙන් ඉවත් කළ යුතු යැයි ජනතා විමක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ ඉල්ලයි.
ඔහු ඍජුවම එම සිද්ධියට සම්බන්ධ නැතැයි නිර්දේශ කළ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බවත් ඔවුහු කියති.
ඔහු ඉවත් කරන ලෙස මන්ත්‍රීන් විසින් අස්සන් කරන පෙත්සමක් කථානායක චමල් රාජපක්ෂ මහතාට බාරදීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ජාතික වැදගත් කමක් ඇති ප්‍රශ්න හරහා හෝ පාර්ලිමේන්තුවේ සිටින මොලයක් ඇති මිනිස්සු රටට හානි කරන ඕනෙම "බලවතෙකු" දොට්ට දැමීමට ක්‍රියා කළ යුතුයි. මිනිස් කමට එහා යන බලයක් නොව මිනිස් කම තුල රැදුන ඒවගේම මිනිස් කම රකින බලයකින් පාර්ලිමේන්තුව සමන් විය යුතුයි. (ර)
සුළු ගණකක් ඕක මොකක්ද.......ඔන්න ඔහෙ එන්න දෙන්න.....(බ)
පක්ෂ භේදයකින් තොරව අනුමත විය යුත්තක්. (බ)
යහපාලන ආණ්ඩුව යහ පාලනයෙන් පිහිටවපු කමිටුව ප්‍රතික්ශේප කර ඇත. ලංකාවේ කෝටි 2 වැඩියෙන් ජනතාව සිටින රටකි. ඔබලා මිනිසුන් තොර රටකට ගොස් යහපාලනය පිහිටවන්න (බ)
කෝටි 1000 ට වැඩි නේද? මේක මහා බැංකු ඉතිහාසයේ ලොකුම මගඩිය නේද? (බ)
මහා බැංකු ලොක්කා වගේම දඩුවම් දෙන්න තවත් අය ඉන්නවා .ඒ අය ගැනත් හෙව්වොත් හොදයි (දිල්)
ඉවත් කළාට මදි ..අලාභය අය කරගන්නත් ක්‍රමයක් සොයන්න ඕනේ.නැත්නම් ඉබ්බා දියේ දැම්ම වගේ තියෙයි...(බ)
අගමැතිට බැරි නම් ජනපති තුමා මෙයට අත ගහන්න වෙනවා. ජනමතය තිබෙන්නේ එතුමාට. (බ)
ඔව් රේණුකා කලින් සිටිය මහ බැංකු ලොක්කගෙන්ම වැඩ පටන් ගනිමු. (බ)
ආයතන ප්‍රධානියා මෙයට වග කිව යුතුයි නේ!! එන පොට හොඳ නැහැ !!පුළු පුළුවන් හැටියට රටෙන් බැහැර වෙයල්ලා !!අහෝ ශ්‍රී ලංකා මාතාවෙනි !! ඕක්ලන්ඩ් වීරේ (අ)
ඉවත් කළාට මදි. එතකොට මාසයක් පමණ සේවය කර ලෝකයේ ලොකුම දීමනාව ( රු. කෝටි 1000) ගෙදර අරගෙන යන පුද්ගලයා බවට ඉතිහාස ගත වේවි . අලාබය අරගෙන හිර ගෙදරට යවන්න ඕනේ. අර වැට් බදු වංචා කාරයන්ට දුන් දඩුවම වගේ. (බ)
යහපාලනයේ කුඩු කාරයෝ නැහැ, මිනිස්සු දැන් අරක්කු බොන්නේ නැහැ. ඒ හින්දා එතනෝල් නැහැ, බැඳුම්කර වංචා නැහැ, දරුණු අපරාධ කාරයෝ නැහැ, ලෝකයේ හොඳම ආර්ථිකය, සංවර්ධනය හිතා ගන්න බැරි තරම්, විශ්ව විද්‍යාල සිසුන්ට ගහන්නේ නැහැ, ප්‍රජාතන්ත්‍රවාදිව අගමැති පත් කලේ, කාලා බීලා ඉස්මුරුත්තාව, දැන් අපේ රට සුරපුරයක්. (බ)
මේ රටේ ඕනෑතරම් උගතුන් සිටියදී වෙනත් රටවල පුරවැසිකම ලබාගත්තවුන්ට රටේ ප්‍රධාන තනතුරු දෙන්න තරම් දේශපාලකයන්ට ඇති ආසාව කුමක්ද? අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි (බ)
කලින් හිටිය මහා බැංකු ලොක්කා නෙමේ මහා බැංකු ඉතිහාසයේ කිසිම ලොක්කෙක් මෙවැනි මුල්‍ය වංචාවක්, වාර්තාවක් හෝ පැමිණිල්ලක් නැහැ. (බ)
නරකද රටේ ජනතාව පෙළ ගස්වලා අත්සන් දස ලක්ෂයක පෙත්සමක් දුන්නොත්.එහෙම වත් නොකළොත් ඕක ඔහොමම තමයි. (බ)
අනේ මෙනදා මේ අයට වරදක් වැරදියි කියන්න කොන්දක් නැත්තේ ඇයි කියලා . අබේරත්න ටෝකියෝ මහතාණෙනි මේ කතා කරන මොහොත වෙනකොට රටට පාඩුව කොටි 4300 , මේ පාඩුව අවු 30 ක් තිස්සේ පවතිනවා මේ නීති විරෝධී සදාචාරී විරෝධී ආණ්ඩුව හිටියොත් . මට කියන්න කනගාටුයි , හිටපු මහා බැංකු අධිපතිට නොවේ මොන අධිපතිටත් මේ වගේ දුෂණ චෝදනා එල්ල වෙලා නැහැ .එයා ව පත් කරපු රජයම ඉවත් කලේ නැ ඉතිහාසේ කවදාවත් . හිටපු අධිපති ට චෝදනා එල්ල කරන්නේ දැන් මේ ආණ්ඩුවයි , පත් කලේ ගිය ආන්ඩුවයි . අර්ජුන සින්ගපුර් මහතා ව පත් කලේ මේ ආණ්ඩුවයි , දුෂණ චෝදනා එල්ල උනුත් මේ ආණ්ඩුවේදී . කොහොමද දින 100 වෙනස . දින 100 යි රට විනාශයි .(බ)