මහ බැංකු අධිපති ආර්ජුන් මහේන්ද්‍රන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් ජාතික නිදහස් පෙරමුණ අද(16) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.
සිය බැණාගේ සමාගමට වැඩි පොලියට බැංකු අණකර නිකුත් ලබා දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මේ උද්ඝෝෂණය පැවැත්විණි.
(වීඩියෝ ඉෂාන් සංජීව සහ දර්ශන සුරේෂ්)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තට්ට මුෂමිල් බොරු කියන හොරෙක්. එක පාරක් (එජාප) එකෙන් සල්ලි බැග් එකක් දුන්න කියා කියා හිටියා. ඒ මුදල් දැන් කොහෙද දන්නේ නැහැ. (ම)
මුදල් ඇමැතිත්,බැංකු ලොක්කාත් ඉල්ලා අස්විය යුතුයි.මේවා මිනිසුන් තේරුම් ගත යුතුයි.මෙයාල මොනවා කියලද? පොදු අපේක්ෂකයාව ගෙනාවේ.කොච්චර බොරු බේගල් ඇද බෑවාද?මේ යහපාලන නඩේ රට පාවා දෙන බව දන ගන්න මේ කට්ටිය විතර ලෝක හොරු ,දූශිතයෝ තවත් කොහෙද?ඇමතිකම් ,අගමැතිකම් ගත්තේ ඡන්දෙකින් දිනලා නොවෙයිනේ.මේ ඇමතියා සතොසත් කෑවා,ඒ විතරක් නොවෙයි අනාත අයට බෙදන්න තිබුන ටකරන් ටිකත් විකුණා ගත්තා.මේ හොර ආණ්ඩුවට යහ පාලකයෝ කියන්න වෙන්නේ අධෝ මුඛයෙන් තමයි. (ස)
තමන්ගේ වාසියට යහ පාලනය හරවගෙන (ස)
එදා සහෝදරයා පාලනය, අද බෑනා පාලනය, ජනතා පාලනය කවදාද? (ස)
ආ මේ....කො...ත්තමල්ලි සමාගමේ පාලනයයි (බ)
එකා ලොකු අත්තක් බොලන්. බදන්නවත් බෑ. ලොකුයි ලු (බ)
ගුටි කන්න වෙයි බලාගෙන (ස)
ස...ස... හෙමින් හෙමින් (අ)
කොත්තමල්ලි අඩුකරේ ඕවට පාවිච්චි කරන්න. (අ)
මේ වගේ උන්ට මහබැන්කුවත් විකුණන කන්න පුලුවන් . මුදල් ඇමති ඉල්ලා අස්වී , මේ මහා හොරාට දඩුවම් දෙන්න.(අ)
රටක ආර්ථිකය මෙහෙයවන්නේ එම රටේ මහා බැංකුව . මේ වගේ හොරු ඒවගේ මර්මස්ථාන වල ප්‍රධානින් ලෙස පත් කරලා අපේ රටට කරන්න යන විප්පතිය ඉතා බරපතලය. (අ)
කොටින්ට අව්රුදු 30 කින්වත් කරන්න බැරි වුණා අපේ ආර්ථිකයට මේ වගේ විනාස කරන්න. මේ පුද්ගලයා මාසයක් යන්න පෙර ලක් ආර්ථිකයට මාරු පහරක් එල්ල කළා. (අ)
තව අවුරුදු පහක්වත් යනවා. අපි අරවා කළා මේවා කළා කිවුවට කළදෙයක් නම් පෙනෙන්න නැහැ. ලංකාවේ දේශපාලකයෝ ඔක්කොම එකයි. (නි)
ඇයි මේ මිනිසුන්ට සාධාරණව අවංකව තම රාජකාරිය කරන්න බැරි? (නි)
මෙය යහපාලනයක්මද කියන සැකය ජනතාවට ඇතිවෙන්න ඉඩතියන්න එපා (නි)
දූෂණ චෝදනා ඇති අය කිසිකෙනෙකුට බලයේ ඉන්න ඉඩදෙන්න එපා (නි)
ජයවේවා! ජනතා හඬයි අවදිවිය යුත්තේ (නි)
මේ පත්කිරීම වැරදියි. ඒකේ ප්‍රතිඵල දින ගණනකින් දකින්නට ලැබීම සතුටක්. වහාම ඉවත් කළයුතුයි. අපි බලා ඉන්නවා. අපි පිළිගන්නවා දැනගෙන නෙමෙයි අළුතින් පත්කරන්නේ. නමුත් වැරැද්දක් අසුවු සැණින් ඉවත් කළයුතුයි. මේවා මේ සෙල්ලමට කරන වැරදි නෙමෙයි. (නි)
සුගත් දුර්ගන්ධ කතාවක් කියනවා. කෙනෙක්ගේ ඔලුවේ කෙස් නැතිවුණාට ප්‍රශ්නයක් නැහැ හැබයි සුගත්ට වගේ මොළය නැතිවුණාම මුලු සමාජයටම බරපතල ප්‍රශ්නයක්. (නි)
එක කෙනෙකුගේ වරදට ආණ්ඩුවට බැනලා හරියන්නෙ නැහැ. නමුත් ආණ්ඩුව කළයුත්තේ වරද දුටු තැන නිවැරදි කිරීමයි. (නි)
අපේ රටට මේ වෙන්නේ කුමක්දැයි නොතේරේද? (නි)
තවම දින සීය ඉවරත් නැහැ. කොහොමද වැඩ? (නි)
යහපාලනය පෙන්වන්න නම් මේ ගැන ඉක්මන් තීන්දුවක් දියයුතුය. කමිටු දමා මේ වගේ වැඩ යටගැසිය යුතු නැත. (නි)
ආණ්ඩුව කළයුත්තේ වරද දුටු තැන නිවැරදි කිරීමයි. (නි)
ඇස් පනා පිට පෙනෙ වැරදි ඇස් පනාපිටම නිවැරදි කර පෙන්විය යුතුයි. නැත්නම් ඉදිරි ප්‍රතිඵල නොහිතන විධියට වෙනස් විය හැකියි. ප්‍රමාදය පසුතැවිමට මුලයි.......(ම)