මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද සොයැබැලීම සදහා පත් කළ කෝප් අතුරු කමිටුව මෙතෙක් කළ පරීක්ෂණවලදී මහ බැංකුවේ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට එහි අධිපතිවරයාට චෝදනා එල්ල කිරීමට තරම් කරුණු හෙළිවී නැති බව එම අතුරු කමිටුවේ සාමාජික හා හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග මෙම කෝප් අතුරු කමිටුවේ කටයුතු ද අවසන් වුවත් එය ඉදිරි පාර්ලිමේන්තුව යටතේ යළිත් ආරම්භ කර අවසානයක් දක්වා ඉදිරියට ගෙන යා යුතු බව ද සේනසිංහ මහතා සදහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පාර්ලිමේන්තුව විසිරැවීම නිසා පොදු ව්‍යවසාය පිළිබඳ කමිටුවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි විය.
එම වාර්තාව පසුගිය සිකුරාදා (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කීවත් ඉදිරිපත් නොකැරිණි. එදාම රෑ පාර්ලිමේන්තුව විසිරැවිණි.
රනිල් වික්‍රමසිංහ අගමැති ප්‍රකාශ කළේ තමා ඉල්ලීමක් කර තිබිය දීත් එම කමිටුවට තමා නොකැඳවූ බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තබයා ඇවිල්ලා .....මෙදා සැරේ තබයගේ බොරු අතේ කෝට් වෙනවා (බ)
ගෝඨාබය, බැසිල් ඩලස් දේශපාලනය කළේ පුරවැසිභාවය තියාගෙනද ? (බ)
සමීර හරි (බ)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අර්ජුන් මහේන්ද්‍රන් ද ගැලවුණේ ය. ඔහු පිළිබඳ අදාළ පරීක්‍ෂණයේ ප්‍රතිඵල රැගත් කෝප් වාර්තාව දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි ය. එය ප්‍රමාද වූයේ ඇයි? ඩිව් ගුණසේකර එහි දී රනිල්ට ආධාර කෙළේ ද? එය ඉදිරිපත් කිරීම ජූලි 7 වැනි දා තරම් ඈත දිනයකට කල් දැමුණේ කෙසේ ද? මහේන්ද්‍රන් රැක ගැනීමට ඩිව් ගුණසේකර රනිල්ට ආධාර කර ඇති බව පෙනෙයි. (බ)
සමීර නිකන් ගොන් කතා කියන්න එපා, එතකොට වාර්තාව හදන්න තව අවුරුද්දක් විතර යාවි. ඒ අතර අර්ජුනලා තව කෝටි ප්‍රකෝටි ගණන් ගහල තියෙයි. (බ)
මෙයාගේ හැටි අපි දන්නවා. අපිව අන්දන්න එන්න එපා හලෝ. දී කිරට බළල්ලුත් සාක්කිලු. (බ)
පියලාල්, මන්ත්‍රීවරුත් සමහර ලේකම්ලාත් හිටියා මතක නැත්ද? (බ)
මෙතන පුරවැසි භාවය පිළිබඳව ප්‍රශ්නයක් නැහැ , හරියට රටට වාසි වෙන විදිහට මහා බැංකු අදිපති වැඩ කළා නම් , අපිට මොකටද එයා ගේ පැටිකිරිය , ලංකාවේ එම තනතුර සුදුස්සෙක් නැති නිසා , එයාව ආනයන කළා , එ්කේ වරදක් නැහැ , වරද තියෙන්නේ එයා කරපු දේ මිසක් එයා ගේ පුරවැසි බාවයේ නෙවේ , දැන් ඔය දියුණු රට වල වැදගත් රට ට අවශ්‍ය උදවියට ගෙන්වන්නේ පුරවැසි කම් දීල ,ඒ නිසා පුරවැසි කම් වැදගත් නැත භාර ගත් රාජකාරිය හරියට කළා නම් , එකටනේ මේ අවුට්සොස් කරනවා කියන්නේ .(බ)
සුජීව මහත්තයට තිබුණනේ තමන්ගේ ලොක්කට කියලා පාර්ලිමන්ට් එක නොවිසුරුවා මේක එලියට දාන්න ඉඩ තිබුනනේ . නිකන් මිනිස්සුන්ව අන්දන්න හදනවා.(බ)
ඊළඟ පාර්ලිමේන්තුවට එජාපෙ 2/3 බලය ලැබෙනවා කියල තමයි විසිරෙව්වේ. එතකොට විශ්වාසබංග දාන්න බැහැ නේ. දැන් බලන්න දින 100 යේ වැඩසටහනට මර්වින් සිල්වා එස්බී දිසානායක වගේ අයගේ හොරා කෑමක් දැනුනේ නැහැ නේද? මේවා තමයි සම හරක් ට නොපෙනෙන පැති.(බ)
ඕන දෙයක් කරන පිළිවෙලක් තියෙනවා. සරත් ෆොන්සේකා ඇතුලට දාල නඩු ඇහුවේ ඉස්සර (බ)
රටක් පාලනය කරන්න ඕන රටේ නීතියට අනුවයි.රජයේ සේවයන් බදවා ගැනීමේදී අදාළ රටේ පුරවැසිභාවය තිබිය යුතුයි.මේක ලෝකයේ සෑම රටකම වාගේ තියන නීතියක්.(ම)
කලින් කෝප් වාර්තාවල හොයාගත්ත දේ වල වලට මොකද වුනේ ? (බ)
ලබන පාර්ලිමේන්තුව අවහම මේ ප්‍රශ්නය අපහු ගෙනෙමු ,(ම)
අැයි අනේ එහෙනම් පාර්ලිමේන්තු කාලය තව දික් කරලා හරි එ්ක එලියට දාල නිර්දොසි බව ඔප්පු කරන එකනේ කරන්න තිබුනේ. දැන් ඕනේ ගොනෙකුට තේරෙනවනේ එතන වහගන්න දෙයක් තිබුන නිසා කියල වහාම පාර්ලිමේන්තුව විසිරෙව්වේ. දැන් ඔහොම දේවල් කියනවනම් අනිත් සාමාජිකයනුත් එහි ඇත්ත තත්වය ප්‍රකාශ කළ යුතුයි. (බ)
අපිව රවට්ටන්න නේද ඔය හදන්නේ (බ)
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ.(බ)
ඔව් මේකයි, පුරවැසිභාවය නැතිව රජයේ සේවයට බදවා ගැනීමයි දෙකම අදින්න ඕන.(බ)
අපි අබින් කාල කියල හිතාගෙනද දන්නේ නැහැ මේවා කියන්නේ! (බ)
කිව්වොත් කියන්නේ බොරු (බ)
උගුරට හොරා බෙහෙත් ගිලීම (බ)
අනේ දහම් ඔයා වගේ මෝඩ මිනිස්සු තව කොච්චර ඇතිද කෝප් කිය කියා අර පිස්සන්ට ඕන විදියට පාර්ලිමේන්තුව නටවන්න ඉඩ දෙන්න පුළුවන්ද ලංකාවේ එකම ප්‍රශස්නය කෝප්ද. ඔයත් මැරිලා ඉපදිලා වගේ ඔයාට මතක නැහැ අජිත් කබ්රාල් හෙජින් ගහලා කෝටි 25000 ක් පාඩු කරපු හැටි රටට. එතකොට කව්ද මුදල් ඇමති මහින්ද රාජපක්ෂ නෙමෙයිද වැරදි කරලා තියෙනවානම් අර්ජුන් මහේන්ද්‍රට දඩුවම් දෙන්න ඕනේ ඒ වගේම පෙනි පෙනි වැරදි කරපු කබ්රාල්ට හා මහින්දටත් දඩුවම් දිය යුතුයි.(අ)
අනේ මෙතන ගොන් ප්‍රතිචාර දාපු අය ඊයේ පත්තර බලන්න. ශ්‍රී ලංකා මහා බැංකුවේ පළමුවන අධිපති ඇමරිකානු ජාතිකයෙක්. (අ)
සුජීව මැතිතුමා නිවැරදියි. එම වාර්තාව ඊළඟ පාර්ලිමේන්තුවෙන් විමර්ශනය කරන්න අවශ්‍ය කටයුතු යෙදුව හැකි තවත් පරක්කු කළොත් උසස්පෙළ කාලසටහන අවුල් වෙනවා. (බ)
ඕක වහගන්න පාර්ලිමේන්තුව විසිරුවා කියන එක ගොන් තර්කයක් නේ. ඉතින් ඊළගට පත්වෙන පාර්ලිමේන්තුවට පුළුවන්නේ ඕක ගැන හොයලා වරදක් වෙලා නම් දඩුවම් දෙන්න. පාර්ලිමේන්තුව විසිරෙව්වම නිලධාරී කරන වැරදි එක්ස්පයර් වෙන්නේ නැනේ. (බ)