භූ කම්පන හේතුවෙන් නේපාලයේ රජවරුන් විසින් 12වන සියවසත් 18 වැනි සියවසත් අතර ඉදිකරන ලද කෝවිල් ඇතුළු පෞරාණික වටිනාකමකින් යුත් බොහෝ ස්ථාන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි නේපාල පුවත් සේවා වාර්තා කරයි.
නේපාලයේ කත්මන්ඩු නිම්නයේත් බසන්තපූර් ඩර්බර් චතුරස්‍රයේ හින්දු කෝවිල් 80 ක් පමණ විනාශ වී ඇතැයි ආන්තිපූර් නිව්ස් පුවත්පත කියයි.
ඵෙතිහාසික සිහිවටන පාටන් හා භක්තපූර්හි කෝවිල් මුළුමනින් හෝ අර්ධ වශයෙන් විනාශ වන්නට ඇතැයි කියති. බෞද්ධනාත් ස්තූපය හා රත්න මන්දිරය ටිකක් හානි වී ඇතැයි වාර්තාවේ.
භක්තපූර්හි දුර්ගා කෝවිල මුළුමනින්ම හෝ අඩ වශයෙන් විනාශ වන්නට ඇතැයිද ඉතිහාසඥයකුවන ලෝෂන් ස්ත්‍රේස්ත පවසනුයේ හින්දු ආගමේ එම සිහිවටන සදාකාලයටම අහිමිවූ බවයි. වැනසීගිය ලෝක උරුම යළි ගොඩනැගිය නොහැකි බවද ඔහු කියයි.
මේ සියල්ල අතරේ භක්තපූර්හි නටබුන් අතර බුදු පිළිමයක් නිරුපද්‍රිතව තිබියදී සොයා ගෙන ඇතැයි ‘ද ගාඩියන්‘ පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි.
අද (26) පස්වරුව වන විට භූ කම්පනයෙන් මිය ගිය ප්‍රමාණය 2000කට වඩා වැඩි බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.
ඡායාරූපය - ද ගාඩියන් වෙබ් අඩවිය ඇසුරිනි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කිව්වේ වසර 2000 කට උඩදී ලියවෙච්ච්ච බයිබලයේ ලුකේ සුවිශේෂයේ 21.11 මෙවැනි බිහිසුණු භූකම්පා අවසාන කාලයේ එනවා කියා තිබෙන බවයි. එ්ක ආගම්වාදය වෙන්නේ කොහොමද ? බුදුදහමේත් එවැනි දේවල් කියල තිබෙනවානේ. (නදී)
විශිෂ්ටයි (බ)
ශාමිලා,මැටිපහන ඔයගොල්ලෝ පැත්තක ඉන්න බෞද්ධයෝ එක්ක නිකන් රණ්ඩු වෙනකොට සිරියාවේ ඔයගොල්ලන්ගේ කට්ටියව මුස්ලිම් කට්ටිය දෙවියෝ ළගට ඉක්මනට යවන විදිහක් හොයාගෙන ටිකක් ඒ ගැනත් බලන්න! (බ)
බුදු බලය ලොවටම පේනවා (බ)
වසර 2500 කලින් ලියවෙච්ච බෞද්ධ පොත් පත් වල තිබුණු දේවල් කොපි කරලා කියල ඔයාට හිතෙන්නේ නැද්ද?? (බ)
අමිල,ලෝකේ දෙවියෝ මැව්ව නම් මොකද මිනිස්සු මවන්නේ නැතුව ඉස්සෙල්ලම මිනී කන සත්තු අවුරුදු කෝටි ගානකට කලින් මැව්වේ? (ස)
නුවන්. මේක ලන්දේසි කතාවක් නෙවෙයි. ඇත්ත තේරුම් ගැනීමක්. දේව වචනය තුළ කියා තිබෙන දේ බොරුයි කීමම අගෞරව කිරීමක් නෙවිද? ලංකාවට ඉස්සල්ලම ශුභාරංචිය එන්නේ යාපනේට තෝමස් තුමාගෙන්. ඉතිහාසය හොඳට හොයන්න. (බ)
මෙතන කවුරු කොහොම කිව්වත් වැඩක් නැහැ. ඔය දැන් කුරුසය කරේ ගහගෙන යන උදවියගෙ පරම්පරා ඇත්තෝ,, එදා බයිනෙත්තුවට බයේ ජාතිය විකුණපු අය. ඒක සත්‍යයක්. එක්කෝ උන්ට ගැත්කම් කරගෙන නම්බූ නාම ගන්න වෙහෙසුන අය තමයි, අද ලංකාවේ ක්‍රිස්තියානින්. මේවා ඉතින් විහිලු කතා නෙමෙයි. දැන් මේ අය බබාලා වෙන්න දැගලුවට ඒ දවස්වල කරපු පව් වලට කවදාහරි වන්දි ගෙවන්න වෙයි. එතකොට පෙනෙයි නියම ස්වර්ගය (බ)
ඕනෙම කෙනෙකුට ඕනෙම ආගමක් ඇදහීමට ඇති අයිතියට ගරු කරනවා. එ්ත් මම අදහන්නේ, විශ්වාශ කරන්නේ සහ ගරු කරන්නේ බුදුන්ගේ දර්ශනයට පමණයි. (බ)
අමිල,අනේ ඔව් ඔයගොල්ලන්ගේ ඉතිහාසය මම දැක්ක තේ වත්තේ පල්ලිය ඇතුලෙදි.හරි අගේට බෞද්ධ ඉතිහාසය කොපි කරලා, විකෘති කරලා තිබුන ලස්සනට! (බ)
නුවන්, ඔයාට පෙන්නේ නැද්ද මම කිසිම ආගමකට නෑ කියල. මම විස්වාස කරන්නේ විද්‍යාව, තාක්ෂණය, කලාව, හා මනුස්සකම පමණයි. දැන් ඔය අසාවි එතකොට විද්‍යාවටයි තාක්ෂනයටයි පුලුවන්ද හැම දෙයක්ම දකින්න හා විසදන්න කියල. එවිට මම කියන්නේ, පසුගිය අවුරුදු 50ක කාලයකදී සිදුවූ විද්‍යාත්මක හා තාක්ෂණ දියුණුව දිහා බලපුවම කියන්න පුළුවන් ඊළඟ අවුරුදු 50දි මිනිසා මොන තරම් තැනකට යාවිද කියල. මිනිසා මනුෂත්වය වෙනුවෙන් එකඟ නොවී විවිධාකාර පටු බෙදුම් වලින් වේලි සිටින නිසා තමයි මෙච්චර ප්‍රශ්න. ඒ පටු බෙදීම් වලින් එකක් තමයි ආගම. මගේ දෙවියෝ අරයගෙ දෙවියෝන්ට වැඩිය හොඳයි, මගේ දර්ශනය අරයගෙ එකට වඩා හොඳයි යනාදිය අතරේ තව තවත් පටු වෙමින් යනවා... අපි හොඳ සිංහල උඩරට බෞද්ධ, පහතරට බෞද්ධ කට්ටිය ටිකක් පහලින් තමයි ඉන්නේ උඩරට කට්ටියට වඩා; සාසනේ උනත් ඔය බෙදිල්ල තියෙනවා. යාපනේ දෙමල කට්ටිය හිතාගෙන ඉන්නේ එයාල තමයි හොඳ දෙමල, අනිත් දෙමල කට්ටිය පහත්. මුස්ලිම්ලාගේ සුන්නි අය තමයි හොඳම ඉස්පිරිට් එක, ෂියා අය සෙකන්ඩ් ක්ලාස්. ක්‍රිස්තියානි කට්ටිය බෙදිලා තියෙන බෙදිල්ල දැක්කම කොහොන් පටන් ගන්නද කියල හිතාගන්න බෑ. ඒවට පස්සේ එනවා කුල වශයෙන් ඇති බෙදීම්.... කියල නිමක් කරන්න අමාරුයි කොයිතරම් බෙදීම් තියෙනවද කියල. මේ ඔක්කොම අමතක කරලා අපි විද්‍යාව හා තාක්ෂනය, කලාව, මනුස්සකම වෙනුවෙන් එක් විය යුතුයි කියලයි මම යෝජනා කරන්නේ. එතකොට ඔයා කියාවි අපි එහෙම හිතුවට අනිත් එවුන් එහෙම හිතන්නේ නෑ කියල. වෙන්න පුළුවන්... නමුත් එක එක්කෙනා හරි මේක තේරුම් අරගෙන ඒ විදියට හිතන්න පටන් ගත්තොත් ගොඩක් කල් යන එකක් නෑ. (බ)
මට නම් මේක හිතාගන්නවත් බැහැ. පුදුම ආශ්චර්යයක් . සාදු සාදු (ස)
මේනක විජේසුරියගේ අදහසට මම එකඟයි. ආගම් සහ සාමය එකට බැඳිලා තියෙන්නේ ඉතාම දුර්වල නූලකින්. එක නිසා තමයි ආගමේ නාමයෙන් අමානුෂික වැඩ කරන්න වැඩි වෙලාවක් යන්නේ නැත්තේ. එක තැනක ඒක එක ගලකින් කරන්න පුළුවන්. තව තැනක ඒක කාටුන් එකකින් කරන්න පුළුවන්. තව තැනක ඒක කතාවකින් කරන්න පුළුවන්. ඒක නිසා මම කියන්නේ ආගම්වලින් සාමයට වඩා අමානුෂිකත්වය වගා කරලා තියෙනවා කියලයි. (ස)
ශාමිලා මේකත් Deuteronomy 23:1 දේව වචනයද?? (බ)
එන්න ඇවිත් බලන්න , දකින්න එකයි බුදු වදන, විස්වාසය නොවේ, බලන්න බුදු දහමේ සත්‍ය බව ඔප්පුවෙන හැටි (නදී)
මම හිතන්නේ ඔයාලට වැරදිලා කොහෙන්වත් ඉතිහාසයක් කොපි කරන්න අවශ්‍ය නැහැ. ගැලවුම් කාරයෙක් ගැන කියන්නේ අවුරුදු 5000 කට කලින් නේ. බයිබලේ ලියවෙන්නේ ලෝකේ පැරණිම ඉතිහාසයක් ගැන කතා කරන ඊශ්‍රායලෙන් (නදී)
බැලුවම ලංකාවේ ඉනේ පුදුම ජාතිවාදී ආගම්වාදී සෙට් එකක්නේ. යම් ආගමක කියල තියෙන දෙයක් කිව්ව ගමන් නයාට භූමිතෙල් ගැහැව්වා වගේනේ කට්ටියට (නධී)
විද්‍යාව මොනවද ඔබලා විද්‍යාව ගැන දන්නේ? විද්‍යාව මොකක්ද කියල බුදු දහමට වඩා විද්‍යාවක් ලෝකේ නැහැ එ්ක මතක තියාගනිල්ලා (බ)
කතෝලික මිනිස්සු අමු අමුවේ මරද්දී දෙයියෝ කොහෙද හිටියේ? (බ)
අමිල ගේ සීයා කියුවානම් වෙනත් අදහසක් තෙරුවන් බුදුන් සිහි කරමින් පෘතුග්‍රීසි ගහලයට බෙල්ල දුන්න ළදරුවන් පස් දෙනෙක්ගේ බෙලි කපා දැම්මේ වේලු සෙනෙවියා මව්වරුන් ඉදිරියේ ආගම නිසා ලංකාවට මුලින් ආවේ බුදු දහම ඉන්දියාවේ එතකොට තිබුනේ එක දර්ශනයක් යුරෝපිය ආගම එහි තිබුනේ නැහැ මෙහෙ ආවේත් නැහැ ආවේ දරුණු සටන් වලින් පසු කාලීනව අපි මේ දිවයිනේ පැල පදියම් වුණේ සියලුම රාවනා සම්බවයක් ඇති කුවේණි රැජිනගේ රාජ්‍ය වනසමින් සමුල ඝාතනයක් කරමින් අමිලලගේ මුතුන් මිත්තන් මේක දන්නවා මහාවංසය කියවන්න (බ)
මැටි පහන,ඔයාගේ ආගම ගැන විස්තරය නැතුව අනිත් ආගම් ගැන යම් සිද්දි වහෙන් ඔරෝ කියල තියෙන්නේ ඔහෙට ලජ්ජා නැද්ද? (ස)
අමිල ඔයත් යුරෝපයටම යන්න. මොකද මේ රටේ මිනිසුන් ගැන හොයලා බලන්නවත් ජේසු ආවෙ නැහැනෙ. ඉස්සර ඔයාගෙ සීයලා බයේ තමා ඔය ආගමට හැරුනෙ. නැත්තම් ඔයත් බුද්ධාගමේම තමා. අපේ අයව ආගමට හරවන කොට බුදු පිළිම බිම දාලා පාගවලා නිගරු කරන්නෙ ඔය කට්ටියම නේද? ගැලවුම්කාරයා කියලා දුන්නෙ එහෙමද? වෙලා තියන ආශ්චර්ය ඉවසන්න බැහැ නේද? ආශ්චර් කළේ දෙවියො විතරනෙ නේද? (බ)
අමිල,ඔයාට වැරදිලා මම කිව්වේ තේ වත්ත පල්ලිය ඇතුලේ තියෙන බෞද්ධ පන්සල. නටඹුන් වල තියෙන සදකඩ පහන,වාහල් කඩ වගේ දේවල් කොපි කිරීම හා ලංකාවේ හිටපු රජ කෙනෙක් කතෝලිකයෙක් විදිහට හදුන්වා ලොකු කර පෙන්වීමක් ගැන (නදී)
නේපාලයේ හින්දු කෝවිලක මෑතකදී සිදුකල මීහරක් 5000 ක් මරා කළ බිලි පූජාව සාපය තම මේ විනාශයට හේතුව. (බ)
ශාමිලා,ඔයාම බුමිතෙල් ගහගෙන දැන් අනිත් අයට ඇගිල්ල දික් කරනවද හිනා යන වැඩ මේවා! (බ)
ශාමිලා, ඔය නව සීලන්තෙත් ඉන්නේ පුදුම සෙට් එකක් තමා. මම කාලයක් ඔහේ හිටපු නිසා කියන්නේ ඔයා කොහෙද ඉන්නේ ? (නදී)
මෙතැන් 2500 කට වැඩිය මිනිස් ජීවිත නැතිවුණ ව්‍යසනයක් තියෙන්නේ. අපි ඒ ගැන කතාකරලා අවශ්‍ය පරිත්‍යාග කරනවා වෙනුවට හැමෝම වාද කරන්නේ තම තමන්ගේ ආගම ඇදහීම හා විශ්වාසයන් ගැන. (නි)
මැටිපහන ඔබ ඉතාමත් වැදගත් දෙයක් ඉදිරිපත් කර ඇත. ඔබ වගේ හිතන මිනිසුන් මේ ලෝකයට අවශයි.(බ)
දෙවියන් අදහනවා, අනිත්‍ය අදහනවා ඔක්කොටම හැදෙන්නේ එකම ලෙඩ. සිදුවන්නේ එකම උවදුරු. ලෙඩ දුක් එනකොට එතන ආගම් බේදයක් නැහැ. සියලු දෙනාටම එක ප්‍රවණ තාවයක් තිබේ එනම් සත්‍යට වඩා තම විශ්වාසයන් තහවුරු කිරීමයි. ප්‍රශ්නය උනේ බුදු පිළිම නොසෙල්වී තිබීමයි. මෙය අන්‍ය ආගමිකයන්ට ඇහේ කටු ඇනීමක් වීම තමන්ගේ විශ්වාසයන් අබිබවා යාමක් කියා හිතෙන නිසායි. තම මුතුන් මිත්තන්ගේ ආගමට එරෙහිව ලියනවට වඩා ඔබලාගේ විශ්වාසයන් තුල එනම් දෙවියන් තුල ජීවත් වීම වඩා උචිතය (නදී)
අමිල ඔය කියන කාලේ යාපනේද හිටියේ පෙළපොත අරගෙන බලන්න නම් ගම කොහොමද තියෙන්නේ කියල පිළිතුර එතනය අමිල නාමයම අමිල වුන බව නොදන්නේ සත්‍යට වඩා තම විශ්වාසයන් තහවුරු කරන නිසා දරුවා ඔබට තෙරුවන් සරණ පතමි ! (බ)
මටිපහන ස්වර්ගයේ වැඩ සිටින්නේ නම හෙළි නොකරන්නේ එම නිසා (නදී)
නිර්මල බුදුබණ සැමදා සත්‍යයයි (නි)
මේ ස්වාභාවික විපත් දැක දැකත් තමන් අමරණීයයි කියල හිතන මිනිස්සු ලංකාවේ ඉන්නවා. විශේෂයෙන් දේශපාලකයෝ. ! (අ)
බුදු සසුන සදා අමරණීයයි (නි)
මියගිය මිනිසුන්ට වඩා මාස කීපයකට පෙර මරපු හරක් ප්‍රමාණය හා එහි සැහැසිකම දැක්කහම මැරුණු ප්‍රමාණය මදි කියලයි මට හිතෙන්නේ. ස්වභාව ධර්මය තාම මිනිස්සු හඳුනන්නේ නැහැ (නි)
මෙතන ආගම කියවන හෝ ප්‍රචාරය කරන තැනක් නෙවෙයිනේ. උගත් සංවාද මණ්ඩපයක්. දැන් බලන්න එක්කෙනෙක් දෙන්නෙක් ගේ වචන ටිකක් ගිය දුරක්.! (බ)
තිසරණ සරණින් ලොවේ සියලුඅම දුක කරදර නිමා වේවා !(නදී)
මේ ඔක්කොම ආගම වදයක් ගැන කතා කරනවට වැඩ මම කිව්වේ සත්‍ය තේරුම්ගන්න කියල. දේව වචනය අපි හැමෝටම පොදුයි. අනික යේසුස් වහන්සේ ආගමක් නොවෙයි ගැලවුම් කාරයෙක්. (බ)
ඕක තමයි කියන්නේ බුදු දහම බලවත් කියලා (බ)
සුහදී නමින් අදහස් දමා තිබෙන්නේ බොදුණුවෙක් නම් වෙන්න බැහැ (නි)
නිකන් රණ්ඩුනොවී තමන්ගේ ආගමක් හරියට අදහාගෙන ඉන්න බලන්න (නි)
මැටිපහන, නවීන විද්‍යාව කියන්නේ නිතරම, හැමමොහොතකම වෙනස්වන දෙයක්. ඒ කියන්නේ එහි කිසිම ඉස්තිර බවක් නැහැ. ඉස්තිර නැහැ කියන්නේ නිත්‍ය නැහැ. නිත්‍ය නැහැ කියන්නේ අනිත්‍යයි. සියල්ල අනිත්‍යයි කිඋවේ එකම සාස්ත්රූ වරයයි. එතැනදී නම් බුදුදහමයි විද්‍යාවයි එකම පීල්ලේ යනවා. ඔබ ගිය හේතුවාදීන් හා කලක් මාද එකග වුනෙමි. නමුත් ඔහුනුත් හේතුවයි පලයයි කීවට අවසානය කියන්නේ නැහැ.
ලෝකයෙන් උතුම්ම දර්ශනය බුද්ධ දර්ශනයි !!!(ම)
මම දන්නා බුදු දහම අනුව නම් සියලු දේ අනිත්‍යයි.(නදී)
නේපාල යාලුවෝ මට ගොඩක් ඉන්නවා. මට හරිම කනගාටුයි උන දේට. ඉක්මනින් නැවත යතා තත්වයට පත් වෙන්න කියල පතනවා (නදී)
අපි ඇත්තටම මේ වෙලාවේ කරන්න ඕන වචනයකින් හරි නේපාලයට උදව් කරන්න. (බ)
මැටි පහන කවදාවත් දැල්වෙන්න බැරිනම් ඉන් වැඩක් නැහැ නමෙන්ම පේනවා අනෙකුත් ආගම් වලට නිගරු කරන එ... හ.. මරාගෙන කන...... අනේ මන්ද (ස)
පාපය නිසා දඬුවමකට පත් කරන දෙයට වඩා. එයින් ගලවා පව් කමාව දෙන දර්ශනය කොයි තරම් උතුම්ද. එය උසස් වන්නේය මන්ද එක ස්වර්ගීක නිසා. (දිල්)
මොන දේ වුණත් සිදු වු විපත නවත්වන්න පුළුවන් වුණාද?(දිල්)
නමුත් බෞද්ධ සිද්ධස්ථානත් විනාශවෙලාලු නේද? (නි)
මැටි පහන.. මැට්ටෙක් (ස)
ලංකාවේ සුනාමි විපත වෙලාවෙත් මේ වගේම පුවත් දැක්කා. මේවයින් කියන්න උත්සහ කරන්නේ මොකක්ද කියල මට නම් තේරෙන්නේ නෑ. පිළිම වන්දනාව බුදු දහමට අයිති දෙයක් නෙමෙයි. දහස් ගණනක් මිනිස්සු පණ පිටින් වැලලෙද්දී පිළිමයක් ඉතිරි උන එක ආශ්චර්යයක් වෙන්නේ කොහොමද? ඒවායේ හැඩයේ තියෙන විශේෂත්වයක් නිසා ඉතිරි වෙන්නැති. බුදු දහමට අනුව සියලු දේ අනිත්‍යයි. ඒක බුදු හාමුදුරුවන්ටත් ඒ විදියටමයි බලපෑවේ. (ස)
අමිල,දැන් ඔය ගැලවුම් කාරයටත් මරණෙන් ගැලවෙන්න බැරි උනානේ ඉතින් කොහෙද අනිත් අයව මරනින් ගලවන්නේ? (නදී)
මෙතන වාදවිවාද කරලා තේරුමක් නැහැ. සියළු ආගම් වලට අපි ගරු කළයුතුයි (නි)
ඔය මොනවා වුණත් මිනිසුන්ට ලැජ්ජාවක් නැහැ (නි)
බුදුදහමේ සත්‍යතාවය ලොවට හෙලිකිරීමක් (නි)
අවසාන කාලයේදී මෙවැනි භූකම්පා සිදුවෙන බව ලියා ඇත. දේව වචනය සදාකාලිකයි (නදී)
මේක හොඳ පාඩමක් (නි)
සුහදී.. ඔබේ අදහසට මාත් එකඟයි.. (නදී)
පහන හදල තියන්නේ මැට්ටෙන් උනාට ඔබ මැට්ටෙක් වෙන්න එපා. (ස)
මගේ අදහස නම් ආගම යනු උගතුන් විසින් නුගතුන්ව මෙහෙයවීමට යොදාගන්නා මෙවලමක් යනුවෙනි (නදී)
මේ විදියටම තමයි සුනාමි ආපු වෙලාවේ ලංකාවේ බුදු පිළිම වලට කිසිම හානියක් වුණේ නැහැ. (ස)
සුහදී ඔබ කියන දේ හරි. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. බුදුන් කියන්නේ සොබා දහම. සොබා දහම හරි අපුරු දෙයක්. එය කවදාවත් බුද්ධ කියල නම් කරලා තියෙන දේවල් විනාස කරන්නේ නෑ. සුනාමියේදීත් පෙන්නුවේ ඒක. එහෙම වෙන්නේ මිනිසුන්ට අනිත්‍යය පෙන්නන්නම තමා. ආශ්චර්යයන් නැතුවම නොවේ. (ස)
මට කියන්න ඕන වෙලා තිබ්බ එක සුහදී හරියට කියල. ඔයාට බොහොම ස්තුතියි. (අ)
බිදුණු නොබිදුනු දේවල් වල ඇති මහා ආශ්චර්ය ගැන කියන්නේ නැතුව මෙමඟින් බුදුන් වහන්සේ දේශාන කළ කැඩෙන බිඳෙනසුළු අනිත්‍යය ලෝකයක අපි සැවොම ජීවත්වෙන බව අවබෝධ කරගන්න එක හොඳයි නේද (නි)
නිතර භූමිකම්පා ඇතිවන ජපානය වගේ රටවල ගොඩනැගිලි බොහොමයක් හදලා තියෙනෙත් විනාශ නොවෙන විදිහට. පිළිමයක් කියන්නේ ගෙයක්, කාර්යාලයක් වගේ ගොඩනැගීමක් නෙමෙයි, ඒවා බොහෝ විට තනිකර කොන්ක්‍රීට්, පාෂාණ ආදියෙන් නිමවන්නේ. ඒ නිසා ඒවා කැඩී බිඳී යනවා අඩුයි. ලංකාවේ සුනාමිය වෙලාවේ මුදු පිළිම පමණක් නෙමෙයි, වෙනත් වෙනත් පිළිම වලට (රණවිරු ප්‍රතිමා, දේශපාලක ප්‍රතිමා) පවා විනාශ නොවී ඉතුරු වුණා. (ස)
මේ කියන විදිහට අජීවී පිළිම ඉතුරු වී ජීවමාන මිනිසුන් විනාශ වෙයිද??? (ස)
මොකද මේ ආගමක් ගැන රණ්ඩු කරන්නේ (දිල්)
ශාමිලා ඕක්ලන්ඩ්, දේව වචනයත් සුමනදාසගේ (රාජකීය) අනාවැකි වගේ. කැමති පැත්තකට පෙරළ ගත්ත හැකි.මිනිස් ජීවිත නැතිවනවිට ආශ්චර්ය අතපාන්නෙත් නැහැ දෙවියන්ගේ ඇස් ඇරෙන්නෙත් නැහැ. අනේ මන්ද ඇස් තිබුනත් අන්දයි.(ස)
මම හැම ආගමකටම ගරු කරනවා. ඒත් හැම ආගමක්ම විශ්වාස කරන්න බැහැ. සත්‍ය බුදුදහම පමණයි. (නි)
ආගම් ගැන බොරුවාද එපා. "සියළුදේ අනිත්‍යයයි.ආගම ධර්මානුකූලව ඡීවත්වන්න" කියලයි.(දිල්)
කොපමණ ධනය රැස් කළත් කුමන තරා තිරමක ජිවත් වුණත් සියලු දේ අනිත්‍යයයි. කළ හැක්කේ ජිවත් වන ටික කාලේ හොඳින් ගත කිරීමයි.(දිල්)
නියමයි (බ)
සංසාර ගමනේ අතිශය බියකරු බව පසක් වේ (බ)
1934 වර්ෂයේදී 10,000 වැඩිය නේපාල වැසියන් මැරුණා.පිළිම ඉතුරු උනා.මේ පාර තාම ගණන් කරල ඉවර නැහැනේ. ඉතුරු පිළිම නෙම මැරුණු මිනිස්සු ගැන ආයුබෝවන්. (බ)
සාදු! සාදු! සාදු! (මෙවන් විපත් නැවතත් සිදු නොවේවා ! )(දිල්)
පුදුම ආශ්චර්යයක් . මේ සිදු වී තිබෙන්නේ,මෙවන් විපත් නම් නැවත සිදු නොවේවා (දිල්)
ඔය ආගම් වාදය ඇති කරන්නද මේ ආගම් අල්ලන් රණ්ඩු වෙන්නේ ඔයාලා කිසිදු ආගමකට දොස් නගන්න එපා හැම දෙයින්ම කියන්නේ හොඳ දේවල් මිනිස්සුන්ට එවාට ගරු කරන්න නොදන්න පුද්ගලයා නුගතෙක් (ම)
බොදුනුවන් වදින බුදුන්වහන්සේගේ බලය අසම සමවේ .මුළු ලොවටම වාසනාව උදාකරන බුදුන් වහන්සේට අගෞර ව නොකරනු සැමට යහපතක්ම වේවා ,(දිල්)
අනෙක් ආගම් වලට බැනලා බුද්ධ දර්ශනයේ අනුව පව් කර ගන්න එපා සියල්ල අනිත්‍යය නැසෙන සුළුය (ම)
බුද්ධාගම කියන්නේ මැජික් හෝ අශ්චර්යක් නොවේ(දිල්)
මම නම් ප්‍රාර්ථනා කරන්නේ පිළිම විනාශ උනත් අහිංසක මිනිස් ජිවිත ඉතුරු වෙලා . (බ)
මේවා 2000 දී කියපුවා. නොදන්නවානම් දැනගන්න (ස)
අමිල,පාපය කරපු කෙනාට දඩුවම් දෙන්න වෙන්නෙත් නැහැ පව් කමා කරන්න ඕන වෙන්නෙත් නැහැ. ඊට කලින් පාපය කළොත් වෙන්නේ මොකක්ද කියල කියල දුන්නොත් ඒ මනුස්සය ඒකෙන් ගැලවෙනවා එ්කට යොමු වෙන්නෙත් නැහැ.බෞද්ධ දර්ශනයේ තියෙන සත්‍ය තමා ඒ.එත් ඔයගොල්ලෝ කරන්නේ අස්සයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහන එකනේ. (බ)
සුනාමි වෙලාවේ සුරුවමක් කිලෝමීටරයක් දුරට ගහගන ගිහින් තිබිල හමුවෙලා තියනවා මුලතිව් පල්ලියම විනාශ උනා මේ හැම එකකම පිළිම තිබුන ඇයි එහෙනම් ඒවාට එහෙම උනේ එයි ඒවා නොසැලී නොතිබුනේ ඒවා පිළිම නෙවේද හැම ආගමකටම අය මේවට කොමෙන්ට් දානවා එක වැරදි නැ තමන්ගේ ආගම වගේම අන්ත ආගම ඒ අගමිකයනට උතුම් ඒ නිසා අන්‍ය ආගමිකයන් හෝ බෞද්ධයන් බුද්ධාගමට හෝ බුදුරජාණන් වහන්සේට හා ගුණයනට අගෞරව නොකර මේ කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි (බ)
ශාමිලා ඔයාගේ දේව වචනය ඔයා අදහාගෙන ඉන්නකෝ. ඒවා අනිත් ආගම් වල මිනිස්සුන්ට විස්වාස කරන්න ඕනමයි කියලා හිතන්න එපා. අපි මෙතන හැම ආගමටම ගරු කරනවා. හැබැයි අපේ ආගමයි නොම්මර එක කියලා මෙතන ලියන අනෙකුත් ආගම් වල පාඨකයන් අපහසුතාවට පත් කරන්නේ නැහැ. (බ)
මේ විනාශය වෙච්ච අසල්වැසි රට වෙනුවෙන් යමක් කරන්න හිතන්නකෝ. අපි ඒ සඳහා සම්මාදම් වෙන්න වැඩ පිළිවෙලක් කතා කරගෙන යනවා. (අ)
අමිල මොනවද කියන්නේ?.මම හදපු එකාට පිරිසිදු, සුදු හිතක් පමණක් දීල තිබුනානම් ඌ පවු කරන්නේ නැහැනේ?. එහෙනම් සමාවක් ගැන කතා කරන්න ඕනෙත් නැහැනේ?. සියල්ල මවිසින් නිර්මාණය කලෙමි,මගේ කැමැත්ත අනුව සියලු දේ සිදුවේ. එනිසාම අප ඔබට මහා කාරුණික ,පරම දයබරයයි කියමු. එහෙත් සිදුවන දේ හා කිවූ දේ අතර මහා හිඩැසක්. (ස)
මේ රටවල් වල යුද්දේ නැති වුනත් ස්වභාවිකව හරි ජීවිත නැති උනා. මේකට හේතුව මොකක්ද? ලංකාවෙත් මේ ටිකම වුනා නේද?? (බ)
මැටිපහන ,ශාමිලා ඔයගොල්ලෝ ඔය ජාතිවාදී අදහස් දාල තියෙන්නේ අපේ රට ආක්‍රමණය කරපු ලන්දේසි,පෘතුග්‍රිසි ජාතිකයෝ බලෙන් අපේ සිංහලයට දීපු ආගමක් කරේ තියාගෙන! හරිම ආශ්චර්යක්! (බ)
බුදු පිළිම බැලීමට වඩා අපි ප්‍රමුඛත්වය දිය යුත්තේ බුදු දහම අවබෝධ කර ගැනිමටයි (බ)
ශාමිලා, ඔයගොල්ලෝ 2000 ඉදන් නෙමේ ඊටත් කලින් ඉදන් කමිං සූං කියල හැම පල්ලියකම ගහගෙන හිටියේ මේකටද? (බ)
ශාමිලා, මෙන්න මේ "Jesus in India පොත අරගෙන කියවන්න ටිකක් ඔය ජාති වාදී ගති යන්න එක්ක! (නදී)
සුනාමි ආපු වෙලාවෙත් බුදු පිළිම වලට හානි වුනේ නැහැ.(බ)
මේ විදියටම පණපිටින් බෙල්ල ගාවට වෙනකන් වැළලිලා ඉන්න මිනිස්සුන්ගේ පින්තුරත් අපි දැක්ක. එයාලව එලියට අරගෙන ප්‍රතිකාර ලබා දෙනවත් දැක්ක. හරිම ආශ්චර්ය නේද? (බ)