ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද උදෑසන 10.13 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 651 දරණ මගී ගුවන් යානයෙන් ඩුබායි හරහා ලංඩන් බලා පිටත්ව ගියේය.
ජනාධිපතිවරයා සමග ජනපති ආර්යා ජයන්ති සිරිසේන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද එහි ගියහ.
සාමාන්‍ය ගුවන් මගීන්ගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් ගුවන් යානය පිටත්වීමට පැයකට කළින් මෛත්‍රීපාල සිරිසේන මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය.
ගුවන්‍තතොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී ජනපතිවරයා තේ කෝප්පයක් ද පානය කළේය.
මෙම සංචාරය අතරතුර දී මහ රැජින සමඟ විශේෂ හමුවකට මෙන් ම දිවා භෝජන සංග්‍රහයකට ද එක් වන ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අගමැතිවරයා සමඟ ද විශේෂ සාකච්ඡාවකට එක් වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩ දෙනෙක් ගියොත් එංගලන්තයේ වියදම් වැඩි වෙනවනේ. එංගලන්තයේ වියදම් ටිකත් ඉතුරු කරලා දෙන්න ඕනෙනේ. මෙයාව ටික කලකින් ළමයි ගණන් ගන්නැති ප්‍රින්සිපල් කෙනෙක් වගේ වෙයිද දන්නේ නෑ (නදී)
මිනිසුන් අතර එක් මිනිසෙක්. අනෙක් අප්පුහාමිලාත් ආදර්ශයක් ගෙන හැදුනොත් හොඳයි. නැත්නම් ඔවුන්ටත් මහින්ද සූත්‍රයම උරුම විය යුතුය. (නදී)
මෙයාට තර්ජනයක් නැහැ. තනියෙන් උනත් ගියහැකියි. තර්ජන තිබුනේ සහ තියෙන්නේ කොටි පරාජය කරපු දේශයේ ගැලවුම්කරු මහින්දට. (නදී)
කවුරැැ කොහොම කිවූවත් වෙන්න ඹිනේ දේ ඹන්න ඹික තමා. (ර)
සාමාන්‍ය ගුවන් මගීන්ගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් ගුවන් යානය පිටත්වීමට පැයකට කළින් මෛත්‍රීපාල සිරිසේන මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය. රටට ආදර්ශය දිය යුත්තේ මේ ආකාරයටය. නියම නායකයා. (නදී)
හොඳ ආදර්ශයක් (නදී)
දින 100 ඉවරවෙන්ඩ කලින් ටුවර් ටික යන එක හොඳයි (නදී)
නියමයි (නදී)
වැඩ නැති නිසා ඔහොම තමයි. (නදී)
මාලිංග ඔබ හරියටම හරි. රටේ නායකයා උනාම එකේ අභිමානය රැකිය යුතුයි. බොරු වැඩ නොකර. ටෙෂන් ගේ කොමෙන්ට් එකට මට හිනාව නවත්වා ගන්න බැරි උනා. (ර)
දැන් පචවංශලා ඉරිසියාවේ පිපිරෙනවා ඇති. ඇයි කලින් ලොක්කගේ පස්සෙන් එල්ලිලා ගමරාල දිව්‍ය ලෝකේ ගියා වගේ රට ගිය කාලේ ඉවර වුනානේ. (නදී)
ලාබෙට ගත්ත "කහ පාන්" කකා ඉන්නකොට මෙහෙම විහිළු හරි මරු. කරන්න වැඩ තියන කම්පනි ලොක්කෙක් උනත් දන්නවා පැයක් ගුවන්තොටුපොළේ ඉන්න එක මොන අපරාධයක්ද කියලා. අර මහා බැංකුවේ වෙච්ච අපරාදේ වගේ දේවල් නොවුනා නම් හොඳයි.(නදී)
ටිකට්වලට ගිය සල්ලි ටිකත් ඉතුරු කරන්න තිබුනා. අපි වගේ ස්කයිප් කරානම්. ක්‍රම සහ විධි තියෙද්දී රටේ සල්ලි පුළුවන් තරම් ඉතුරු කරන්නනේ ඕනා. (නදී)
ගිහාන්ලා තවම වලිකන්නේ හිටපු ලොක්කව ආයේ රජ කරගෙන පරණ සැපම වලදින්න තමා. අනාථාගාරය එ්කට බොහොම මහන්සි වෙනවා. (නදී)
මෙන්න ආදර්ශමත් ජනාධිපතිවරු. හිටපු කෙනා ගියානම් නඩයක් කැන්දාගෙන, මහජන මුදල් කාබාසිනියා කරගෙන ගුවන් යානයක් අරගෙන තමයි යන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි ඔබට අපේ හද පිරි උතමාචාරය (නදී)
කෝ අර පස්සෙන් යන චතුර්විද සේනාව? අඩුම ගානේ ලමයිවත් නැහැ. ප්‍රසන්සනීයයි. නෝනිස් මහතා කැටුව යාම ශක්තියක්. චිරං ජයතු. (නදී)
මේ වගේ දේවල් කරන ජනාධිපති කෙනෙක් අපිට ලැබුන එක නම් පුරුවේ වාසනාවක් (නදී)
ඔබාමා නිදා ගන්නේ පැය 5 යි. මෝඩි පැය 4 යි. ගුවන් තොටක පැයක් නාස්ති කරන්න කාලය අපරාදේ නේද ? (නදී)
මේවා මෝඩ ජෝක් (නදී)
සල්ලි ඉතුරු කරලා ඊට පස්සේ රට විකුණලා දාන්න (නදී)
දහම් මෝඩයෙක් වගේ කියවන්න එපා. මෛත්‍රී මැතිතුමා පස් වතාවක් කොටි තරජනවලින් බේරුණ කෙනෙක්. මේ ලෝකේ කොටි තර්ජන තියෙන එකම එක්කෙනා තමුන්නහෙලාගේ ලොක්කා විතරද ? පුළුවන් නම් ගිහිල්ල එයාව ආරක්ෂාව පතා අර මිලදී ගත්ත කියන දුපතේ හරි හංගලා තියාගන්නවා . (නදී)
මුළු ලොවටම ආදර්ශයක්, දුප්පත් කම හඳුනන නායකයෙක්, මෙහි සමහර අදහස් දැමු ජානක දහම් වැනි අය ගැන කණගාටුයි.(නදී)
මම මේ කල්පනා කලේ ධනුක තනියම කොහොමද ලෝකේ දෙපැත්තක ඉන්න නායකයෝ දෙන්නෙක්ව උදේට ඇහැර වන්නේ කියලා. මට දනුක ගැන ලජ්ජත් හිතෙනවා. මෝඩි ට නම් නෝනා කෙනෙක් නැහැනේ. එ්ත් ඔබාමගෙ නෝනා ඉඩ දෙයිද ඕවට (නදී)
වැඩ නැති නිසා පොඩි ළමය මෙහෙම කාලය කාගෙන් ගමන් යන එක හොඳයි. අනෙක ඉතින් රටක ජනාධිපති කෙනෙකුට එම පදවියට අයත් ප්‍රටෝකොල් එකක් තියනවනේ. (නදී)
මිනිසුන් අතර එක් මිනිසෙක්. අනෙක් අප්පුහාමිලාත් ආදර්ශයක් ගෙන හැදුනොත් හොඳයි. නැත්නම් ඔවුන්ටත් මහින්ද සූත්‍රයම උරුම විය යුතුය. (නදී)
ජනාධිපති කෙනෙකුට එහෙම නාස්ති කරන්න කාලයක් නැහැ. (නදී)
සමන්තල කැමති ඇති හැංගිල ඉන්නවට. ඇයි බය? (නදී)
නදී ඔයා ආතල් දෙනවා වැඩී ඔයත් නාමල්ගේ ශොට් එකක්ද? (අ)
සමන්ත, ලොක්කා ගත්තා කියන කිසිම දෙයක් යහපාලනයෙන් ඔප්පු කරලා පෙන්නුවේ නැහැනේ හලෝ. මෙතන අතිසොක්තියෙන් උලුප්පන සාමානය පර්යන්තයෙන් ගියා, පැයකට කලින් අවා,ගියේ සාමානය ගුවන් යානයෙන් කියන ඒවා තනිකරම මාකටින් වැඩ. මේවට නැමෙන්නේ ඔලුවට ජටා බදින කට්ටිය . දින 100 මොනවද කලේ කියලා හොයල බලන්න.රතන හාමුදුරුවොත් කලකිරිලා ලු ඉන්නේ.ඇතැම් ඇමති පට්ටම දුන්න ඒවායෙන්ම තේරෙනවා යහපාලනය ක්‍රියාත්මක කරන්නේ අගමැති බව. ජනාදිපති දැන්ම නාමික වෙලා ඉවරයි. (අ)
මොන එයාර් පොර්ට් එකේද පැයකට කලින් එන්න කියල තියෙන්නේ. ලෝකෙම පිළිගත සම්ප්‍රදාය තමා පැය තුන.. ඒ කියන්නේ එතනත් පැය දෙකක් පරක්කු වෙලා ගිගින් තියෙන්නේ... එකයි වෙනස...(අ)
ජනහද හඳුනන නායකයෙක්. හරිම සන්තෝසයි රටේ ඇතිවෙමින් පවතින වාතාවරණය ගැන. (අ)
සාමාන්‍ය ගුවන් මගීන්ගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් ගුවන් යානය පිටත්වීමට පැයකට කළින් මෛත්‍රීපාල සිරිසේන මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණිම යහපාලනය නම් වේ (අ)
තේ කෝප්පය බීලා අනේ අපි වගේම වැසිකිලියට ගිහින් මුත්‍ර කලානේ ! බලන්නකෝ !! හරි චාම් මනුස්සයා... (අ)
ඔය ගුවන් යානයේ මමත් ආවා. ශ්‍රී ලංකන් එකේ ඉඩ නැති නිසයි එමිරේට්ස් එකේ ගියේ. කලින් කෙනත් දැං කෙනත් වියදං කරන්නේ අපේ සල්ලිම තමයි. හබැයි ප්‍රමාන වෙනස්. දැං කෙනාට හොඳ පිලිගැනීමක් නම් තියෙනවා කවුරු අකැමැති උනත්. (නදී)
මේ ගමේ ජනාධිපති උරුගුවේ ජනාදිපතිට වඩා දුප්පත්. කන්නේ ආප්ප විතරයි. (අ)
රටේ අනාගතය උගස් තියල 100 යක් 200 පිරිවරාගෙන රට ගිහින් සම්බාදක ගෙනෙන මෝඩ රජෙකුගේත් නියම සමාජ සේවකයකුගේත් වෙනස නොතේරන හිස් මිනිසුනේ නුබලගේ ඔලු ගෙඩි වලට හෙන ගැහිලද (අ)
හිටපු ජනාධිපති තුමාට තර්ජන තිබුණු නිසයි වෙනම ගුවන් ගමන් ගියේ.ගිය පියවර නම් වැඩියි. එක අනුමත කරන්න බැහැ. ඒ තර්ජන නිසාම වියයුතුයි ,අරලිය ගහ මැදුරේ මෙතරම් රැස්වීම් පැවැත්වුයේ,ඔහුගේ ධුර කාලයේදී. (අ)
කව්රු ආණ්ඩුකලත් හිටපු ජනාධිපතිතුමාට නින්දා අපහාස කරන්න එපා මෙතුමා නිසා තමා අද ජනතාව නිදහසේ ජීවත්වෙන්නේ සිංහල ජාතිය එතුමාට නයගැතියි (අ)
වාස් ලා වාගේ කුරහන් සාටක වල එල්ලිලා යන අය දැන් ලංකාවේ නොමැත (නදී)
සම්පත්ගේ ප්‍රතිචාරයේ තරම පේනවා (නදී)
මහින්දට වඩා ජීවිතයට තර්ජනයක් ෆොන්සේකාට තියෙන්න ඕන නේද? මොකද ඇත්තටම යුද්දේ කලේ එයා නේ. (නදී)
ඕව බොරු සෝබන වැඩ (නදී)
ඕවා ප්‍රදර්ශන වැඩ (නදී)
මේ වගේ පොඩි පොඩි මුදල් ඉතුරු කරන වැඩ කරන්න නෙවෙයි අපි ඔබව පත් කලේ. කහ ඉරිවල ඔබතුමා නවත්වන්න එපා. අපට කාලය වටිනවා. රටේ දියුනුවට ඉක්මනින් වැඩක් කරනවා දකින්න අපට ඕනේ.(නදී)
හැම කෙනාටම හොද ආදර්ශයක් දීල තියෙන්නේ. රට හදන්න නම් උඩ සිට පහලටත් පහල සිට උඩටත් බුද්ධිමත්ව ආදර්ශමත් වෙන්න ඕනි. හිටුපු කෙනා කලේ ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් ලෝකේ වටේ ගිය එක විතරයි හොරු රැලත් දක්කාගෙන.(නදී)
ඇයි එතුමා ජාතික ගුවන්සේවයේ නොගියේ ? (නදී)
දහම්, මෝඩ කතාමයි කියන්නේ .(නදී)
මෛත්‍රීපාල කියන්නේ ජනාධිපති කෙනෙක් රජ කෙනෙක් නෙමෙයි. ජනාධිපති කෙනෙක් යන්න ඕනේ ඔහොම තමයි. රජ්ජුරුවෝ තමයි සේනාව එක්ක යන්න ඕනේ. කලින් හිටියේ රජ කෙනෙක් නේ. ඡන්දෙන් ආපු ජනාධිපති කෙනෙක් නෙමෙයිනෙ. (නදී)
මෙතුමාට පිං සිද්ධ වෙන්න ඕනේ මිනිසුන්ව රකිනවට. (ර)
අපේ රටේ ජාතික ගුවන් සේවය තියෙද්දී එහි තරඟකාරී ගුවන් සේවයක් සමග ගමන් යාම හොඳ ආදර්ශයක් නොවෙයි. ඔය සල්ලි යන්නේ පිටරටකට. (ර)
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා තමයි මේ රටේ බුද්ධිමතුන්ගේ නායකයා එතුමාට ජයවේවා! (ර)
දනුක, ඒ පැය ප්‍රමාද නොවී යා හැකි ක්‍රමයක් සදහන් කරන්න. (ර)
එතුමාට ජයවේවා.! (ර)
කවදත් හොද හොදක් විදියට දකින්න හොද ඇසක්, මොලයක් තිබිය යුතුයි. (ර)
ඔබව අගය කරනවා,මෛත්‍රී මහත්තය.ඔය විදියට කරගෙන යන්න.ස්මාරක ඕන නැහැ.ජන හදවත් තුළ සදා රැඳේවි 9අ)
සාමාන්යෙන් මගින් යන එකේ යන්න පුළුවන් මොනම ප්‍රශ්නයක්වත් නැහැ , (අ)
ජනාධිපති කෙනකුගේ කාලය ඉතා වටිනවා. අපේ රට පස්සට යන්නේ මේ නිසා. කළ යුතු වැඩ කරන්නේ නැහැ. රුපියල් සත ඉතුරු කරනවා , කෝටි ගණන් හේදිලා යනවා. (අ)
අපේ රට තවම සංවර්ධනය වෙන රටක්. ඔය විදියට හරි රාජ්‍ය නායකයා ආදර්ශ දීම උතුම් මිනිස් කම. දහම් ල ගැන අපිට ලැජ්ජයි. (අ)
මෙයාට ආප්පයකුත් කන්නදිල මාරුවක් දාන්න හැරියා නම් තමයි හොඳ (අ)
අපොයි මාටින් උන්නැහේ අපි මොකට බය වෙන්නද ? සමහරු මේ කොටි තර්ජන කියා කියා වෙව්ලනකොට ඉතින් ඔය හැංගෙන්න හදා ගත්ත තැනකට යන්න කියනවා මිසක් වෙන මොනවා කියන්නද ? (අ)
යම් තාක් දුරකට අනෙකුන්ගේ ආකර්ෂණය සදහා කළ දෙයක් වුණත් විශිෂ්ට ක්‍රියාවක්. මොන වුණත් ඔය දේවල් වලට වැඩි දේවල් අපි ඔබතුමාගෙන් බලාපොරොත්තුවෙනවා . (අ)
එල එල මහා පුරවැසියාටත් ශ්‍රී ලංකන් එයාර් එපා වෙලා වගේ.. දවසට දෙපාරක් නොනවත්වා යන එකට වඩා ඩුබායි බැහැල යන එමිරේට්ස් හොඳයි වගේ (අ)
පිරිවර අඩුවෙන් ගෙනියන එක හොදයි. නමුත් තනතුරේ නම්බුවට සහ ගෞරවයට හානි නොකළ යුතුයි. (අ)
පරාභව සුත්‍රය කියවන්න . එතකොට වැටහේවි. (අ)
ගොඩක් අය ජීවත් වෙන්නේ දුපත් මානසිකත්වයේන් .ජනාධිපති වුණාම අනිත් මිනිස්සු පාගාගෙන ඉන්න ඕනේ කියන එක තමා තේරෙන්නේ මේකේ අදහස් බැලුවම. අනේ අනිච්චන් (අ)
රටේ නායකයා කියන්නේ සාමාන්‍ය මිනිහෙක් නෙමේ ගරු බුහුමන් ලැබිය යුතු කෙනෙක්. මේ කරන්නේ ඒක කන එකයි. (අ)
නියම නායකත්වය ජනාධිපතිතුමනි සුබපැතුම්!හිටපු එක්කනාටත් එයාගේ ගෝල බාල අම්බට්ටින්ටත් නියම ඇතුල් පහර බලන්න අපේ ජනාධිපතිතුමා කොච්චර නිහතමානිද කියලා (අ)
ජනප්‍රිය වෙන්න ඔය වගේ වැඩ කරන්න වෙනවා . (අ)
සිල්වා මහත්තයාගේ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත (අ)
මේ වගේ රටට ආදර්ශ දෙන නායකයකු රටට බිහිවීම වාසනාවක්, ඒ වගේම පසුගිය පාලනය විසින් විනාශ කරන මේ රට නැවතත් නගා සිටුවීම සඳහා දුෂිතයන්ට දඬුවම් දීම ඉක්මනින් කලයුතු ප්‍රධාන කාර්යයක් ලෙස සැලිකිය යුතුය. (ර)
තමන් කවූදා කියල දන්නේ නැති හා තමාගේ තත්වයට නොගැලපෙන විදිහට හැසිරීමෙන් මේ හැල්ලු කරන්නේ රටේ අභිමානය. (ර)
වැදගත් වෙන්නේ වැඩ කරන නායකයන්ට. මහින්ද මහත්තයත් එක්ක සංසන්දනය කරන එක ගැලපෙන්නේ නැහැ. (ර)
හැමදාමත් මෙහෙම තිබුනොත් හොද ලංකාවක් නිර්මාණය වෙිවි (අ)
ගරු ජනාධිපති තුමනී. ඔබතුමා සරල බව අපට කියාදෙනවා ආදර්ශයෙන්ම. නිරහන්කාර භවේ රසය කියා දෙනවා ආදර්ශයෙන්ම. ඒ විතරක් නොවෙයි නාස්තිය දූෂණය රටේ සියළු මිනිසුන් කෙරෙන් තුරන කරවීමට අනුබලදනවා අපේ හිත්වලටත් හොරාම. ජනපති තුමනී ඔබතුමන්වැනි තරුණ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, රැකියා නියුක්තිකයන් පිරිසක් මෙන්ම ජනතාවක් සිටින රටක් බිහිකිරීමට ඔබතුමන්ට සහයවීමට මටද අවස්ථාව ලබා දෙන්න (අ)
මේ වෙලා තියෙන්නේ අර යසලාලක තිස්ස රජතුමාට වූ දෙයමයි. නියම රජා මරලා රජා වුණාට රජ සැප විඳින්න දන්නේ නැහැ, වාසනාවක් නැහැ. තමුන් යම් යම් දේ කරන්න කියන්න දන්නේ නැති නිසාත් පුරුද්දක් නැති නිසාත් ඒවා නොකර ඉන්නවා අනුනට අදර්ශවෙන්න කියල බොරු ශෝභන ආදර්ශ පාටයකුත් හදාගෙන. ඒවා අපේ බයියලට මැජික්. (අ)
ගිහින් කියපන් ජන කවියක් රජ තුමියට. (අ)
යහපාලනය පමණක් නොවේ . ඉතුරු කරන්න පුළුවන් හැම මර්ගයකින්ම ඉතුරු කරනවා. අය වගේ නැහැ තමා. ඒ වුණාට කෝටි ගානක මුදලක් ඉතුරු කරනවා. යුද්ධය දින්න කියල ජීවිත කාලය පුරාවට මහජන මුදල් නාස්ති කරන මහින්දව ගෙදර යවන්න පාර කපපු සුමනදාසට අපගේ සුබ පැතුම්.. (අ)
පංගුවක් යහපාලන බයියන්ට මේවා ලොකු වුණට අපට නම් ලැජ්ජයි .මේ වගේ ෂෝ බිස්නස් කරන්න ගිහිල්ල රටේ ගරුත්වය සහ ජනාධිපති නමැති නිලයේ ගරුත්වය සැහැල්ලුවට ලක් කිරීමක් තමයි මේකෙන් වෙන්නේ .(අ)
ඇත්ත මෛත්‍රී නිහතමානී වැඩී, ඒක නිසාම එයාට ඇරල යනක්ං එයත් දන්නෙ නැහැ, උතුරෙයි නැගෙනහිරයි වෙන දේවල් පේනවනෙ, ප්‍රභූ පර්යන්තයේ තේ බොන්නයි, පාර්ලිමේන්තුවෙ කැන්ටිමට හොරෙන් රිංගන්නයි ජනාධිපති කමක් ඕන නැහැනෙ, ඔය වගෙ වැඩ ඇරුනාම තාම කරපු දෙයකුත් නැහැනෙ, අනික නම්බුනාමත් එපාලු, ජනාධිපති මන්ධිරෙත් එපාලු, පක්ෂෙ මහ ලේකම් තනතුරේ ඉදගෙන ඔය දේවල් කරල රට පාලනය කරන්න පුලුවන් කෙනාට රට බාර දුන්නා නම් ඉවරයිනෙ,අනේ මනද එයත් විහිලුවක් වෙලා රටත් විහිලුවක් කරනව....(අ)
කොටි කවදාවත් මහින්දව ඝාතනය කරන්න හේදුවේ නෙහෙ. මෛත්‍රී ව 5 වතාවක් මරන්න උත්සහ කෙරුවේ කොටින්ට තිබුන තර්ජනය නිසා. (අ)
අම්මෝ අපි දන්නවා මෛත්‍රී මහත්මයා මාර ගේමක් දුන්නනේ කොටින්ට විරුද්දව (අ)
සුනිල් ජයතිස්ස මුහුනුපොත. නිවටකමයි, මෝඩකමයි ප්‍රදර්ශනය කරන්න එපා. ඔහොම නිවට නියාලු වෙලා ජීවත් වෙලා වැඩක් තියෙනව ද. නායකයෙක් ගාව වුණත් (අ)
රාජ්‍ය නායකයෙක් පැයක් රස්තියාදු වෙනවා කියන්නේ මොන තරම් පාඩුවක් ද ? හොන්දයි ඉතින් වෙන වැඩ නැත්නම් (අ)
ලංකාව ඉතා කුඩා දියුණු වෙන රටක්. එනිසා මහජනයාගේ මුදල් කාබාසිනියා කිරීම ලොකු අපරාදයක්. රටේ නායකයා ආදර්ශමත් නැතිනම් රට වැසියන් කවදාවත් හදන්න බැහැ. එ්ක නිසා නිල් කොළ රතු කන්නාඩිවලින් නොබලා යථාර්තය තේරුම් ගෙන අනාගත පරම්පරාව ගෙන සිතලා වැඩ කළොත් නේද හොද.(නදී)
බලමු බලමු මොකද වෙන්නේ කියල ඉස්සරහට. තාම කල් වැඩියි අදහස් ප්‍රකාශ කරන්න. පුතත් ඉන්නේ එංගලන්තේ නිසා බලලම එන්න පුළුවන්. (නදී)
මේවා මේ රගපෑම්. ඔය හදන්නේ මහින්ද මහත්තයව මිනිස්සුන්ට එපා කරවන්න. ඕවා මෝඩ චූන්, අපි රැවටෙයි ඕවට.(නදී)
රජය ආයතන සංග්‍රහයේ තියෙන්නේ රටේ ගුවන් සේවය බාවිතා කලයුතුය කියල නේද ? (නදී)
පැයකට කලින් ඇවිල්ලා ප්‍රබු පර්යන්තයෙන් තේ බිලා වී.අයි.පි ආසනවල ගියාලු.(නදී)
මාද්‍ය වලින් කියන ඒවා හැම එකක්ම ඇත්ත නොවෙයි කියල අපි දන්නවානේ. නමුත් නව ශ්‍රී ලංකා ජනපතිතුමා හැම එකක්ම චාමෙට කරන එක පත්තරවලින් පෙන්වන එක හොඳයිද කියලා හිතන්න වෙනවා. මොකද ආණ්ඩුවේත්, විරුද්ධ නොවන විරුද්ධ පක්ෂයේත් කට්ටියට තරහ යන්නත් පුළුවනි නේ.(නදී)
වැදගත් වෙන්නේ ගමන නොවෙයි රට කොහොමද පාලනය කරන්නේ කියන එකයි (නදී)
මෙහි හරය රාජ්‍ය නායකයාද වරප්‍රසාද නැති අයිතිවාසිකම් පමණක් භුක්ති විඳින පුරවැසියෙක් පමණක් විය යුතු බවයි. (නදී)
දහම්, දනුක තරු ජෝකර්ලා නොවී සද්දේ වහලා ඉන්න හරක් කියල ලෝකයා දන්නේ තප්පුලනකොටයි (නදී)
ලගදීම පෙඩරල් දෙනවා (නදී)
අැයි ආර්යාව කියන්න එපා කීව නේද. දැන් ටික ටික වෙනස් වේ ගෙන යනවද වෙනසකට.(නදී)
ඔව් ඉතින් මෙයාට වෙන කරන්න වැඩ නැති නිසා මේ වගේ රස්තියාදු වුනාට කමක් නෑ. (නදී)
බොරු අල්පේච්ච කමක්ද කියල මට හිතෙනවා ......ගිය ආණ්ඩුවේ ඉන්නකොට මෙහෙම නැහැනේ..(නදී)
වෙන වැඩ නැති නිසාම හොඳයි මෙතුමාට (නදී)
ඔහොම යන්කෝ 11 එනවනේ (නදී)
දාල තිබෙන පිළිතුරු වලින් පේනවා සිංහල නම් වලින් අදහස් දාන පරගැති, කොටින්ගේ කටුකන බලු රැලක් සහ රෝ සංවිධානයේ ඔත්තු කරුවන් රැලක් ඉන්න බව. තිස්සෙම බලන්නේ මහින්ද රාජපක්ෂව එලවන්න. කොටින් නැවත රජ කරවන්න. සිංහල මිනිසුන්ගේ අයිතීන් පාගා දමන්න. (නදී)
හරි දෙයක් හරිහැටි දකින්නේ නැති අය අප අතර තවත් ඉන්නවා. ඉහත කියමන් දකිද්දි ඒක තේරෙනවා. හදවතට තට්ටි කරල අහන්න හරි දෙය කුමක්ද කියලා. (නදී)
මෛත්‍රීට ලංකාවේ ඇවිදිනකොට ලංගම බස් එකක යන්නත් පුළුවන්. එහෙම තමා ලංකාව පුරා යහපාලනය පතුරවන්නේ. වියදම අඩු කරන්නේ. බයිසිකලයක් අරගෙන රටපුරා ගියානම් ඇඟටත් ගොඩක් හොඳයි (නදී)
මහ පුරවැසියට ශ්‍රී ලංකන් අරහංද?(නදී)
ටේෂාන් කියල කෙනෙක් කියනව කොටින්ගෙන් තර්ජනය තිබුනෙ මහින්දට නෙවෙයි මෛත්‍රීටලු. මට නම් හිතෙන්නෙ ටේෂාන්ගෙ බෙහෙත් වේල අමතක වෙලා වගෙයි (නදී)
මොහුට කිසිම බයක් වෙන්න දෙයක් නැ. ඩයස් පෝරාවට ඕන විදිහට වැඩ කරනවා.(නදී)
පැය 3ක කාලයක් රාජ්‍ය නායකෙයෙක් කාලය කා දමයිනම් ,ඒ රටට දෙයියන්ගේම පිහිටයි . (නදී)
කට්ටිය වල්ගේ පාගාගෙන අපේ රටේ දැන් නායකයා රනිල් රට පාලනය කරන්නේ රනිල් (නදී)
මාකට් එකේ දාල විකුනන්න ඕන විකිනෙනේ දේවල්. මේ දවස් වල ඕව හොඳට නැගල යනවා. (ර)
දැන් ඉතින් කරපු වැඩක් තියේද මේ දින 60 ට? (ර)
යුද්දය අවසන් කරන මොහොතේ හිටපු ජනපති මහින්ද හිටියේ ලංකාවෙන් පිට. ඒ කාලයේ රාජ්‍ය ආරක්ෂක කටයුතු බාරව සිටියේ මෙතුමා තමයි. මෙතුමාව මරන්න කොටි සංවිදානය හතර සැරයක් පමණ වුත්සාහ කල බව මතක් කර බලන්න. (ර)
ගුවන් යානයේ වියදම් ඉතිරි කරාම ඔක්කොම හරි. (ර)
රටේ සමහරක් මිනිස්සු කැමති, රුපියල් කොටි ප්‍රකෝටි ගානක් මහජන මුදල් වියදම් කරගෙන වෙනම ගුවන් යානයකින් ගිහින් ,ලෝකයේ මිල අධිකතම හොටෙල් එකක කාමර 80-100 ක් විතර අරගෙන "ලිමොසින් "වර්ගයේ කාර් 30-40 කුත් අරගෙන "හිස් පුටු" වලට කතා කරනවා බලන්න. (ර)
ඔය වගෙ වැඩ ඇරුනාම තාම කරපු දෙයක් නැහැනේ.? (ර)
අපේ රටේ හුගාක් මිනිස්සු මෝඩ විදියට හිතන්නේ. එයාලට බඩට බත් නැතත් පුරාජේරුව තමය ඕනේ. (ර)
අපේ රටේ මිනිස්සුන්ගේ ඔලුවල තියෙන දේවල් මේ අදහස් දෙඉහ බෙලුවම හොදට තේරෙනවා. (ර)
මැතිතුමනි, ඔබ ඉතා ආදර්ශවත් ජාතියේ පියෙකු බවට ඉතිහාස ගත වේවි. කවුරු කෙසේ අර්ථකථනය කලත් ඔබ සත්‍යය තුලම ජීවත් වනු ඇති. ඔබ දෙපලට දීර්ගායු වේවා.! (ර)
මෙයාට කොහෙද එහෙම විශේෂ වැඩක්. (නදී)
දහම් මල්ලි, ඔයාට වැරදිලා...මහින්දට කොටි තර්ජන ඇත්තේ නැහැ. ඔක්කොම තඩි කොටි ටික එයා එක්කයි හිටියේ. කේ.පි. කරුණා දයා මාස්ටර් වගේ ඔක්කොම කොටි එයාගේ අතිජාත මිතුරෝ. (නදී)
මහින්ද හිතාගෙන හිටියේ එහෙම තමයි. ලස්සනට දියුනු වේගෙන ආව ශ්‍රීලන්කන්/එමිරේට් ගුවන්සේවය කෑවේ. ඒ කතාව කවුරුවත් දන්නවා.(නදී)
අර නෝනිස් මහත්තයට ගහපු මනුස්සයව අරගෙන පාප් වහන්සේ හම්බ වෙන ගියේ මොන නායකතුමාද? අනවශ්‍ය ලෙස වියදම් කිරීම සාධාරණයි කියන මිනිසුන් සිටීම කණගාටුවට කරුණක්. නිලයේ ගරුත්වය රකින්න වියදම් කරන්න ඕන කියන අය ඉන්න රටක් මිනිසුන්ගේ මානසිකත්වය කෙසේද ? (නදී)
ජනාධිපති කෙනෙකුට එහෙම නාස්ති කරන්න කාලයක් තියෙනවද (දිල්)
මෙයාලා බොරුවටනේ මේ වැඩ කරන්නේ (දිල්)
යහ පාලනයේ වෙනස (දිල්)
මේ මොකද මේ? හරි දෙයට හරියි කියන්න තරම් ආත්ම ශක්තියක් නැති මිනිස්සු ඉන්න රටක්ද මේ? වටේ ඉන්න මිනිස්සුන්ගෙන් ම හිතාගන්න පුළුවන් හිටපු නායකයාගේ තරම. ඇත්තටම වනයේ වන සතුන්ටත් මිට වඩා මොළේ තියනවා. (දිල්)
යුරෝපයේ රටවල නම් මේවා සාමාන්‍ය දේවල් , ජර්මනියේ පාපැදියෙන් සහ පොදු ප්‍රවාහන සේවය භාවිත කරමින් පාර්ලිමේන්තු එන අමෙතිවරු ඉන්නවා , ලංකාවේ දහනායක අගමැතිතුමත් ඉස්සර කෝච්චියෙන් පාර්ලිමේන්තු ඇවිත් තිබෙනවා (දිල්)
ඇත්තම කියන්න. හැබැයි ගියේ නම් "බිස්නස් ක්ලාස්" එකේ. ඒකියන්නේ, සාමාන්‍ය මගියෙක් රැ:48000/= ක් විතර වියදම් කරද්දී අපේ නායකයාගේ ටිකට් එකට රැ:225,000/= ක් වියදම් වුණා එකපැත්තකට. අන්න එ්කත් අඩුකරලා පෙන්වන්න. (නදී)
කර කියාගන්න දෙයක් දන්නේ නැතුව තනතුරේ අතරමන් වෙලා වගේ (නදී)
එතුමා කියල තියෙනව නේද ආර්යාව කියන්න එපා කියලා.
මට ඩී. බී. විජේතුංග මහත්තයා මතක්වුණා. හරි හොඳ මනුස්සයා. ජනාධිපති කමට තමයි මදි. හැබැයි මීට වඩා පණයි. (නදී)
මෙතන "හැඟීම්" දාන අය තවම හිතා ඉන්නේ "කුරහන්" කන කාලේ කියා. (නදී)
ආප්ප කාල ආපු දවසේ ඉඳල මෙයා රගපාන්න ගොඩාක් දක්ෂයි,එත් සමහර අයට මේවා හරිම පුදුම දේවල් ?(නදී)
රටක රාජ්‍ය නායකයෙකුට පැයක් මොනතරම් වටිනවද ? (නදී)
දින 100 වැඩ අමතක කරලා ඔහොම කාලේ කකා ඉන්න හොදද ? (නදී)
යහපාලනයනේ ඉතින් මේ වගේ වෙනවා නේද (දිල්)
අනවශ්‍ය වියදම් නැතුව සාමාන්‍ය පුරවැසියෙක් ලෙස කටුයුතු කිරීම ගැන සතුටුයි. (ර)
රටක නායකයෙකුගේ පිළිවෙත් සහ සම්ප්‍රදායයන් පිළිබඳව පිළිගත් ක්‍රමවේදයන් ලෝකයේ ඕනෑම රටක ඇත. රජ කාලේ සිටම එහෙමයි. එයින් පරිබාහිරව ප්‍රභූ පර්යන්තය පාවිච්චි නොකර හෝ සාමාන්‍ය ගුවන් යානයකින් යාම හෝ මහජන වාදී වීමක් ලෙසින් හෝ සරල සැහැල්ලු බව පෙන්වීමක් ලෙසින් අර්ථකථනය දීම වැරදිය. එය ජනාධිපති තුමා පවා නොමග යවන්නක් වනු ඇත. එතුමා තම නිලයට සුදුසු ලෙසින් සිටීම සහ පහසුකම් පරිහරණය කිරීම ගැන මහජනයාගේ කිසිම අකැමැත්තක් නැත. එතුමා ජනපති තනතුරට පත්වුවා පමණි. ඉදිරියේදී එතුමාට කාර්ය බහුලවීම නිසා මේ කරන " සාමාන්‍ය" දේවල් කරන්නට ඉඩක් නො ලැබෙනු ඇත. කලින් සිටි ජනපති වරුන් සේ පහසුකම් තුළ සිටින්නට සිදුවනු ඇත. එවිට දැන් කරන මේවා විහිළුවක් වනු ඇත. ඒ නිසා මා විශ්වාස කරන්නේ නව ජනපතිගේ නිහතමානි හා චාම් බව තවදුරටත් රකිමින් එතුමාට හිමි සුදුසු තැනෙහි එතුමා සිටුවා ජනතාවට සේවයක් ලබා දීම සැලැස්වීම ය. (ර)
මෙතුමාට මේ උපදෙස් දෙන්නේ කවුද ? (ර)
තමන්ගේ මල්ල විතරක් පුරවගන්න හිතන්නේ නැතිව, අනුන් ගැන හිතල වැඩ කරන නායකයෙක්. (ර)
අපේ රටේ මිනිසුන්ට හොද දේවල් නරකටත් නරක දේවල් හොදටත් තමයි ආදර්ශෙට ගන්නේ. මේවා කවද හැදේවිද මන්දා.? (ර)
සම්පත් මට ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද ලංකාවේ ජනාධිපති කොහොම ඉන්න ඕනද කියලා (දිල්)
ටෙෂාන්, මෛත්‍රීට විතරක් නෙමේයි මහින්දගේ ආණ්ඩුවේ හැමෝටම තර්ජන තිබුණා, හේතුව මහින්ද රට බේරාගැනීම! (දිල්)
හිටපු ජනාධිපතිතුමාට බොහෝ දෙනෙක් අදටත් ගරුකරනවා මතුවටත් එසේමයි. මම නම් දකින්නේ එතුමා ජාත්‍යන්තරය ඉදිරියේ බොහොම අභිමානවත් ලෙස අපේ සිංහල මව්බිම ගැන කතා කලා වගේම විදේශ රටවලින් ඉතාම උණුසුම් ලෙස පිළිගත්තා. (ර)
සංජීව, දන්නැති දේවල් කියවන්න එපා. (දිල්)
මහත්වරු ඔහොමයි (නදී)
අනේ මේ හිරාන්, ඔයගොල්ලන්ගේ හිටපු ලොක්ක මාකටින් කලේ නැද්ද ? මොකක්ද විවෘර්ත කලේ එතන එයාගේ නම ගහ ගන්නවා. එයා එතකොට දැන් බොරු සෝබනේට උත්සවයකට කීයක් වැය කලාද ? ප්‍රශස්ති ගීත කියන්නයි, සංදර්ශන වලටයි අපේ බදු මුදල් නිකම්ම දිය වුනා. ඔයා මෙතන අනිත් මිනිස්සුන්ගේ මාකටින් ගැන කියවන්න එනවා. (නදී)