ජංගම දැව ඉරුම් යන්ත්‍ර තුනක් භාවිතා කරමින් මහා පරිමාණ දැව ජාවාරමක නිරත වූ හත් දෙනකු දැව තොගයත් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ ගාල්ල හියාරේ කඳවුරු නිලධාරීහු සමත් වූහ.
ගාල්ල ඉමදූව හල්පේ පැඟිරිහේන ප්රදේහයේ මෙම ඡාවාරම කලක සිට කරගෙන ගොස් ඇතැයිද කොස්, මැහෝගනී, නැදුන්, බුරුත, හල්මිල්ල ඇතුළු දැව තොගයක් පොලිස් බාරයට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු කියති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනාන්තර ආරක්ෂා කරන්න හමුදාවට දෙන එක තමා හොඳ. රජයේ නිලධාරීන් කරන්නේ පගාගන්න එක විතරයි (නි)
දේශපාලන ආශිර්වදයකින් තොරව මෙවැනි වටිනා ගස් කපමින් කාලාන්තරයක් තිස්සේ මෙවැනි ජාවාරම් කළ නොහැකිය. දේශපාලුවෝ මේ රට නැති කරනවා. (නි)
මෙයට සම්බන්ධ දේශපාලන බලවතා ගැන අපිට අනුමානයෙන් සිතාගන්න පුලුවන් (නි)
ඒ කියන්නේ ප්‍රදේශයේ පොලිසිය මෙලෝදෙයක් දැනගෙන ඉඳලා නැහැ. හැමතැනම වැටලීමක් කළොත් එක්කෝ විශේෂ කාර්ය බලකාය, නැත්නම් දුෂණ මර්ධන ඒකකය. සාමාන්‍ය පොලිසිය ඉන්නේ සැලියුට් ගහන්න විතරද? (නි)
වෙසක්, පොසොන්, ඇසළ මාස වල තොරණ් ඉදිකිරීම සඳහා පුවක් ගස් යොදා ගැනීම වෙනුවට වෙනත් ක්‍රමයක් යෙදුවොත් පුවක් අපනයන අාදායමත්, පසේ සෝදාපාළුව වැළැක්වීමත් දෙකටම රුකුලක් වේවි. (නි)
රට නැතිකරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. රට නැතිකරලා අවසානයි (නි)