වසරක් හැට අටක් මාරුවෙන් මාරුවට පාලනය කරමින් රට ආගාධයට ගෙන ගිය එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද හවුල් ආණ්ඩුවක් බවට පත්ව මේ රට කවදාවත් නොවූ අර්බුදයකට ඇද දමා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (3) පැවැසීය.
1950 වසරේදී ලෝකයට සතයක් වත් ණය නොවූ රට අද මුළු ලෝකයටම කෝටි දස ලක්ෂ පනස් දහසක ණයකරුවන් බවට පත් ව ඇති බව ද අද මුළු රටේ ආර්ථිකය කප්පාදු කර අති විශාල ණය උගුලක පටලවා ඇතැයි ද අනුර කුමාර දිසානායක මහතා එහි දි කීවේය.
ජනතාව මත පටවන අසාධාරණ බදු බරට එරෙහිව සටන් කරමු යන තේමාව යටතේ කොළඹ කොටුවේ උද්ඝෝෂණයකදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.
“අද අපේ රට මෑතක කාලයේ මුහුණ දී තිබෙන දැවැන්තම ආර්ථික කඩාවැටීමට මුහුණ දීලා. නිදහසින් පසු වසර හැට අටක් ගෙවී ගියා. කාලයකට එක්සත් ජාතික පක්ෂය, තවත් කාලයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අද මේ දෙගොල්ලොම එකතු වෙලා මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව පිහිටුවලා. මේ පක්ෂ දෙක රටට මොනවා ද කළේ ? මොවුන් රටට ගෙනත් තියෙන්නේ කොතැනට ද ? අද මේ රටේ ආර්ථිකය සමාජය නැවැතිලා තියෙන්නේ කොතැන ද ?
රටේ ණය ප්‍රමාණය රුපියල් කෝටි අට ලක්ෂ හැත්තෑ පන් දහසක් කියලා අගමැති පාර්ලිමේන්තුවට කියනවා. මාර්තු මාසයේ කියනවා නෑ තවත් කෝටි ලක්ෂයක් වැඩියි කියලා. කෝටි නව ලක්ෂ හැත්තෑ පන් දාහයි කියනවා. අපි ඇහුවා මේ ඇත්ත ගාන ද කියලා. අපිටත් හොයාගන්න බැහැ කියා අගමැති කියනවා. රටේ ණය ප්‍රමාණය හොයාගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එන්න කියනවා කියලා අගමැති කියනවා.
කවුද මේ රට පාලනය කළේ ? රනිල් මෛත්‍රී නායකත්වය දෙන පක්ෂ දෙක තමයි මේ රට පාලනය කළේ ? මේ රටේ ඇති වී තිබෙන මේ අර්බුදයට වග කිව යුත්තේ කවු ද? මෛත්‍රී රනිල් නායකත්වය දෙන පක්ෂ දෙක වෙනම පාලනය කරමින් ඇති කරපු සමාජ ක්‍රමය මෙයට වගකිව යුතුයි. අවුරුදු හැට අටක් ගිහිල්ලා අද මේ රට කෝටි දස ලක්ෂ පනස් දහසකට වඩා වැඩි මුදලක ණයකරුවෝ වෙලා.
ආණ්ඩුව වසරකට උපයා ගන්නා මුළු ආදායමෙන් ඒ අවුරුද්දේ ණය පොළී වාරිකය ගෙවන්න වෙලා. අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වට්ටලා. රටේ ආර්ථිකය කප්පාදු කරලා. විශාල ණය උගුලක රට හිරවෙලා. මේ පාලකයෝ රටේ නිෂ්පාදනය විනාශ කරලා. පිටරටින් බඩු ගේනන අපි වසරකට කෝටි 1800ක් වැය කරනවා. අපේ ආදායම කෝටි 1000යි. ඉතිරි කෝටි 800 අතිරේකව හොයාගන්න අපට සිදුවෙලා. භාණ්ඩ විකුණලා අපි හොයාගන්නේ කෝටි දාහයි. ආනයන අපනයන වෙළෙඳපොළේ කෝටි 800ක හිඟයක් ඇති වෙළා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් රට ණය බරින් මුදවන්න පුළුවන් කියලා දැන් පාරම්බාන අය බැරි වෙලාවත් බලයට පත්වුණොත් වෙනත් සින්දුවක් එතකොට කියන්නත් පුළුවන් බව කවුරුත් දන්නා දෙයක්නේ (නි)
ජේ වී පි එක අනික අයගේ අඩුපාඩු ලෝකෙට ණයවිම කියනවා , ඔවුන් ආවම රට කරන්නේ ඔවුන්ගේ පවුල් බුදලයෙන්ද ? ලෝකයේ බොහෝ රටවල් ලෝක බැංකු වට ණය රටවල් , එය අපට පමණක් අවේනික නැහැ , එජාපයත් සන්දානයත් මොවුන් වාගේ බලයක් නැතුව සැමදා සිටියා නම් ,ඔවුනුත් අනික්, අයට කියන්නේ ඕකම තමා (හේ)
මෛත්‍රී - රනිල් ආණ්ඩුවව පත්කරන්න ජේවීපීය උදවු කළේ නැහැ වගේනෙ දැන් කතා කරන්නේ. (නි)
අරවින්ද, දීලා බලන්න. බලයට ඇවිල්ලා මේගොල්ලෝ වෙනත් සින්දුවක් එතකොට කිව්වොත් මම කියපුවා මතක් කරගන්න. (නි)
මේ කට්ටිය කියන විදියට ණය ගන්නත් බැහැ, බදු වැඩි කරන්නත් බැහැ, සංවර්ධනය නොකර ඉන්නත් බැහැ. මම හිතන්නේ, එකමත් එක කාලයක රුපියල් 5 බැගින් එකතු කරලා වැව් හැදුවා වගේ වෙන්න ඇති (නි)
මේවට මෙයාලත් වගකියන්න ඕනෑ. දැන් ඔය කෑගහුවට මෙතනට ගෙනාවෙත් ඔයාලම තමා. දැන් ඔය දඟලන්නේ ඉදිරි පළාත්පාලන මැතිවරණයට මිනිසුන්ට ලණු දෙන්න. (නි)
අපි ශ්‍රි ලංකිකයෝ ( අපේ රජය ) හිඟ නොකා , හිගා කාලා ජීවත් වෙන රටක් !!! හැබැයි මෙතන වෙනසකට තියෙන්නේ ගිය ආණ්ඩුව .... ලංකාවේ සුබ සිද්ධිය සඳහා පිටරවලවලින් ලබාගත්ත ණය .. එයාලගේ පුද්ගලික ගිණුම් වලට දාගත්තා ... ඉතින් දැන් එක වෙන්නේ නැහැ ... ! (හේ)
ඉතින් ඔයාල බලේ අල්ලාගෙන ණය කපලා දාලා පාලනය කරලා පෙන්නන්නකෝ.එහෙම හිතාගෙන නේ ඔය කියවන්නේ. (හේ)
සුමිත්‍රා බස්නායක, එහෙනම් දැන් හදන්න දෙයක් නැනේ. සම්පූර්ණ එකම ඉවරයි. මහා පක්ෂ දෙකට තියෙන්නේ වෙන කොහේ හරි රටකට ගිහින් දේශපාලනේ කරන්න.(හේ)
පෙරේරා, මොකද වෙන්නේ බලන්න අපි මේ පාර ජවිපෙට දීලා බලමුද? එහෙම බැරිනම් ඉතින් ඔයත් වහලෙක් තමයි.(හේ)
මේ ආණ්ඩු දෙකට රෙස්ට් එකක් ගන්න ජෙවිපි එකට බලය ලබා දෙන එක තමයි කරන්න තියෙන්නේ (හේ)
චතුරි කියන කෙනා තාම දන්නේ නැද්ද මහින්ද රජෙක් කියලා (නි)
මේකේ වගකීම පක්ෂ දෙකකට විතරක්ම දෙන්න බැහැ. මොකද පහුගිය කාලේ ජවිපෙ විනාශකාරී ක්‍රියාවන්, කොටින්ගේ ක්‍රියාකලාපයන් ඒ සියල්ලමත් ණය වැඩිවීම තුළ තිබුනා. කොහොමටත් කවදාවත් ජවිපෙට සුදනන් වෙන්න බැහැ. ඒ අයත් මේවට කෙළින්ම වගකියන්න ඕනෑ. (නි)
මේ ඔබ කියන හවුල් ආණ්ඩුව පටන් ගත්තේ අද.ඊයේ වගේ රටේ කිසිම කලෙක වුනේ නැහැ. මහින්දගේ කාලේ තරම් නාස්තියක් මහින්දට බය නිසාද. එහෙම කියන්න බැරි ,සිරිසේන ජනපති සාමාන්‍ය වැසියෙක් වගේ ජීවත්වෙන්නේ කලින් රජ්ජුරුවෝ උඩින් යනකොටත් බිම ඉදගෙන ආරක්ෂාව දෙනවා අන්තිමට නටපු තොවිලෙකුත්. නැහැ. බෙරේ පලුවකුත් නැහැ (හේ)
ඒ අයත් ඔබතුමාලා වගේ විපක්ෂෙට වෙලා හිටියනම් ණය නොවී ඉන්න තිබුනා.(හේ)
අනේ අපේ කට්ටිය කියනවා ගොඩක් අය ඉගෙන ගත්ත අයලු ඉන්නේ.හැබැයි බුද්ධිය තියෙනවද කියන එක ප්‍රශ්නයක්. (හේ)
රත්න දැන් ආණ්ඩුව ණය අරගෙන ඔයාගේ ගිනුමටද දැන් දාන්නේ? රට මෙච්චර විනාස කරලා තියෙද්දිත් තවත් මට්ටු වෙලා නැහැ. (හේ)
අපේ ලංකාව බාගයක් කොටි කෑවා. අනෙක් බාගය ඒ කාලේ ජේවීපීය කෑවා. දැන් මොනවද මේ දොඩවන්නේ? ඔය විනාශකාරී දේවල් නොවුණා නම් අද ලංකාව සුරපුරයක් (නි)
අපි ඉතින් හැමදාම තර්ක කර කර ඉන්නවා (නි)
ලෝකේ රටවල් දෙසිය ගණනක් තියනවා. ණය නැති රටවල් 20ක් කියන්න පුලුවන් නම්! ඇමෙරිකාව, එංගලන්තේ, ප්‍රංශය පවා ණයයි. ණය ගත්තට කමක් නැහැ, එ්කෙන් පලක් ඇති දෙයක් කරනවා නම්. ණය ගෙවන්න පුළුවන් ආයෝජනයේ ප්‍රතිලාභ වලින්. පහුගිය කාලේ නම් අඩුගානේ පාරවල්, වරාය, ගුවන්තොට, විදුලි බලාගාර වගේ දේවල් හැදුනා. දැන් ඊට වැඩි ණය ගන්නවා, එ්ත් මොනවද හැදෙන්නේ? (නි)
දැන් ශ්‍රී ලංකාවට ලැබෙන ණය සහ ආධාර අපේ රටේම සංවර්ධනයට යොදවන බවට ඉතා ලොකු විස්වාසයකින් කියන්න පුළුවන්. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තිබුන කාලේ සමහර අය ළඟ මුදල් ටිකක් සරුවට තිබුනා. එ්ත් ඒවා දුෂණ වලින් ලබාගත් මුදල්. දැන් දුෂණ අඩු නිසා දුෂණ සල්ලිත් අඩු වෙලා. එනිසා අපේ රට ආර්ථිකයෙන් පහළට වැටිලා නැහැ (නි)
කතන්දර එපා. 71, 88/89 විනාශ කළ දේපල සහ එල්ටීටීඊ එකෙන් කරපු විනාශයත් එක්ක තමයි ණය බර වැඩිවෙන්න ගත්තේ. ඒවා ගැන පාපොච්චාරණය කරලා අපි ඉස්සරහට එන්න. අපිත් සපෝට් එකක් දෙන්නම් (නි)
70 සිට 77 දක්වා තිබුන ආණ්ඩුව රට ණයබරින් මුදවාගෙන ආ ගමන 77 න් පසු නැවතුනා (නි)