IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහ නුවර මහ අලි ඇඳුම මහගෙන යයි

මහනුවර දළදා මාළිගාවේ ඇසළ පෙරහරරේ සදාතුක කරඬුව වැඩම කරගෙන යෑමට නියමිත රාජා හස්තියාට මෙවර රන් පැහැති ඇඳුමක් නිර්මාණය වේ.

වසර 45ක් පුරා මහනුවර පෙරහරේ අලි ඇතුන් සඳහා ඇඳුම් නිර්මාණය කරන කේ සී තදානි මහතා මේ ඇඳුම නිර්මාණය කරයි.

රාජාගේ ඇඳුමට රෙදි මීටර සියයක් පමණ අවශ්‍ය බව ද, ඇඳුම නිම කිරීමට රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වැය වන බව ද ඔහු පවසයි.

ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු පළමු වැනි දා ඇරැඹීමට නියමිතය.

12 13 14



අදහස් (0)

මහ නුවර මහ අලි ඇඳුම මහගෙන යයි

සජීව Thursday, 10 July 2014 04:53 PM

හරිම ලස්සනට ඇති (නි)

:       0       0

රුවන් Thursday, 10 July 2014 05:05 PM

මේක ලොකු දක්ෂකමක් (නි)

:       0       0

ගයානී Friday, 11 July 2014 07:33 AM

තදානි මහතා බොහොම පින් ඇති වැඩකට තමයි අත ගහලා තිබෙන්නේ . ඔබට යහපතක් ම වේවා!(දිල්)

:       0       0

චන්දි Friday, 11 July 2014 08:27 AM

රුප නංගි., මේ නිව්ස් එක දැක්කම මට පෙර අපේ අදහස් ටිකක් මතක් උනා, ඔයාට මතකද බුසල් ගේ ගැන ඒ දවස් මොනතරම් සුන්දරව තිබුනද නේද...? (ස)

:       0       0

අරුණ Thursday, 10 July 2014 07:01 PM

මේ වසර ගණන පුරාවට අපත් සමඟ තුබුන ආදරය , සාමය මොනවට සාක්ෂාත් වෙනවද? අලුත් පරමපරාවට පැරැන්නෝ කියාදෙනවා නම් සහජීවනය කොතරම් අගේට පවතීද ? (නි)

:       0       0

පිටිගල Thursday, 10 July 2014 10:45 PM

අරහේ දළ පූට්ටුවා අතුරුදහන් වෙලා නේද? (නි)

:       0       0

නාලක Friday, 11 July 2014 12:51 AM

තදානි මහතාගේ නිර්මාණ ශීලී දක්ෂතාවය ගැන ස්තුති වනවා. නමුත් ඔහු ශ්‍රී ලංකික සිංහල බෞද්ධයෙකු නෙමෙයි වගේ. වැරදිනම් සමා වෙන්න. අනේ අපේ සංස්කෘතියට ආගම ජාතිය ගැන තියෙන උත්සවයටවත් රෙද්ද මහගන්න බැරි දීන ජාතියක්ද අපි? මගේ අදහස ජාති වාදය නෙමෙයි... අපේ ජාතියේ පිරිහීම. (නදී)

:       0       0

තිළිණ Friday, 11 July 2014 02:48 AM

නාලක, නිර්මාණශීලී හැකියාව, ජාතියකට ආගමකට වංසයකට කුලයකට කොටුකිරීම, සීමාකිරීම මානව වර්ගයාට කරන එක්තරා මදිපුංචි කමක් නොවේද? ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ පදනම ආරම්භ වන්නේත් මිහිඳු මා හිමියන් සමග මෙරටට පැමිණි රාජකාරී සමාජ කොටස් 18 කගෙන් ලැබුණු සේවය නිසානෙ. අපි අපිම දීන ජාතියක් කියල සන්නම් ලකුණු කිරීම බුද්ධි ගෝචර නැහැ කියලයි මම නම් දකින්නෙ. ලෝකයේ සර්ව සම්පුර්ණ සියල්ල දත් ජාතීන් ඉන්න රටක් ප්‍රදේශයක් ඇති කියල හිතන්න තියෙන වටා පිටාවක් තියනවද?. මීට කලින් ඔය ඇඳුම ඕන තරම් සිංහල බෞද්ධයෝ නිර්මාණය කළා. බුද්ධි කීර්තිසේන මහතා එවන් දක්ෂයෙක්. අනාගතයේදී ඔබ අදහස් කරන නිර්මානශීලින් බිහිවෙයි. එදාට ඔබගේ මතය නිෂේදනය වෙන්න පුළුවන්. තදානි මහතාට දීර්ගායු පතමි. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 11 July 2014 03:19 AM

තදානි මහතා, ඔබ බොහොම පින්වත් පුද්ගලයෙක්. ඔබේ නම ගෙනියන්න ගෝලයෝ ටිකක් බිහි කරන්න. ඔබට මුළු ලාංකික ජනතාවගේම ප්‍රණාමය. ඔබට දීර්ගායුෂ පතමි. (නදී)

:       0       0

සිසිර Friday, 11 July 2014 03:22 AM

නාලක, ඔබ වගේ සිටින අය නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. මතකද පාප් තුමා ලංකාවට කලින් වතාවේ වැඩිය වෙලාවේ ගාලුමුවදුර වේදිකාව නිර්මාණය කලේ කව්ද කියලා. බෞද්ද භික්ෂුන් වහන්සේ නමක්. (නදී)

:       0       0

අමිල සිංග Friday, 11 July 2014 03:34 AM

සමහරවිට මෙය නිර්මාණය කිරීමට හැකියාව ඇති සිංහල බෞද්ධයෝ ඕන තරම් ඇති. ලංකාවේ තවත් පෙරහැරවල් තියෙනවනේ. එ්ත් මේ මහත්මය අවුරුදු 45ක් තිස්සේ ගෞරවයෙන්, භක්තියෙන් මේ දේ කරන නිසා වෙන කෙනෙක් මොකටද? (නදී)

:       0       0

ගමා-ජපන් Friday, 11 July 2014 04:06 AM

ඔබට දළදා සමිදුගේ සරණයි (නදී)

:       0       0

හසන්ත Friday, 11 July 2014 04:16 AM

මේක ඉතාම විශිෂ්ට දක්ෂතාවයක් (නි)

:       0       0

සරාම් Friday, 11 July 2014 04:22 AM

ඇඳුමද නිදහසද වැඩිය වටින්නේ කියල සතාගෙන් ඇහුව නම් කියල දෙයි . කට්ටියට ඇඳුම් ගැලවෙන්න . (ස)

:       0       0

නලක් Friday, 11 July 2014 04:29 AM

පාප් වහන්සේ ලංකාවට අවම අපේ කෙනෙක් වේදිකාව හැදුවට... වතිකානුවේ උත්සව වල වේදිකා හදන්න ගෙන්නන්නේ නැහැනේ... (ස)

:       0       0

ටිරෝන් Thursday, 10 July 2014 12:35 PM

ලේසි නැහැ නේද වැඩේ? (නි)

:       0       0

පහන්දී Thursday, 10 July 2014 01:19 PM

හරිම ලස්සනයි. වියදමත් ඒ වගේම සැරයි (නි)

:       0       0

සුසන්ත Thursday, 10 July 2014 02:11 PM

බුදු සරණයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site