යුක්තිය, සාධාරණත්වය සහ අධිකරණයේ ස්වාධීනත්වය ඇතුළු කාරණා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට සහභාගිවන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට නිල ආරාධනයක් කළ බව එම සංගම් සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අද(23) කොළඹ දී කීය.
එම විවාදය ඔවුන් දෙදෙනාටම සුදුසුවන පරිදි ජනවාරි 2 සිට 5 දක්වා වන කාලයේදී පැවැත්වීමට අපේක්ෂා කරන බවත් එය මෙහෙයවීමට නිර්පාක්ෂික විද්වත් ගෞරවනීය පුද්ගලයන් දෙදෙනකු සහභාගි කරගන්නා බවත් ජයසූරිය මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට අපි මොනවා කියන්නද? (නි)
සදුනි, අපි විවාද කරලා වැඩක් නැහැ. රට වෙනුවෙන් අපිට කරන්න තියෙන්නේ 8 වෙනිදට මහින්ද රාජපක්ෂ ජනාදිපති කරන එක. (නදී)
බන්දුල පණ්ඩිතයාව විවාදයට යවමු. කතා කරගන්න පුළුවන් ලොකුම වචන ටික කළු සුද්දන්, ආණ්ඩු පෙරලීම, කළගුණ සැලකීම් සහ 9 වෙනිදාට සඳ බැලීම පමණයි. (නදී)
ජනාධිපතිවරණය කියන්නේ දේශපාලන ක්‍රියාදාමයක්. ඒ කාර්යයට අදාල ආයතන හා සංවිධාන ඒ ගැන බලාගනීවි. (නි)
විවාදය ඔවුන් දෙදෙනා සහබාගි වෙනවා කියන්නේ සජීවීව පෙන්වනවා කියන එකයි. අනේ වාසනාවන් එහෙම උනානම් රටම දැන ගනියි අවරුදු 3-4 කදී රටට කරලා තිබෙන සන්වර්දනයේ ප්‍රමාණය. (නදී)
අස්සක් මුල්ලක් නෑර වැදගෙන ඉන්න ෆොටෝ ගහ ගන්නවට වඩා ප්‍රසිද්දියක් ලැබෙයි.(නදී)
මොන පිස්සුද ජීවිතේදී එන්නේ නැහැ. ඒක ඉර හද වගේ විස්වාසයි. (නදී)
සන්ධානයෙන් උපවාස ඇමති හරි ඒවිද? (නදී)
අදහස් වල හැටියට නම් , ජනතා ප්‍රසාදය එතරම් යහපත් නැහැ වගෙයි (නි)
මෙන්න නියම වැඩේ කරනවා නම්. මෛත්‍රී මහත්තයා නම් එයි. ඒත් මහින්ද මහ්තතයා නම් එන එකක් නැහැ. කව්ද බලමුකෝ මේකට එන්න බැහැ කියන්නේ. (නදී)
එ්ක හොඳ අදහසක් (නදී)
අපගේ මෛත්‍රී ශ්‍රී මතාණන් මේ යෝජනාව, අභියෝගය වරක් අනිත් කෙනාට ප්‍රසිද්ධව කිව්වා. එයාට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්නම් කියලත් කිව්ව බව පත්තර කියවන ජනතාව දන්නවා. නමුත් එයා බිල්ලා වගේ ඉන්නවා. ආත්ම ශක්තියක් නැද්ද තම ප්‍රතිවාදියා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න? (නදී)
ඔට්ටුයි, මෛත්‍රී මහත්තයා විතරයි එන්නේ (නදී)
කරන කලට පව් මිරිදිය මීසේ. විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ. (නදී)
ඉතාම කාලෝචිත අදහසක්. අපත් ගෞරවයෙන් ආරාධනා කරනවා එම දෙපලට මෙයට ඉදිරිපත්වන ලෙසට. (නදී)
කවදාවත් කෙරෙන්නේ නැති වැඩක්. තමන් හරියට වැඩ කලානම් තමන් කරපු කරන්න ඉන්න දේ ගැන කතාකරන්න බයවෙන්න ඕනේ නැහැ. අර පෙන්දා කියන මෛත්‍රී මහත්තයා නම් එයි. විවාදයට ආවා නම් කව්ද පෙන්දා කියා බලාගන්න පුලුවන් (නදී)
අපේක්ෂකයෝ 19 දෙනාවම ගෙන්නගෙන වාද බයිලා තරඟයක් තියලා නිර්පාක්ෂික ගෞරවනීය බයිලා ශිල්පින් 19 දෙනෙක්ව විනිශ්ෂයට සහභාගී කරගත්තා නම් මල් 7යි. (නදී)
කියක් ඔට්ටුද ජනාදිපති තුමා මේක මග හරිනවා. (නදී)
බොහොම හොද වැඩක්. හැබැයි ජනාධිපති ඒවිද විශ්වාස නැහැ.(නදී)
පසුගිය දැක මෛත්‍රී මහත්තයා විසින් ප්‍රසිද්දියේ මහින්ද මහතතයාට මේ ආරාධනය කෙරුවා නමුත් ප්‍රතිචාර නොමැත. (නදී)
විවාදයට නොඑන කෙනා නිතරගයෙන්ම පරාදයි. අපි බලමු කවුද එම අභියෝගයක් බාර ගන්න බැරි ආත්ම ශක්තියක් නැති කෙනා කියලා?(හේ)
හොද අදහසක් නමුත් මේකට ජනාධිපතිතුමා එන්නේ නැහැ. (හේ)
ජනාධිපතිතුමා තමා අතින්ම තමාගේ වල කපා ගන්න ඉදිරිපත්වේද? (හේ)
මේ ආරාධනයත් මහින්ද මහතා මගහරින බව ස්ථිරයි.(හේ)
ඔය සංගමය කියන විධියට නටන ජනාධිපති කෙනෙක් නෙවෙයි මහින්ද රාජපක්‍ෂ කියන්නේ. එක එක බංකොලොත් දේශපාලන සට කපට න්‍යායපත්‍ර වලට අල්ලන්න ටිකක් අමාරු වෙයි. ඕවට අහුවෙන මිනිහෙක් වුනා නම් මිලි බෑන්ලා එරික් සෝල් හයිම්ලා දාපු ගැට වලට පයින් ගහලා යුද්ධය අවසන් කරන්න ලැබේවිද? (නදී)
මෛත්‍රී විතරක් ඒවි. මොකද මේක සංවිදානය කරන එක්කෙනත් එයාලගේ එක්කෙනේක්නේ (නදී)
මමත් යෝජනාවක් කරන්නද එහෙනම් ? ජනාදිපති තුමා වෙනුවට අපි කාගේත් හිතවතා බක පණ්ඩිත බන්දුල පෙරේරා යවමුද ? (නදී)
එයිද? මන් නම් හිතන්නෑ (නදී)
ඔන්න රජෝ බාරගන්නවා නම් ගේම. (නදී)
ඩලස් ඇමති ඇයි එවන්නේ නැහැ කියන්නේ ? සර්ව සාධාරන නම් බය නැතුව යන්න විවාදෙට (නදී)
කිර්ති අයියේ,අයියගේ සිහිනය බොඳ වෙලා සුනුවිසුනු වෙලා යන එක ගැන මට කනගාටුයි.....නැහැ අනේ මට හරි සතුටුයි.....කනගාටුයි කිව්වේ බොරුවට. (නදී)
බුද්ධි, ඔබ පෙන්දා කීවේ මෛත්‍රී මහත්තයාටද ? (නදී)
ජනාදිපති තුමා එන්නේ නැහැ (නදී)
මෛත්‍රී මහත්තයා නම් අනිවාර්යයෙන්ම එනවා. ජනාධිපතිතුමා නම් එන්නේ නැහැ. (නදී)
නිශාන්ත, මෝඩ තර්ක නම් ඉදිරිපත් කරන්න එපා.මෙතනට මොකටද සෝල්හයිම්ලාගේ කතා.කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ තමයි (නි)
කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැතිනම් බන්දුල පෙරේරා වත් යවමු. (නදී)
උපුල් ජයසූරිය එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දෙත් ඉල්ලපු හාදයෙක්. ඉතින් කොහොමද මේක නිර්පාක්ෂික වෙන්නේ. (නදී)
කාලෝචිත අදහසක්. දෙන්න ගැනම එතකොට ජනතාවට තීරණය කරන්න පුළුවන්නේ (නදී)
පෙන්දන් කව්ද කියා එයාලම දන්නවා (නදී)
නිර්පාක්ෂික විද්වත් ගෞරවනීය පුද්ගලයන් දෙදෙනකු හොයාගන්න එක තම අමාරු (දිල්)
විමලේටත් එන්න කියමු මහින්ද මහත්තය එක්ක (නදී)
බුද්ධිගේ බුද්ධිය ගැන ප්‍රශ්නයක් තියෙනවා මට (නදී)
ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂක දෙදෙනාගෙන් පර්සි මහේන්දර එයිද කියන්න අපහසුයි මොකද වැඩ වැඩි නිසා. (නදී)
විමල් වීරවංශ හරි පවිත්‍රා නෝනව හරි එවයි සමහර විට. එහෙම උනොත් යන්න එපා මෛත්‍රී මහත්තයෝ (නදී)
වැඩක් නැහැ. එයා එන්නේ නැහැ (නි)
යුද්ධ කාලයේදී එහෙම කට වහගෙන හිටිය ගොඩක් අයගේ දැන් තමය කට ඇරිලා තියෙන්නේ (නි)
මේ කීර්තිව එක්කගෙන ගියා නම් හරි විවාදයට. (නි)
මම ආරාධනා කරනවා නීතීඥ සංගමයට මා සමග විවාදයකට එන්න කියලා නීතීඥ වෘත්තියේ ආචාර ධර්ම රැකීම පිළිබඳව. මගේ විද්‍යුත් තැපැල් ලිපිනය ලංකාදීපය සතුව ඇත. ඔබ මගේ ඇරයුම භාර නොගැනීමට දක්වන හේතු වලට සමාන හේතු මත ම ඔබේ ඇරයුම ද භාර නොගනු ඇත. (නදී)
අපි යුද්ධය කාලෙත් කතාකළා. අදත් කතා කරනවා. එදා අපි මහින්ද මහත්තයට ඡන්දය දුන්නා. ඒ එතුමා එදා හරි හින්දා. අද එතුමාට විරුද්ධව කතාකරනවා. ඒ මේ යන ක්‍රමයේ වරද නිසා. (නි)
ජනපති කැමති, එත් මධ්‍යම කාරක සභාව කැමති නැ කියන්නේ මම දැන් තමා දන්නේ ජනපති මෙ වෙනකම් වැඩ කලේ මේ කියන සභාවට ඔනේ විදියට කියල (ස)
බොහොම හොඳ අදහසක්. තහනම් වචන මොනවා හරි තියෙනවද? කොටි ඩයස්පෝරාව, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය, එහෙම නැතිනම් ආයෙත් රට දෙකට කැඩෙනවා වගේ විහිළු. (නදී)
ඕකට හඩ්සන් සමරසිංහ මහත්තයා යැව්වා නම් හරි නේද ? (නදී)
මෛත්‍රී පාල සිරිසේන උත්තමය මේ විවාදය දිනයි නේ...(බ)
අනුපමා නංගි රැවුල ගිනිඅරන් තියෙන වෙලාවේ සුරුට්ටු පත්තු කරන්න එනවා. අපි ඒ මහත්වරුන්ට කියලා නගාගෙ විවාදය 9 වෙනිදායින් පස්සේ අරන් දෙන්නම්. ඊට වැඩිය ලොකු විවාදයක් දැන් මෙතන තියෙන්නේ. (නදී)
මෙයාලද මේ අපක්ෂපාතීකම ගැන කතා කරන්නේ? (නි)
අනුපමා නගේ, 9 වෙනිදායින් පස්සේ අපි කතා කරලා නගාට විවාදයක් අරන් දෙන්නම්. දැනට කලබල නොවී ඉන්නකෝ. (නදී)
ඇරයුම හොදයි ඒ දෙන්නම එයිද?(හේ)
නීතීඥ සංගමයට මේවා අවශ්‍ය නැති දේවල් , (හේ)