මැතිවරණ ක්‍රමයේ සංශෝධනයකින් පසුව නව මහ මැතිවරණය පවත්වනු ඇතැයි ඇමැති මණ්ඩල ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න ඇමැති අද (5) ප්‍රකාශ කළේය.
කවදා මහ ඡන්දය පවත්වන්නේදැයි මාධ්‍ය වේදීන් ඇසූ විට ඔහු කීවේ දින වකවානු ගැන දැන්ම කිව නොහැකි බවයි. අප්‍රේල් මස 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවන බව කලින් කියා තිබිණි. මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ ඡන්දයක් ඇති කරන බවත් එය ගිය රජය සමයේ දිනේෂ් ගුණවර්ධන කමිටුවේ යෝජනාවලට වඩා ඉදිරියට ගිය ක්‍රමයක් බවත් සේනාරත්න ඇමැති කීවේය.
මෛත්‍රිපාල සිරිසේන ජනපති මේ සම්බන්ධයෙන් ඡන්ද කොමසාරිස්, නීතිපති හා මැනුම්පති සමගද සාකච්ඡා කර ඇතැයිද ව්‍යවස්ථා සංශෝධනයකින් අනතුරුව හෝ ජනමත විචාරයකින් අනතුරුව මහ ඡන්දය පවත්වන බවත් කොමසාරිස්ගේ වාර්තාව සති කිහිපයකින් ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
අයවැයෙන් පොරොන්දුවූ පරිදි ගැබිණි මව්වරුන්ට රුපියල් 20,000 ක මුදල රුපියල් 2000 බැගින් මාස 10 කින් ගෙවන බවද රාජිත සේනාරත්න මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන්නේ ටික ටික එලියට ,කියන්නේ එකක් කොරන්නේ තව එකක් , (අ)
දින 100 ත් කල් යන හැඩයි. (අ)
ඒ මොකද දන්නෙ නැහැ (නි)
කට්ටියම මහ මැතිවරණයට බය වෙලාද (දිල්)