පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු 17 වැනි දා පැවැත්වීමට නියමිත බැවින් අපොස උසස් පෙළ විභාගයේ අගෝස්ත 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිත ඇති විෂයන් පසුව පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් එම්.එන්.කේ.ජේ පුෂ්පකුමාර මහතා පවසයි. ඊට අදාල කාලසටහන් අද සවස් වන විට නිකුත් කිරීමට නියමිත බව ද ඒ මහතා සඳහන් කරයි. නියමිත පරිදි අගෝස්තු 4 වැනි දා අපොස උසස් පෙළ විභාගය ආරම්භ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන්ට රටේ නීතියක් නැතිවුණත් සදාචාරයටවත් ගරු කරන්න වටිනවා.රටක් වටිනා දරු කැළකගේ අධ්‍යාපනයට වඩා ඡන්ද වැඩ ලොකුවුණා. හරි විදියට නම් රටේම ඉන්නා ජනතාව මහා පාරට බැසිය යුතුයි මේවට විරුද්ධව (නි)
බූරුවන්ගේ බූරු වැඩ (අ)
කොහේවත් ඉන්න හොරු රජකරවන්න අපේ විභාග කල් දැම්මා (නදී)
මදැයි කොරා. නියම විදිහට අනාගත පරපුරේ අභිවුර්ධිය ගැන හිතන බව නේද මේ අපේ ජනපතිතුමා පෙන්නුවේ ඒගොල්ලන්ගේ දේශපාලනය වෙනුවෙන් රටේ දරුවන්ගේ අනාගතයට චුට්ටක් කොකා පෙන්නලා (නදී)
ඇත්තටම මෙන්න යහ පාලනයට ඡන්දෙ දීපු හැමෝම බලාගන්න උසස් පෙළ කරපු නැති අය කොහොමද දන්නේ ඒකේ තියෙන අමාරුව නේද (බ)
ඒ කියන්නේ අපේ දේශපාලකයන්ට ඡන්දය ලොකුයි ඉදිරි අනාගතයට බලපාන අධ්‍යාපනයට වැඩිය. ඔප්පු කරලාම පෙන්නුවා.(නදී)
යහපාලනයට ජයම වේවා (නදී)
රටට වැදගත් වන්නේ දේශපාලනයද නැත්නම් අධ්‍යපනයද ? ජනතාවනි සිතා බලා ඔබගේ මනාපය ලබා දෙන්න. අධ්‍යපනය ඇති අය දේශපාලනය කලා නම් මේසේ වන්නේ නැත (නදී)
අපේ විභාගය ගැන කිසිම සැලකිල්ලක් නොදැක්වූ අපිම පත්කළ මේ යහපාලන නඩය ගෙදර යැවීමට වෙනත් අයෙකුට චන්දය දෙමු .(නදී)
අධ්‍යාපනයද වටින්නේ දශපාලනයද ? මේ රටට වරදින්නේ මේ වගේ අමානුෂික වැඩ හින්දා තමයි (නදී)
යහපාලනයේ හැටිද මේ ලැජ්ජයි ඇත්තටම (නදී)