IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මහ කන්නයේ පණිවිඩකරු හිමාලයෙන් එයි

උතුරුමැද පළාතේ මාස් කන්නයේ වැසි වැටෙන විට තැනින් තැන  හඩන කුඩා පක්ෂියෙක් සිටී.ඌ සංක්‍රමණික පක්ෂියෙකි .වන්නි ජනයා ඌ ‘අවිච්චියා‘ යනුවෙන් හදුන්වති.ඒ නම ඇත්ත වශයෙන්ම ‘ඇවිත් ගියා‘ යන්නෙන් බිදී  ආවක් බව මට පඩ්වරයෙක් කීවේය.

මා කියන්නට තැත් කරන්නේ ඒ වචයේ නිරුක්තිය පිළිබඳව  නොව අවිච්චියා සම්බන්ධ කතාවකි.

වැව් වතුරෙන් පිරෙනවිට මාස් කන්නයේ ගොවිතැන් කිරීමට පෙර  වැවේ පංගු කාරයන් සමඟ ‘කන්න‘රැස්වීම පවත්වනු ලැබේ.ඒ රැස්වීම් පැවැත්වීම උප දිසාපතිවරයාගේ මුලිකත්වයෙන් සිදු වන්නකි.එබදු එක් කන්නයක තම්මැන්නාකුලම නම් වැවේ ‘කන්න‘රැස්වීම් පැවැත්වීම සඳහා මම ගියෙමි.

වැවේ පංගු කාරයන්  සාමාන්‍යයෙන්  රැස්වීම සඳහා එකතු වන්නේ ගමේ පන්සලේ හෝ  පාසලේය.ඒ රැස්වීම් පිළියෙළ කරන්නේ ආරච්චි මහත්තයා(ග්‍රාම සේවක නිලධාරි) විසිනි.කුඹුරු සී සාන දින වකවානු ,වැට බඳින  දින වකවානු, ඉසින වී වර්ගය ආදී කරුණු ගැන සාකච්ඡා කර එහිදී  නිශ්චිත තීරණ ගනු ලැබේ.

එම තීරණය ගැනීමෙන් පසුව  ඒවා පිළිපැදීමට  සියලු පංගුකරුවෝ බැඳී සිටිති.

ඒ කන්න රැස්වීම පැවැත්වීමෙන් පසුව වැඩකටයුතු  නිසිපරිදි  කෙරී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා මම තම්මැන්නාකුලමට ගියෙමි.

එහෙත් පුදුමයකට මෙන් කිසිදු ගොවියෙක් වැඩ පටන්ගෙන තිබුණේ නැත.කිහිප දෙනෙක් වෙලට බැස තිබුණද එය නිසි පරිදි  කටයුතු ආරම්භ කිරීමක් ලෙස සැලිකිය නොහැකිව තිබුණේය.

ඒ ඇයි දැයි ගම් ප්‍රධානියාගෙන් කරුණු විමසුවෙමි.ඔහු මදක් අදි මදි කර මට මෙසේ පිළිතුරු දුන්නේය.‘තමුන්නාන්සේට කියන්න ,තාම අවිච්චියෙක් අඩනවා ඇහුණේ නෑනේ ඒකයි පරක්කුව‘

මා තුල මවිතයක් පමණක් නොව සිහින් කෝපයක්ද උපන,ඊට හේතුව වුයේ මේ මිත්‍යා සංකල්ප බදා  වැළඳ ගන්නා මිනිස්සුන් කවදා හිස ඔසවද්ද යන්නය.

නාගරිකයකු වු මගේ ආකල්ප ඊට වෙනස් විය.මම ඒ මිත්‍යා මතය නොපිළිගනිමි.ජීවීතය සමඟ පොර බදා ජීවත්වනු මිස නොයෙකුත් මිත්‍යාවන් කෙරෙහි එල්බ ගැනීම  අදුරදර්ශි ක්‍රියා පිළිවෙතක් යයි සිතුවෙමි.මම එහෙයින් ගමු ප්‍රධානියාට දොස් කීවෙමී.

‘එහෙ නම් කන්න රැස්වීමත් අවිචිචියාටම බාර දුන්නාම ඉවරයි නොව‘

මුහුණු පුළුටු කර ගත් ගම් ප්‍රධානියා කරබාගෙන ඉවසා සිටියේය.අසල සිටි ඉස්කෝලේ මහත්තයාද යමක් කියන්නට තතනා කට  පියාගත්තේය.

ඊට දින කිහිපයකට පසුව ඉස්කෝලේ මහත්තයා  මට කාර්යාලයේදී හමු විය.ඔහු අවිච්චියාගේ කතාව ඇද ගත්තේය.

‘සර්,අර අවිච්චියාගේ කතාවේ ඇත්තක් නැත්තෙම නෑ.‘

‘මොකද්ද ඒකේ තියෙන ඇත්ත.නිකං ගම්මැදි හෑලි මිසක්.‘

‘සර් මෙහෙමයි  ඔය අවිච්චියා කියන්නේ  පුංචි කුරුල්ලෙක් ඌ සීත සෘතුවේදී හිමාලයේ ඉදලයි ලංකාවට එන්නේ ඌට ඔච්චර දුර එකදිගට පියාඹන්න බෑ.ඒ නිසා ඌ මෝසං සුළං එනකල් බලන් ඉන්නවා.ඒ සුළං පාරත් එක්කමයි ඌ එන්නේ.පියාපත් ටිකක් ගහලා හුළං පාරත් එක්ක ඇවිල්ලා ආයෙත් පියාපත් ගහනවා.අන්න එහෙමයි ඌ සේන්දු වෙන්නේ .එතකොට අවිච්චියා ඇඩුවයි කියන්නේ මෝසම් සුළං ඇවිල්ලා.එතකොට වැස්ස සැක නෑ.ඔය ඇත්තෝ ඔය කතන්දරේ  දන්නේ නෑ.පාරම්පරික  පුරුද්දට අවිච්චියා අඩනකල් බලන් ඉන්නවා වෙළට බහින්න.ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවද එය කොතරම් චිත්තාකර්ෂණද?

(අනුරාධපුර හිටපු උප දිසාපති එඩ්මන්ඩ් ජයසුරිය ගේ ‘වැව් බැඳි රාජ්ජේ සවාරියක් ‘ නම් කෘතියෙනි)

Pitta_brachyura

 

 

 



අදහස් (0)

මහ කන්නයේ පණිවිඩකරු හිමාලයෙන් එයි

පිටබැද්දර ජයා Monday, 22 December 2014 11:59 AM

මේකට තමා කියන්නේ දේශීය තාක්ෂණය කියලා. මේවා අකා මකා වෙලා ගියේ දරුවෝ වැඩිහිටියන්ට හිනා උන නිසයි. විදේශිය තාකෂණය ගෙඩි පිටින් බාර ගත්ත අපේ දරුවන්ට මේ දේශීය තාක්ෂණය දෙන්න හිටිය අපේ වැඩිහිටියෝ අැහැ කන පියා ගත්තා (නදී)

:       0       0

රුවන් Monday, 22 December 2014 05:37 PM

අපේ ගම් පළාතෙත් අවිච්චියා දකින්න පුළුවන් අපේ අත්තම්මා ඒ කලේ අපට කියල දුන්නා අවිච්චියා අඩන හැටි (අ)

:       0       0

විල්බට් Monday, 22 December 2014 12:12 PM

ඉතාම ලස්සන කතාවක්. ඔබ තුමාට බොහොම ස්තුතියි (නදී)

:       0       0

නන්දා Tuesday, 23 December 2014 05:38 AM

හරිම වැදගත් කතාවක් .....නියම විද්‍යාත්මක කතාවක්.. (ස)

:       0       0

කුරුවිට Monday, 22 December 2014 06:15 PM

ඔය පැරන්නගේ කතා වලට අනුව වැඩ කලානම් අද අපි පොහොර කන්නේ නැහැ (නදී)

:       0       0

විජේදාස Monday, 22 December 2014 07:05 PM

හරිම වැදගත් දෙයක් මේ ලිපිය නිසා අපි දැනගත්තා (නි)

:       0       0

මංජුල Monday, 22 December 2014 01:14 PM

අපි පොඩි කාලෙ අපේ ගමෙත් කාලෙකට අවිච්චියා දකින්න හිටියා. ඒ කාලෙ අපි හරි පොඩියි. ඉතින් අපේ ආච්චිලා අපිට මේ අවිච්චියා ගැන කතාවක් කියල දුන්නා. ඔය අවිච්චියාට ඒ කාලෙ බොහොම ලස්සන ඇඳුමක් තිබුනලු. ඉතින් මගුල් ගෙදරක යන්න ඕන වුනු මොණරාට අඳින්න ඇඳුමක් නොතිබුනු නිසා මොණරා අවිච්චියා හමුවෙලා ඇඳුම ඉල්ලුවලු ආපහු ගෙනත් දෙන්නම් කියලා. මොණරා ගැන අනුකම්පා කරපු අවිච්චියා තමන්ගෙ ඇඳුම දුන්නලු මොණරාට. නමුත් මගුල් ගෙදරින් පස්සෙ ආයෙ කවදාවත් මොණරා අවිච්චියාට ඇඳුම ගෙනත් දුන්නෙ නැතිලු. අවිච්චියා අඬන්නෙ ටිකක් අමුතු විදියට නේ. ඔය අඬන්නෙ තමන්ගෙ නැති වුනු ඇඳුම ගැන දුකෙන් කියලා ආච්චිලා කිව්ව. ඉතින් කුරුළු ලෝකෙ අපේ වීරයා උනේ අවිච්චියා. අපි අවිච්චියා දිහා බලන්නේ හරි අනුකම්පාවෙන්. කතාව බොරු උනත් ඒ අතීතය මතක් වෙද්දිත් සුන්දරයි (නදී)

:       0       0

අරුණ Monday, 22 December 2014 01:16 PM

කොතරම් සුන්දරද ගැමි අසිරිය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site