හිටපු කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සැමරූ ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එරට පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රීවරුන් විරෝධ දැක්වීමත් නිසා එරට පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී වූ බව තානාපති ආරංචි කියයි.
ඕස්ට්‍රේලියාවේ හරිත පක්ෂයේ සභික ලී රියාන් වේළුපිල්ලේ ප්‍රභාකරන සමරමින් ඉකුත්දා උත්සවයක් පැවැත්වීමට විරෝධය පළ කරමින් ලිබරල් පක්ෂ මන්ත්‍රීවරු විරෝධය දැක්වූහ.
කෲර ත්‍රස්තවාදී නායකයකු සමරන සභිකයන් සිටින මෙම පාර්ලිමේන්තුව ගැන තම කනස්සල්ලට පත්වන බවත් ඕස්ට්‍රේලියා මන්ත්‍රීවරුන් අගය කළ යුත්තේ මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් මිස කෲරත්වය වෙනුවෙන් පෙනී සිටි ත්‍රස්ත නායකයන් නොවන බවත් ලිබරල් මන්ත්‍රී චොන් රැන්ඩල් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ රටවල් ගැන ආඩම්බරයි (නි)
ඉතින් අපේ ලංකාවේ බලයේ ඉන්න උදවිය අතරෙත් එහෙම කට්ටිය ඉන්නවානේ. (නි)
ජාතියක් ජන්මයක් නැති අයට මිනීමරු ත්‍රස්තවාදියත් හොඳයි. ත්‍රස්තවාදයට උදව් කරන අයත් හොඳයි. හැබැයි අපිට බයක් සැකක් නැතුව පාරෙ බැහැලා යන්න පුළුවන් වෙන්න ත්‍රස්තවාදය පරාජය කළ අයයි ත්‍රස්තවාදය පරාජය කරන්න උදව් කළ අයයි වහකඳුරු වගේ. (නි)
ත්‍රස්තවාදය හෙළාදකින ඔවුන් ගැන ආඩම්බරයි (නි)
අවාසනාවකට වගේ නුතන ප්‍රජාතන්ත්‍ර වාදය යටතේ කේ.පී.කියන අකුරු දෙක පාඨකයින්ට වගේම මාධ්‍යය වේදීන්ටත් අකැපයි. (නදී)
දැන් පෙනෙනවානේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ හා නාමික ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනස. මියගිය ත්‍රස්තවාදියෙකු සැමරුවා කියන ප්‍රශ්නය උඩ අනෙක් මන්ත්‍රීවරු විරෝධය පෑවේ. අපේ ලංකාවේ තත්ත්වය කොහොමද? (නි)
අපි ගැන නම් කවර කතාද? (නි)
මෙහෙ ඉන්නේ ඉතින් කොටි විනාශ කළාට හිතයටින් දුක්වෙන අයනේ (නි)
ප්‍රභා වීරයෙක් කරන්න දඟලන අයට හොඳ උත්තරයක් (නි)
ඒ ගොල්ලෝ දන්නේ නැද්ද මෙහෙ පාර්ලිමේන්තුවේ කරුනාත්, රජයේ පිල්ලයනුත්, කේ පීත් ඉන්නවයි කියලා (නදී)
විමල් දළුගම....ඔයාට බොහොමත්ම ස්තුතියි.(බ)
අපේ රටේ උත්තරීතර පාර්ලි මෙන්තුවේ ඉන්න සමහර උදවිය පුල්ලි වහගෙන වලිගෙ හංගගෙන හිටියට එතනින් එලියට බැහැපු ගමන් පුල්ලි මතුවෙනවා. ඒකනේ වෙනම කැලයක් වෙන් කරගන්න දඟලන්නේ. ඒක අපේ අයට තේරෙන්නේ නැහැ (නදී)
හිත යටින් දුක් වනවා විතරක් නෙමේ විමල්. එයාල බලන් ඉන්නේ නවත්වපු තැනින් පටන් ගන්න. (නදී)