බැසිල් රාජපක්ෂ හිටපු ඇමැති මාතර උසාවියට ඉදිරිපත් කළ දිනයේ මාධ්‍යවේදීන් උසාවි ගේට්ටුවෙන් එළියට දැමූ බව කියන සහකාර පොලිස් අධිකාරී සුදත් මාසිංහගේ ක්‍රියා කලාපය ගැන සෙවීමට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අද (13) පරීක්ෂණ ඇරැඹීය.
තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධනපාල අබේවික්‍රම මහතා පත්කරනු ලැබ සිටී.
පොලිස් නිලධරයන්ගෙන් හා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ඔහු බලාපොරොත්තු වේ. මාධ්‍යවේදීනට අධිකරණයට ඇතුළුවීමට මාසිංහ ඉඩ දුන්නේ නැත. මහේස්ත්‍රාත්වරිය ගේ නියමයෙන් එසේ කළ බව ඔහු කියා ඇතත් මහේස්ත්‍රාත්වරිය එසේ කියා නැතැයි මූලික පරීක්ෂණවලදී සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පරීක්ෂණ කඩිනමින් අවසන්වෙනවා නම් හොඳයි (නි)
කටු කන අයට වෙන වැඩ! (බ)
තීරණයක් ගැනීමේ බලයක් පොලිස් අධිකාරී වරයා සතුය (බ)
මේ නිලධාරියා නම්බු පිටින් පොලිසියෙන් අස්වෙලා අර හාමුදුරු කෙනෙක් කාගේදෝ ආරක්ෂාවට හදනවා කියන හමුදාවට බැඳුනොත් නරකද?බොහොම ඉහළ ගතමන්ට් එකක් හම්බු වේවි, වටිනා පිරිකරත් එක්කම! (බ)
මොන පරික්ෂණද, පොලිස් අධිකාරීටත් ඍජු බලයක් ගැනීමේ නිදහස දිය යුතුයි (බ)
චමින්ද, කොයි පොලිස් අධිකාරී වරයාටද?ඒ.එස්.පී.ටද? එස්.එස්.පී ටද? මොන වගන්ති යටතේද? පැහැදිලිකරනවද.(බ)
පරණ, යල්පැනපු රෙජීමයේ ඕනෑ එපාකම් වලට වෙන්න ඇති සමහරු මහේස්ත්‍රාත්වරියගේ නියමයටත් උඩින් යන්නේ (නි)
මේ ටිකේ පොලිස් තරුවලට අපලයි වගේ (නි)
ඒක නම් බොහොම හොඳ දෙයක් (නි)
පොලිස් අධිකාරීවරයාට වුණත් මේ රටේ නීතිය පොදුයි (නි)
එවැනි බලයක් පොලිස් අධිකාරීවරයකුට ඇද්ද, විශේෂයෙන්ම අධිකරණ භූමිය තුළ? ගරු අධිකරණයේ සිදුවන දේ ගැන තීරණය කළයුත්තේ විනිසුරුවන් විසිනි. (නි)
චමින්ද, තීරණයක් ගැනීමේදී බලයට කලින් මොළය පාවිච්චි කළයුතුයි. (නි)
තීරණයක් ගන්න බලයක් තිබේ නම් මහේස්ත්‍රාත්වරියගේ නියෝගයක් ලෙස බොරුවක් ප්‍රකාශ කළේ ඇයි? (නි)
අර තියෙනවා කියන මාධ්‍ය නිදහස කෝ? (නි)
ඇයි දන්නේ නැහැ මාධ්‍යයට ඉඩදුන්නේ නැත්තේ. (නි)
මේ වගේ අය හින්දා මුළු පොලිසියටම කැළලක්...!!! (නි)