බොදුබල සේනා සංවිධානයට මුස්ලිම්වරුන් සමග ප්‍රශ්නයක් නැතැයි ද, එදා වෙළඳාමට ආ මුස්ලිම්වරුන් සිංහල කාන්තාවන් බිරියන් කරගත් බවත් ඔවුන් මෙරට සිටින පේ හතුරන් නොවන බවත්, එහෙත් ඇතැමුන් අරාබි අන්තවාදීන් සමග එක්වී කටයුතු කරන බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලබඩඅත්තේ ඥානසාර හිමියෝ ඇල්පිටියේදී පැවසූහ.
‘ක්‍රිස්තියානි මූලධර්මවාදීන් වගේම, මුස්ලිම් අන්තවාදිනුම් මේ රටට ඇවිත් සිටිනවා.අද බොරු බුදුවරුන් පහළ වෙලා. රහතන් වහන්සේලා සිටින බවත් පේනවා. එමගින් පන්සලට තිබුණු බැඳීමත් නැති කරලා. මෙය මූලධර්ම වාදීන්ගේ වැඩක්. ජාතික හැඟීම් සිංහලයන් අතරින් නැති කර දැමීමයි අරමුණ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ජාතියකම මිනිස්සු ඉන්නවා රටක් උනාම (දී)
කරනවා නම් අපේ රට ඇතුළදීම කරන්න මොනතරම් දේවල් තියෙනවාද අපේ හාමුදුරුවනේ? (නි)
“එමගින් පන්සලට තිබුණු බැඳීමත් නැති කරලා. මෙය මූලධර්මවාදීන්ගේ වැඩක“ සමාවන්න ස්වාමින් වහන්ස, පන්සල, පල්ලිය, කෝවිල සමග තිබුණ බැදීම් නැතිවෙන්න පටන් ගත්තේ අද ඊයෙක නොවෙයි. ළමා විය විභාග තරගයටත්, තරුණ විය රැකියා පෝලිමටත්, විවාහක විය පවුල්බර ඉසිලීමටත් ගෙවෙන රටක පන්සල් පල්ලි මතක් වෙයිද? මෙම තත්වය හැමෝටම පොදුයි! (නි)
ඔබ වැනි කට්ටිය ඉන්න හින්දා අනිත් අයගෙත් නම කැත වෙනවා. කරුණාකරලා දැන්වත් ජාතිවාදය නවත්වන්න (ස)
අපි හාමුදුරුවන් සමගයි. ජය වේවා! (නි)
මේක පිටුපස ලොකු දේශපාලන සහායක් තියෙනවා. අපේ සිංහල මුස්ලිම් සහෝදරත්වය නැති කරන්න හදන්නේ (නි)
මෙතෙක් කල් මුස්ලිම් ජනතාවට හා ඉස්ලාම් ආගමට හැකිතාක් නිගාකොට දැන් කියනවා මුස්ලිම් මිනිස්සු සමග ප්‍රශ්නයක් නැතිලු හා මුස්ලිම් මිනිස්සු හතුරන් නොවේලු!! ඇය් දැන් "U" ටර්න් ? (ස)
මේ කියන්නේ බොරුවට ද ? (ස)
කුඩාපොළ හාමුදුරුවෝ ,වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ඉන්න කාලේ මේ අදහස් දාන අය හිටියා නම් මෙයාලා ඒ හාමුදුරුවරුන්ටත් ත්‍රස්තවාදී කියලා කියාවි. කුඩාපොළ හාමුදුරුවෝ පුරන් අප්පුව ඇවිස්සුවා කියලත් කියාවි. (නි)
ඔබට නිවන් සුව (ස)
සෑම් විතරයි ඇත්තක් කියලා තියෙන්නේ, අන්තවාදීන් වෙනත් නම්වලින් පෙනී ඉන්නවා (ස)
මම ඉහ මුදුනින් පිලි ගන්නවා ඒ කතාව (දී)
100% ඇත්ත කතාව (දී)
හාමුදුරුවනේ ඉස්ලාම් ආගම හෝ ක්‍රිස්තියානි ආගම විවේචනය ිකරීමෙන් වේනනේ බෞද්ධයන් බුදු දහම අත හැර යෑමයි. පළමුව තමන්ගේ ධර්මය ප්‍රචාරය කර හොද ගති ගුණ මිනිසුන්ට පෙන්වන්න. ඉබේටම මිනිස්සු බුදු දහම කරා ලඟා වේවි. (ස)
බොදු බල සේනාව කළ යුත්තේ බෝධි පූජායි. (නි)
ගලබඩඅත්තේ ඥානසාර හිමියනි, මුස්ලිම් අය සතුරන් නොවෙයි තමයි. (නි)
"සිංහල ජාතිය බුදු දහමට වෙන අසාධාරණ ගැන කථා කළොත් ඒක ජාතිවාදයද?" එතකොට බුදුදහමට අසාධාරණ වෙනවා කියලා බුදුන් දෙශනාකල දර්ශනය විනාශවෙන විදිහේ වැඩකලාම බුදුදහම රැකෙයිද? හිතන්න ලොව්තුරා බුදුන් දේශනා කලේ සතුරන්ටත් මෛත්‍රිය කරන්න කියලා මිසක් සිවුර උස්සගෙන කුනුහරුප කියන්ඩවත් නෙමෙයි බුදුදහම රකිනඩ අමුතුවෙන් පිබිදෙන්න අවශ්‍ය නෑ අවුරුදු 2500 වඩා රැකිල තිබුනෙ මෙහෙම ගහමරාගෙන නෙමෙයිනෙ බෞද්ධයන් හරියට හිටියොත් දහම නිකන්ම රැකෙවී.(නදී)
අපි කවුරුත් මිනිස්සු (දී)
අන්තවාදි කන්ඩායම් රට තුළට ඇතුල්වී ඇත්නම් සාක්ෂි සමග බුද්ධි අංශ වෙත පැමිණිලි කරන්න. එසේ නොමැතිව නීතිය අතටගෙන ක්‍රියා කිරිමෙන් නීතිය පමණක් නොව ශාසනයද හෑල්ලුවට ලක්කිරිමකි සිදුවන්නේ (නි)
මේ උන්නාන්සේ නූල පත්තුකරලා දැන් වෙන දෙයක්නේ කියන්නේ. වැඩේ අවුට් ඔෆ් කොන්ට්‍රෝල් යනකොට මොනවද කියන්නේ. (ස)
අතිතයමෙන් අනාගතයද එක සිතින් ඇත බොඳවෙලා නිදාසිටි සැම දෙනාම එක්වි වරෙව් සටනට රොක්වෙලා අපායක් මෙන් නැහෙන මේරට යලි හදන්නට එක්වෙලා නවලොවක් අපි හදමු එක්වි සාමයෙන් යලි පිබිදිලා (ස)
එක එක වේලාවට එක එක කථා.අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
බුදු දහමේ හරයවත් නොදන්නා ආකාරයෙන් කරනා ක්රියා හේතුවෙන් හිස ඔසවන්නේ ජාති වාදයයි.. (ස)
සෑම්ලා වාගේ නිගන්ඨයෝ එදා බුදුරදුන්ගේ කාලයෙත් හිටියා. ඒ ජානවලින් පැවත එන වන්දිභට්ටයෝ දැන්ද සිටීම පුදුමයට කාරණාවක් නොවේ. (නි)
සැබෑව සැබෑව හාමුදුරුවනේ ඔබතුමාගේ කතාවේ හරයක් තියෙනවා. හැම ආගමක් ධර්මයක් තුළම ත්‍රස්තවාදීන් අන්තවාදීන් වෛරය වපුරුවන්නන් ඉන්නවා. බොහොම ළඟකදී ඔය කට්ටිය භංග වෙලා යයි. සත්‍යය ජයගන්නවා නියතයි. එතකන් ටිකක් ඉවසමු . (නි)
අපි ඒ කතාව පිලි ගන්නවා (දී)
අපිට සමගියෙන් ජිවත් වෙන්න දෙන්න. (නි)
සියළු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! බුදුන් දැක නිවන් දකිත්වා! (නි)
මේ ඇයි දැන් මෙහෙම කියන්නේ. ? (ස)
තවත් කියන්න දේවල් නොමැත. (නි)
වර්ග වාදී විස පතුරුවලා දැන් වෙනස් වෙන්නේ ඇයි. (ස)
දැන් කියන්නේ මේක කළේ චීවර ධාරියෝ කියලද ? (ස)
මේවා කළේ චීවර ධාරියෝ කියලා අත පිහදා ගනිමු. (ස)
හාමුදුරුවනේ අපේ හතුරෝ මුස්ලිම්, හින්දු හෝ ක්‍රිස්තියානි ආගමේ නොවෙයි. අපේ රටේ ඉන්න දූසිත දේශපාලකයෝ සහ නිලධාරීන්. කරුණාකරලා අල්ලසට වංචාවට සහ දූෂණයට විරුද්ධව ජනතාව පෙල ගස්වන්න. දස රාජ ධර්මයට අනුකූලව පාලනය කරන්න පාලකයන්ට බල කරන්න. (ස)
අපි කවුරුත් අන්තිමට මැරෙනවා (දී)
ලංකාවේ උපන් මොනම මුස්ලිම්වරයෙක්වත් අද වනතුරු බෞද්ධාගමට අගෞරව වන ලෙස ක්‍රියාකර නැත. (නි)
ඒක ඉතා ප්‍රබල ප්‍රකාශයක් (දී)
බෞද්ධයින්ට කිසිදිනක වරදින්නේ නැහැ. බුදුරජානන් වහන්සේගේ ධර්මය පිලිපදින ඕනැම කෙනෙක් කූඹියෙකුටවත් හිංසාවක් කරන්නේ නැහැ. (නදී)
අපි නම් තාම කලින් හිටියා වගේම අපේ සිංහල හිතමිත්‍රයන් එක්ක හොද ආදරයෙන් සහජීවනයෙන් ඉන්නෙ. (නි)
දැන් වෙලා තියෙන්නේ, මුස්ලිම් කෙනෙක් හීනෙන් බය වුණොත් ඒකටත් බොදු බල සේනාව පළි. පෞද්ගලික ආරවුලක් වුණොත් ඒකටත් බොදු බල සේනාව පළි. මේක දැන් සමහර මුස්ලිම් අයගෙ මානසික රෝගයක් වෙලා. තමන්ගේ 'කුණු' වහගන්න මේක එයාලට නියම මාතෘකාවක් වෙලා. ඕකයි ඇත්ත. (නි)
බොදුබල සේනාව හරි (දී)
ඇය් දැන් මේ “යූ“ ටර්න් ? (නි)
අපි මේ ප්‍රශ්න සියල්ල ඉක්මනට විසදුවොත් හොදයි (දී)
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මොකක්ද දැන් මේ කියන්නේ.(නදී)
අනේ මෙච්චරද සෙනග? (නදී)
බෙදීම් ඇත්කරන්නේ කවිච කියලා දැන් හොදට දන්නවා.(නදී)
බුදු දහමේ කිසිවිටෙකත් වෛර කරන්නට කියා නැහැ. කරුණාව, මෛත්‍රිය හා අහිංසාවාදය තමයි දේශනා කෙරුවේ. එහෙම බැළුවම බොදු බල සේනාව කියලා හාමුදුරුවරු සංවිධාන හදාගෙන මේ කරන දේවල් හරිද?(නදී)
අපි හැමෝම මිතුරන්. මේ ජරා වැඩ කරන්නේ කවිද? කලකිරීම් ගොඩයි මහත්තයෝ.(නදී)
මම ඒ හාමුදුරුවෝ කියන කතාව පිලි ගන්නවා (දී)
අනේ මන්දා (දී)
ගොදු බල සේනාව සමග මම 100% එකඟයි (දී)
බුදු දහමෙත් ඔය දේවල් ඔය විදියට සදහන් වෙනවද? (නි)
එහෙනම් මොකටද මේ ප්‍රශ්න ඇති කර ගන්නේ (දී)
මොහොමඩ්, ඔබේ ප්‍රාර්ථනයයි, බෞද්ධයන්ගේ ප්‍රාර්ථනයයි රටට ආදරේ කරන අයගේ ප්‍රාර්ථනයයි ඉටු වේවා!(නදී)
තුවාන්, මේ සිංහල බෞද්ධයෝ අවදිවෙන්න නිදිගැට කඩුවා විතරයි. (නදී)
මේ අදහස් වලින් බලපුවාම මේ රටේ විවිධ මත දරන අය ඉන්නවා. විවිධ ආගම් අදහන රැඩිකල්වාදී, මධ්‍යස්ථමතදාරී ඒ වගේම මඩේ ගහපු ඉන්න වගේ දෙපැත්තට වැනෙන කට්ටියත් ඉන්නවා. ඒ කොහොම වුණත් මම දන්න දෙයක් තමයි බහුතරය කැමති ආගම් බේද අතහැරලා ශ්‍රී ලාංකිකයන් විදිහට පෙනී හිටින්න. නමුත් මොවුන්ගේ හිත මොනයම් මොහොතක ආගමික නායකයින්, මාධ්‍යවේදීන් හා දේශපාලකයින් නිසා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම නොවෙන්න අපි සියලු දෙනා වග බලාගන්න ඕනෑ. අපි සියලුම ආගම් තේරුම් ගත යුතුයි. (නි)
හැමෝටම ඉඳ ගන්න පුටු තිබ්බ එක නම් හුඟක් හොඳ වෙඩක්.(නදී)
අනේ හාමුදුරැවනේ. කරුණාකරලා මේක නවත්වනවද? (නදී)
අපි කවුරුත් ලේ, මස්, ඇට , නහර වලින් හැදිච්ච මිනිස්සු (දී)
අනේ හාමුදුරුවනේ!(නදී)
හරිම ව්‍යාකුල ප්‍රකාශයක් (දී)
මේවා පිටුපස සිටින්නේ කවුද?කිනම් හස්තයක්ද?අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ටික ටික හිරවෙනකොට මොලේ පෑදෙනවා වගේ.(නදී)
දැන් වෙලා තියෙන්නේ, මුස්ලිම් කෙනෙක් හීනෙන් බය වුණොත් ඒකටත් බොදු බල සේනාව පළි. පෞද්ගලික ආරවුලක් වුණොත් ඒකටත් බොදු බල සේනාව පළි. මේක දැන් සමහර මුස්ලිම් අයගෙ මානසික රෝගයක් වෙලා. තමන්ගේ 'කුණු' වහගන්න මේක එයාලට නියම මාතෘකාවක් වෙලා. ඕකයි ඇත්ත. (නි)
සිංහල ජාතිය බුදු දහමට වෙන අසාධාරණ ගැන කථා කළොත් ඒක ජාතිවාදයද? (නි)
අපි කවුරුත් තවත් කෙනෙකුගේ ආගම් වලට හිරිහැරයක් නොවන විදිහට ජිවත් වෙන්න ඕනේ (දී)
අන්තවාදීන් හැමෝම එකයි.(නදී)
සේරම මුස්ලිම් සහෝදරයන්ට ලියන්නේ. මෙතරම් කාලයක් අපි සැවොම එක වගේ අත් වැල් බැදගෙන හිටියා. ඒ වගේම ඉදිරියටත් ඒ මිතුදම ඕනේ. මේ අපේ රටයි. අපි ඉපදුන මැරෙන රටයි. ඉන්දියන් කාරයෝ අපේ රටට දාන ප්‍රශ්න දිනෙන් දින වැඩි වෙනවා. ඇයි ඔබ නිහඩ. මේ ඔබගේ රට නෙමේද ? කොටි කළ විනාශය මතකනේ. එදා වගේ තාමත් නිදාගෙන ඉන්න ද කල්පනාව. හිස ඔසවමු. ඉදිරියටම යමු. සේරම මේ අවස්ථාවෙදි නැගී සිටිමු. (ස)
මුස්ලිම් ජනතාවට හිරිහැර නොකරනු! (නි)
වචන වල ක්‍රිස්තියානි අන්තවාදී කියලා තව අළුත් ප්‍රශ්නයක් ගේන්න එපා. ලංකාව හරිම සුන්දරයි. ඒක අමතක කරන්න එපා. අන්තිමට කොයි මන්තර දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. (ස)
අරාබි රටවල් වල පීඩන ඇවිත්ද දන්නෙ නැහැ. (නි)
මම පිලි ගන්නවා (දී)
මිනිස්සු තවත් මිනිසෙකුගේ සතුරන් වෙන්නේ කොහොමද (දී)
හැම කෙනාම එක වගේ නැහැ (දී)
හාමුදුරුවනේ අපි හැමෝම දැක්ක හාමුදුරුවන් මෙච්චර දවස් මොනවද කලේ කියලා . ඒ වගේම හාමුදුරුවනේ හම්දුරුවන් වගේම ඔබතුමා හිටපු වේදිකාවේ කියපු දේවලුත් අපි අහන හිටියා මට තේරෙන්නේ නැත්තේ එය හාමුදුරුවන්ට මෙච්චර වෛරයක් අපි ගැන කවුරුහරි වැරදි කරනවානම් අපි හැමෝම එකතු වෙලා එක හෙළා දකිමු නැතුව එක ආගමකට විතරක් අපහාස කරන්න එපා අපි හිතුත් රිදෙනවා හාමුදුරුවනේ.(නදී)
මේ ප්‍රවෘත්තිය අප්‍රේල් 1වෙනිදා දැම්මානම් වටිනවා.(නදී)
බොදු බල සේනාව අනේ කලකිරීම් ගොඩයි හාමුදුරුවනේ !!!!!(නදී)
බොදු බල සේනාව හරි
එහෙම තරහක් නැහැ, අපි කවුඑරුත් එකා වගේ ඉන්න ඕනේ (දී)
ගලබඩඅත්තේ ඥානසාර හිමියෝ ඉතාමත් හොද වෙයි ලගදීම.(නදී)
රසිකා සිංහල අයට බුදු දහමට වන අසාධාරණය මොනවද? ලංකාවෙන් පළාතක් ඉල්ලුවද? මෙච්චර කල් ඉඳල දැන්ද අසාධාරණයක් වෙනවා කියලා හිතුවේ? දන්නෝ දනිති. ලෝකයම දැනගනීවි ලගදීම .(නදී)
කට තියෙන පළියට කතා කරන්න එපා. ඔක්කොම ශ්‍රී ලංකාවෙ නේද අනේ. (ස)
ක්‍රිස්තියානි මූලධර්මවාදීන් වගේම, මුස්ලිම් අන්තවාදිනුම් මේ රටට ඇවිත් සිටිනවා.අද බොරු බුදුවරුන් පහළ වෙලා. රහතන් වහන්සේලා සිටින බවත් පේනවා. එමගින් පන්සලට තිබුණු බැඳීමත් නැති කරලා. මෙය මූලධර්ම වාදීන්ගේ වැඩක්. ජාතික හැඟීම් සිංහලයන් අතරින් නැති කර දැමීමයි අරමුණ (නි)
මුස්ලිම් කියලා අපේ වෙනසක් නැහැ අපි කවුරුත් මිනිස්සු, හැබැයි කවුරුත් අන්තවාදීන් වෙන්න එපා (දී)
බුදු දහම බේරගන්නව කියන අය අතින්ම බුදු දහම විනාසවෙන්න පටන් අරන්. (ස)
අපිට නම් සිංහල අය සමග කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)
ගලබඩ සාධුට ජාතික වීර පදක්කමක් දෙන්න වටිනවා මේ කරන සේවයට (නි)
කවුද කියන්නේ සතුරන් කියලා, ඒත් මිනිස්සු අපිත් මිනිස්සු, අපි හැමෝම ජිවත් වෙන ටිකට විතරයි මේ හැම දෙයක්ම කරන්නේ (දී)
කොට්ටෝරුවා හැම ගහටම කොට කොට යනවා. කෙසෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා. (ස)
මේකේ ප්‍රතිචාර දාල තියෙන විදියෙන්ම පේනවා වදින්න ඕන තැන්වලට සැරට වදිනවා (අ
ගලබඩඅත්තේ ඥානසාර හිමියෝ ඉතාමත් හොදයි. (නි)
තත්ත්වය එහෙම නම් මුල ඉදලම මෙහෙමම ඉන්නනේ තිබුණේ. (නි)
ඉ්සසර නම් හාමුදුරුවො සැර වැඩියි. දැන් නම් හොදයි. ඔහොම වඩිමු හාමුදුරුවනේ (නි)
වයසක අපට තේරෙන දේවත් තරුණ උඹලට නොතේරෙන එකයි පුදුමේ. සියළු මුස්ලිමුන් නොවැ අන්තවාදීන් නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම. ජාතිවාදීන්, අන්තවාදීන් කියල ඔක්කොම කට වහාගගෙන හිටියොත් අපට අලේ තමයි ඉතිරි වෙන්නෙ. ජාතිය ආගම බේරගන්න හොද ජාතකේකුත් ඕනවෙනවා මය පුතේ. (අ)
හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ ටික දිනට ලැබුණු ජයග්‍රහණය දිහා බැලුවහම ඔබ වහන්සේ ශාසනේ උන්නතිය තකා බුදුහාමුදුරුවන් දේශනා කළ ආකාරයට යම් දෙයක් කළා නම් අපිට සතුටුයි. (නි)
ඒ ප්‍රකාශය මට පැහැදිලි මදි (දී)
ඔය කමෙන්ටු දාලා ඉන්න සිංහල නම් වලින් පෙනී සිටින සියලුම දෙනා සිංහල බෞද්ධයන් නොවේ....... සිංහලුනේ තව තවත් එක්වේවා!!! අපේ ජාතිය, ආගම ආරක්ෂා කරන්න.... අපි බොදු බළ සේනාවත් සමගයි... (ස)
හාමුදුරුවනේ අපි ඔබ සමගයි.... සියලු බාධක ජයගෙන ඉදිරියටම යෑමට තවත් ශක්තිය, දෛර්යය ඔබට ලැබේවා!!!