(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුස්ලිම් නමකින් පෙනී සිටි දෙමළ ජාතිකයකු වූ බණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයේ බයිගුර් රහුමාන් පල්ලියේ උප පූජකවරයා විශේෂ පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
පෙරුමාල් සිවලිංගම් නමැති දෙමළ ජාතිකයකු වන එම පුද්ගලයා මොහොමඩ් හකීම් යන නමින් පෙනී සිට ඇතැයි පොලිසිය පවසයි.
පොලිසිය යුද හමුදා නිලධාරීන් එක්ව අටුලුගම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මීට වසර පහකට පමණ ඉහතදී බණ්ඩාරගම අටුලුගමට පැමිණ තිබූ මෙම පුද්ගලයා මොහොමඩ් හකීම් ලෙස හඳුන්වමින් එම පල්ලියේ උප පූජකවරයා ලෙස දිනකට පස් වතාවක් ආගම දේශන කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයාව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීයවරයාට හෝ මුණගැසී නොමැති අතර ලියාපදිංචියක් පවා ලබාගෙන නැතැයි පොලිසිය කියයි.
ඔහු සියලුම බැංකු ගනුදෙනු කරඇත්තේ ද පෙරුමාල් ශිවලිංගම් යන නමින් බව හෙළි වී ඇත.
බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ජාතියක් හැටියට බොහෝමයක් මුසල්මානුවන් දෙමළ තමයි. මුස්ලිම් කියා ජාතියක් නොමැත. බමුණුආරච්චිටත් " අල්ලාහු අක්බර්" කියා 3 සැරයක් කීමෙන් මුස්ලිම් වෙන්නත් පුළුවන්.
නමක් තිබූ පලියට මුස්ලිම් වෙන්න නොහැකිය. අල්ලහුඅක්බර් කිව්වත් මුස්ලිම් විය නොහැකිය. තමාගේ ජීවන චරිතය සහ ජීවත්වන පිළිවෙල අනුව පමණි මුස්ලිම් කියා තීරණය කරන්නේ...
ෆාස්මි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මොකද වෙච්ච දේවල්වල හැටියට නියම මුසල්මානුවෙක් ගැන පැහැදිලි චිත්‍රයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
ලෝකේ ඕනෑම කෙනෙක් ඉස්ලාම් ආගමට ගියොත් ඔහුට කියන්නේ මුස්ලිම් කියලයි, හින්දි මුස්ලිම්, සිංහල මුස්ලිම්, දෙමල මුස්ලිම්, යුදෙව් මුස්ලිම් කියා කියන්නේ නැත.