ගලේවෙල පහළ දිග්ගල ප්‍රාථමික විදුහලේ පොල්අතු මඩුව වෙනුවට නව ගොඩනැඟිල්ලක් ඉඳිකර දීමට ඉරානයේ ශ්‍රී ලංකා තානාපති පයිසාල් රසීම් මහතා ඉදිරිපත් වී සිටියි.
ඉරානයේ සිටින තානාපතිවරයාගේ ඉල්ලීම අනුව විදුහල්පති ,ගලේවෙල ප්‍රාදේශිය සභා මන්ත්‍රී දුමින්ද බණ්ඩාරනායක මහතා හා මව්පියෝ එක්ව ගෙපළ කපා නව ගොඩනැගිල්ලට අද (14) මුල්ගල් තැබුහ.
ලංකාදීපයේ හා ලංකාදීප එසැණ වෙබ් අඩවියෙන් තමන් මෙම පුවත දැක කම්පා වී කඩිනමින් නව පන්ති කාමරයක් ඉදි කරන බව ශ්‍රී ලංකා ඉරාන තනාපතිවරයා එරට සිට ලංකාදීපයට දුරකතනයෙන් දැනුම් දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදී ලේබල් ගසාගෙන සියලුම දේවල් වලට බොරුවට කෑගසන්නන්ට හොඳ ආදර්ශයක් (නි)
දැන්වත් අපේ අයගේ ඇස් ඇරෙයිද දන්නෙ නැහැ (නි)
ඔබතුමාට පින්! (නි)
මෙතුමා ජාතිභේද නොබලා සියල්ලන්ටම උදවු කරන කෙනෙක් (නි)
තමන්ගේ රාජකාරිය හරියට කරනවා වෙනුවට කටින් බතල හිටවන උදවියට දැන් කට ඇරිලා ඇති. මට බය මේ සද්කාර්යයට ලෙඩක් අදීවිද කියලා. (අ)
ලංකාවේ ගොඩක් පාලම්, පාරවල්,ව්‍යපෘති කරලා දීල තියෙන්නේ හෝ ඒවාට පොලී නැති නය දීල තියෙන්නේ ඉස්ලාමීය රටවල්. ඉතින් අපේ උදවිය ඒවායින් පල ප්‍රයෝජන ගන්න ගමන්ම ඒ අයට බනිනවා, ගරහනවා. (අ)
මෙතුමා පොදිගහන්න හම්බ කරන කෙනෙක් නෙමෙයි. මේ අතින් ගත්තොත්, අනෙක් අතින් දෙනවා (නි)
මම දන්නා තරමට ප්‍රදේශ කිහිපයක මෙතුමා බුදු මැදුරු කිහිපයක්ද හදා තිබෙනවා. (නි)
රියලිටි වැඩසටහන් වලට වැයකරන කෝටි ගාණක මුදල් මෙන්න මේ වගේ යහපත් වැඩකට යට කළා නම් දහස් ගාණක් ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා (නි)
බුද්ධිමත් අය මුදල් වියදම් කරන්නේ රටට දැයට ප්‍රයෝජනයක් වෙන විදියටයි. (නි)
අමල් ඔයා නොදන්නවා උනාට ක්‍රිකට් කෝටිපතියෝ ලංකාවේ ගොඩක් සමාජ සේවා කරනවා නමුත් මාධ්‍ය සංදර්ශන තියල නෙවි කරන්නේ (අ)
කොච්චර උතුම් දෙයක්ද? (නි)
මොනතරම් උතුම් සිතක්ද? (නි)
බමුණු, ඔයා ඇත්ත තේරුම් ගන්න (නි)
"95% බෞද්ධයන් සිටි බුරුමයේ දැන් බෞද්ධයන් සිටින්නේ 45% පමණයි. මේ වෙනස සිදු උනේ අවුරුදු 60 ඇතුලත" බුරුමයේ 80% බෞද්ධ. මුස්ලිම් 4% පමණයි. (ස)
කුහකකම් පැත්තකට දමා මේ යහපත් ක්‍රියාව අගය කරමු. (නි)
සුනාමි ගම්මාන සැදීමටත් මෙතුමා මුල්වෙලා ක්‍රියාකළා නේද? (නි)
බමුණු මහතා, මේ පින් අතේ වැඩේ අගය කරන්නකෝ. කවුරුවත් ඉදිරිපත් වුණේ නැති දෙයකට නේද මේ තානාපතිතුමා අතගැහුවේ? (නි)
අද පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ මේ වගේ අයයි. (නි)
ලංකාවට උදව්වට ඉන්නේ මුස්ලිම් රටවල් පමණයි. (නි)
ලංකාවේ දරු පරපුරටම ආශිර්වාදයක් නේද? (නි)
තානාපතිතුමාගේ වැඩේ බොහොම ඉහළින් අගයකරනවා. ඔහුට බොහොම පින්! මෙහි තිබෙන අදහස් 95 % ක් පමණ ඉතාම හොඳින් මේ කාර්යය අගය කර තිබෙනවා. එයටත් සතුටුයි. (නි)
කට්ටියට ඇත්ත තේරුම් ගන්න තව කාලයක් යාවි (නදී)
බොහොම හොද වැඩක්. අපිත් පිට රට ඉදලා මාතර පාසැලකට තට්ටු 2 ක ගොඩනැගිල්ලක් දුන්නා 2008 දි. කිසිම දේශපාලඥයෙක් සම්බන්ද කරගත්තේ නැහැ. වැඩේ ඉවර කරලා උත්සව නොගෙනම ගොඩනැගිල්ල පාසලට බාරදුන්නා. අපි හැමෝටම එකතු වෙලා මේ ආකාරයට රටට යමක් කරන්න පුලුවන්නම්. (නදී)
රටේ ජීවනාලිය බඳු අපේ ළමා පරපුරට විදු නැණ ලබන්නට සෙවනක් ලබා දීමෙන් ඔබ ලබන උතුම් වූ පුණ්‍ය ශක්තිය ඔබේ දූ දරුවන්ටද ආශිර්වාදයක් වේවා! (නදී)
අරුණ, බමුණු මොකක්ද ඔයාලට තියෙන අමාරුව. ඔය වගේ අය නිසා තමයි ලංකාව කවදා හරි පිරිහෙන්නේ. බමුණු මහතාණෙනි ජනගහනය වැඩි වෙනවා වලක්වන්න කියමු බලන්න හොඳ උපක්‍රමයක්. වැඩි අය මරලා දාමුද? (නදී)
මේ මොනවද කියන්නේ. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ (නදී)
රටට දැයට ආදරය කරන හොඳ පුරවැසියකුගේ උතුම් පරිත්‍යාගයක්.ඔය පාසල විවුර්ත කරන්න ඒ මහත්මයාටම ආරාධනා කරන්න.(අ)
ලංකාව නියෝජනය කරන මෙවන් තානාපති වරුන් අපේ රටට් ආඩම්බරයක්. ඔබට බොහොම පින්! (අ)
ඕක විවෘත කරන්න කවුරු එයිද දන්නෙ නැහැ (නි)
ෂෙහාන් , අහන්න ආසයි. අපිටත් කියන්න. (නි)
මොකද්ද යසා ඇත්ත? ඔයාට මේ යහපත් වැඩේ හිතට අල්ලන්නේ නැත්නම් අඩු ගානේ බාධා නොකර ඉන්න. මේ වැඩේට මුදලින් සම්මාදම් වෙන්න බැරි කට්ටිය මුළු හිතින්ම මේක අගය කරනවා. මේ අසරණ පාසල් දරුවන් වෙනුවෙන්වත් එහෙමවත් කළොත් හොඳයි නේද යසා ? (නි)
කෝ ලංකා තිලක්? මෙහෙම හොඳ වැඩක් කෙරෙන තැනක පැත්ත පළාතක නැහැ. බලවතුන්ට ආවඩන්න පුළුවන් පුවතක් නම් එතන පිටු ගණන් දිග අදහස් ලියාගෙන නම ලකුණු කරගෙන ඇති. (නි)
ඔබට සිංහල ජාතියේම ප්‍රණාමය ලැබේවායි පතමි. ලැජ්ජයි අපේ සිංහල දෙමල මුස්ලිම් දේශපාලකයන් ගැන හිතන කොට. ඒ වගේම කෝටිපති, ප්‍රකෝටිපති ඇතුළු ප්‍රභූ පන්තියේ ක්‍රියාපටිපාටිය ලකුනු දාගන්න පමණක් ක්‍රියා කිරීම ගැන කනගාටුයි. ඒ වගේම මේ අඩවිය ලංකාවේ දේශසීමා පාලන සීමාවෙන් එපිට තියන එකක් වෙන්න ඇති කියල හිතෙනවා. අපි හැමෝටම සංවර්දනය, සුබසාදනය, දියුනුවේ ප්‍රතිපල විදින්න ඕන බව විතරක් ඔහෙලා අමතක කරන්න එපා (නදී)
ඔබතුමාට ජය වේවා! (නි)
ඇයි මහීපාල මහත්තයෝ, අර පහුගිය කාලේ උත්සව සභාවක මුලාසනයට රණ්ඩු වුණ දෙන්නා ! (නි)
මෙතුමා වගේ නිලධාරින්, තමන් නිසා දරන තනතුර බබළවනවා. සමහරු කරන්නේ තනතුර නිසා තමන් බැබළීම පමණයි. (නි)
මේ උපහාරය තානාපතිතුමාගේ දෙමව්පියන්ටයි. මෙවැනි වැදගත් තනතුර ට සුදුසු , මිනිස්කමින් යුතු දරුවෙකු තැනුවාට ඔබ දෙපළ ආඩම්බර විය යුතුයි. (නි)
ඉතාම පින් සිදු වෙන වැඩක්. මේ වගේම පින් කරන්න අපේ ක්‍රිකට් කෝටිපතින්ටත් හිත පහල වේවා. (ස)
දැන් අර ගමේ පාසල් වල වෙනස පෙන්නන්න කියල සත්තුන්ගේ නම් වලින් කල ආරාධනාවට මොකද වුනේ ? (නදී)
කෝ මේ ගමේ පාසල් දැන් තාක්ෂණයෙන් පිරිපුන් සුපිරි පාසල් කියලා බලවතෙක් පම්පෝරි ගැහුවා නේද ? මේක අපේ රටේ පාසලක් නෙවෙයි වෙන්න ඇති. (ස)
මුස්ලිම් පුද්ගලයන් රුපියලක් හරි වියදම් කරන්නේ තමනුත් තමන්ගේ ජාතියත් ඉදිරියත් හොඳට සිතා බලමිනි, (ස)
මේ පාසල අර තාක්ෂණයෙන් පරිපුර්ණ ගමේ සුපිරි පාසල් ගණයට අයත් නැද්ද ? (ස)
සමහරු කටින් බතල කොළ හිට වද්දී , තානාපති තුමා මේ කරන්න යන යහපත් වැඩේට මෙන්න මල් මිටක් ! (ස)
මේක හැදුවට පස්සේ විවෘත කරන්නයි උත්සව සභාවේ මුලාසනයටයි නම් ඕන තරම් අයිතිවාසිකම් කියන්න කට්ටිය ඉඳීවි. (ස)
ඒ මහත්මයට ගොඩක් පින්. දානපතියෝ කෝටිපතියෝ ඉන්න අපේ රටේ මිනිසුන්ට මේ වගේ පින් අතේ වැඩ ගැන හිතක් පහල වේවා!ඔය බොරු බයිලා ගහන අපේ දේශපාලකයන්ටත් මේවා හොඳ ආදර්ශවත් වැඩ. (ස)
දැන් අර සේනාව ඇවිත් මෙය කඩාකප්පල් කරයි ද ? (ස)
මෙන්න ආදර්ශමත් වැඩ . නියම රාජ්‍ය තාන්ත්‍රිකයෙක් . මෙතුමාගේ ඉදිරි පරම්පරා හතකටම උගත්කම ලැබෙන්න මේ පින ඇති. (ස)
අපේ ලංකාවේ මෙහෙම පාසලක් තියනවා කියො හිතන්නත් අමාරුයි.පව් අහිංසක ළමයි.මේවා ගැන කතාකරන්න කවුරුවත් නැහැ. දේශපාලුවන් නිදි (නි)
දැන් මේකටත් අැද පලුදු සොයන උදවිය ඉඳීවි. අපි නම් කටපුරා ඔන්න හොඳයි කිව්වා. (නදී)
කටින් බතල කොළ හිටවන අයට හොඳ ආදර්ශයක්. (නදී)
ලොකු පිනක්. තානාපති තුමාට යහපතක්ම වේවා ! (නදී)
ඉතා යහපත් වැඩක්. මා සිටින රටේ ඉරාන ජාතිකයන් රැසක් සිටිනවා. ඔවුන් සියලු දෙනාම උගත් , විනය ගරුක, අනෙක් රටවලින් ආපු උදවිය එක්ක සුහදව කටයුතු කරන උදවිය. (නදී)
අපේ සිංහල මිනිස්සු මුස්ලිම් අයට උදව් කරනවා මුස්ලිම් මිනිස්සු සිංහල අයට උදව් කරනවා. ඕවා සාමාන්‍ය දේවල්. නමුත් ප්‍රශ්ණයකට තිබෙන්නේ අපට නොපෙනෙන අපි නොදන්නා වෙනත් ජාතික බලවේග අපේ එදිනෙදා ජීවිත වෙනස් කරන්න උත්සහ කරනවා. 95% බෞද්ධයන් සිටි බුරුමයේ දැන් බෞද්ධයන් සිටින්නේ 45% පමණයි. මේ වෙනස සිදු උනේ අවුරුදු 60 ඇතුලත. අපේ සමහර මිනිස්සු මෙය තේරුම් අරගෙන තිබෙනවා. අන්න ඒකයි අපි නිතරම කියන්නේ නැතිව අන්‍ය ආමිකයන්ට ගරහනවා නෙමෙයි (නදී)
"මෙන්න ආදර්ශමත් වැඩ" (නදී)
ඇයි හැමදෙනාටම මෙහෙම හිතන්න බැරි? (නි)
කරනවා නම් මේවා තමයි කරන්න ඕනෑ නියම වැඩ (නි)
මේ කළා වූ කුසල කර්මයම ඇති මතු කාර්යයන් සාර්ථක වෙන්න (නි)
"බමුණු මහතාණෙනි ජනගහණය වැඩි වෙනවා වළක්වන්න කියමු බලන්න හොඳ උපක්‍රමයක්....?" මට උත්තරයක් දෙන්න පුළුවන්. නමුත් එය මෙහි පළකරන්න බැහැ (නි)
ඉතින් අරුණ මහතාට තිබුණානේ මේ පාසල ගැන ලංකාදීප පත්‍රයේ මීට සති කිහිපයකට කලින් පළවුන ගමන් උඩ පැනලා ඇවිත් ගොඩනැගිල්ල හදලා දෙන්න ඉදිරිපත් වෙන්න. ඇයි දැන් මේ අනෙකුත් අයගේ ආධාරය ගැන සැක පහල කරන්නේ ? (ස)
අපේ ගම කිට්ටුව තියෙන ගමකට කිසිම ප්‍රභූවරයෙක් යන්නේ නැහැ එම ගම්මුන් අඩු කුලේ යයි කියා. දැන් ඔන්න ඒ ගමේ කිංග්ස් රිවයිවල් එකෙන් පල්ලියක් හදලා ඔවුන් දෙවියන් යදිනවා. මේකේ වැරද්දක් තියෙනවාද බමුණු? (ස)
අද ලෝකය ලංකාවට තිබෙන ආදරය මොකක්ද කියලා අපි තේරුම් අරගෙන තිබෙන්නේ. ඒක හැමෝටම තේරුම් ගන්න පුලුවන් නම් මේ ලෝකය මීට වැඩිය බොහොම වෙනස් වේවි (නි)
මේවා තේරුම් ගන්නට පුළුවන් නම් අන්තවාදීන්ට හොද පාඩම් ගන්නට පුළුවන් (නදී)
කෝ මේ ගමේ පාසල් වල දැවැන්ත අධ්‍යාපන වෙනසට ප්‍රවර්ධන කටයුතු භාර ගත්ත ලංකා තිලක් ? තප්පුලන්න ගිහිල්ලද ? (නදී)
ප්‍රභූවරයන් ගම් වලට යන්නේ රිබන් කපන්න සහ උත්සව සභාවල මුලාසනය හොබවන්න විතරයිනේ ධම්ම මහත්මයා ! (ස)
මෙන්න අනගි වැඩ. හැමෝටම මෙය ආදර්ශයක් වේවා. අපිත් මාතර තුඩාව මධ්‍ය මහා විද්‍යාලයට තට්ටු 2ක ගොඩනැගිල්ලක් දුන්නා 2008 පිටරට සිට. අවසානය වනතෙක් කිසිම දේශපාලකයෙක් ගාවාගන්නේ නැතුව පුහු උත්සව වලින් තොරව ගොඩනැගිල්ල පාසලට බාරදුන්නා. (ස)
අන්ත දුප්පත් මිනිස්සු එදා වේල කාල ජීවත් වෙන්න ආගම වෙනස් කරන්නේ කැමැත්තෙන් නොවේ. අන්න එ්කත් මතක තියාගත්තොත් හොඳයි. එයාලත් මිනිස්සු. (ස)
ධම්ම කියන කතාව හරි,තානාපතිතුමා කළ උතුම් ක්‍රියාව අපි අගය කළ යුතුයි.මෙයින් සියලු ජාතීන් වන අපගේ එකමුතුකම සහ සහෝදර ප්‍රේමය හුවා දැක්වෙනවා. අර කිවුව වගෙ සමහර උද්දච්ච අය අඩුකුලේ අයට කතා කරන්නෙත් නොහොබිනා විදිහට. වතුර උගුරක්වත් බොන්නෙ නෑ.වෙන ආගමක අය අැවිත් උදවු උපකාර කලාම අැඳිවත කරට අරන් එනව ආගම විනාස කරන්න, මෙන්න බොලේ අැවිල්ලෝ කියල. (ස)
මැන්ඩෙලා තුමා කියල තියෙනවා, ලෝකේ වෙනස් කරන්න හොඳම ආයුදය අධ්‍යාපනයයි කියල. අපේ සමාජය ගොඩ ගන්න ඕන අධ්‍යාපනය තුළින් මිසක් වෛරයෙන් නොවේ. (ස)
මේ යහ ක්‍රියාව තවත් එළිවෙන්න සේනාවට කියල පාසලට ගිය වගේ දෙගුණයක් වියදම් කරලා බුදු මැදුරකුත් හදා ගත්තනම්. (ස)
රටේ වර්තමාන යුගයේ ඉතාමත් ආදර්ශමත් ක්‍රියාවක්.මෙවැනි සත් ක්‍රියාවන් කිරීමට අප රටේ කෝටිපතියන්ගේ, දනපති පන්තියේ දෙඇස් ඇරේවා...(ස)
එත් ඉතින් ගහ මරාගෙන බැහැනේ බමුණු. ඉවසීමෙන් බුද්ධිමත්ව විසදුම් සෙවිය යුතු ජාතික ප්‍රශ්න දේශපාලන වාසි සඳහා යොදා ගැනීම සුදුසු නැහැ. (ස).
මේවා බලාගෙන ඉන්න අමාරු උදවියත් ඇති. (නි)
අරුණ,අපේ කට්ටියට මෙහෙම එකක්වත් කරගන්න බැහැ. බොරු කතන්දර විතරයි. (නි)
එතුමා මේ කළ ආදර්ශමත් ක්‍රියාවට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කවුරුත් ගරු කළ යුතුයි. අපේ බුදු දහම විනාශ කරන්නේ බුදු දහම හරිහැටි නොදැන කටයුතු කර අයයි. ආගමක් ඇදහීමට ලොව කොයිකාටත් නිදහසක් තිබිය යුතු බව මගේ පුද්ගලික හැගීමයි. (නි)
ලුම්බිණි, හොඳටම අමාරු වෙන්නේ ලංකා තිලක් උන්නැහේට. එයා කඩේ යන තැනට ඇරෙන්න මේ ලෝකේ කිසිම හොඳ දෙයකට හොඳයි කියන්න දිව නැමෙන්නේ නැති කෙනෙක්නෙ. (නි)
මෙතුමා ගැන මම අසා තිබෙන්නේ ඉතා හොඳ පුද්ගලයෙකු ලෙසටයි. ඔහුට පින් සිදුවේවා! (නි)
තානාපතිතුමාට ස්තුතියි. ඔබතුමා මේක හැදුවට පසුව විවෘත කරන්න උඩ පැනගෙන එන්නේ කවුද කියලා බලාගෙන ඉන්න වටිනවා. (නි)
අරුණ,මෙය හොඳ ආදර්ශවත් වැඩක්. බලන්න මෙතන එතුමාගෙ මුස්ලිම් නියෝජනයකුත් නැහැනෙ.දුෂ්ට සිතින් හැමදේම දෙස බලන්න එපා. (නි)