ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් ඊයේ (27) නාවික හමුදා භාරයට ගන්නා ලදී.
උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් තලෙයිමන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු සීමාවේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාවන් තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කළ අතර, ධීවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


සටහන සහ ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශයෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලපු මාළු ටිකට මොකද වෙන්නේ? ඇයි ලංකා මුහුදට මාළු අල්ලන්න එන්නේ? ලංකා මුහුදේ මාළු වැඩියෙන් ඉන්නනිසා. ඇයි ලංකා මුහුදේ මාළු වැඩි? මාළුන්ට කෑමට ආහාර ඕනෑතරම් ලංකා මුහුදේ තිබෙන නිසා. ලංකාවේ දකුණේ මිනිසුන්ගෙන් ඉවතලන කෑම උතුරෙන් මුහුදට වැටෙන්න නිසා. හැබැයි කියන්නේ රටේ මිනිසුන්ට කන්න නැහැ කියලා.
බමුණු, කවදා ඉඳන්ද අනේ ඔයා "අයිසේ" වුණේ...?
කවදා ඉඳන්ද අනේ ඔයා "අයිසේ" වුණේ...? මොකක් හරි මම කියන වෙලාවට I say නැතිනම් අයිසේ තමයි. හැබැයි "ඔබ" කියා ආමන්ත්‍රණය කරන්න වුණාම "තුම්සේ" හින්දි වචනය සිංහලෙන් තමුසේ කියනවා. එහෙම කියවුණොත් අමනාප වෙන්න එපා...