නිරූපිකාවන්ගේ නිරුවත් ඡායාරූප වෙබ් අඩවිවලට මුදාහළ බව කියන ඇඳුම් මෝස්තර ශිල්පියෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ජූනි 7 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
‘ඒෂියන් මොඩ්‘ ආයතනයේ රොමේෂ් ද සිල්වා එම පුද්ගලයායි. රහස් පොලිසිය අධිකරණයට දැන්වූයේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් අලෙවි ආයතනවලට ඇඳුම් මෝස්තර සපයන සැකකරු ඡායාරූපවලට නිරූපිකාවන් යොදාගෙන ඇත. ඔවුන් කිහිපදෙනකුගේ නිරුවත් ඡායාරූප බලෙන් රැගෙන ළඟ තබාගෙන ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය.
ඔහු විසින් බලෙන් රඳවා ගන්නා ලදැයි කියන කාන්තාවන් තිදෙනෙක් පොලිසියට පැමිණිලි කර ඇත. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පැවසූයේ ඔහුට එරෙහිව ඇති පැමිණිලි සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.
නීතිඥවරයා ඔහුට ඇපද ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලෙන් ෆොටෝ ගත්තා නම් ඒ ඡායාරූප වල ඔය කියන කාන්තාවෝ අත පය ගැටගහලා ඉන්නවා පෙනෙන්න ඇතිනේ. (නි)
පුදුම කතා තමයි අහන්න ලැබෙන්නේ.(හේ)
අනේ මන්දා... (ර)
අනේ මන්දා! බලෙන් කොහොමද ඡායාරූප ගන්නේ? මුහුණේ ඉරියවු එහෙම අවශ්‍ය පරිදි එන්නෙ නැහැනේ (නි)
මම කවදාවත් හිතන්නෑ මොස්තර ශිල්පියෝ ඒ වගේ වැඩක් කරයිකියලා. ගානක් කඩාගන්න හදනවා වගේ... බලෙන් ගන්නේ කොහොමද අත පය බැඳලද දන්නෑ ෆොටෝස් ගත්තේ.? (ර)
අපිටත් බලන්න දාන්නකෝ ඔය බලෙන් ගත් පින්තූර ටිකක්. එතකොට බලාගතහැකි මොකද වෙලා තියෙන්නේ කියලා (නි)
මොකක්ද නිරුවතින් කරන මෝස්තරය. (ර)
අනේ මං දන්නෙ නෑ සමහර නිරූපිකාවන්ගේ නීරූපන දැක්කම බඩ දගලනවා. (ර)
මොකක්ද අනේ වෙබ් අඩවිය? (ම)
ජූනි 7 වෙනකන් කිව්වේ ඊළඟ අවුරුද්දේ ජූනි 7 වෙන්න ඇති මගේ හිතෙ.. (ම)
මේ ඡායාරූප නොබලා මට නම් මේ ගැන යමක් කියන්න අමාරුයි. (නි)
ඉතින් ඒ කාන්තාවන්ට මෙහෙම බලෙන් ඡායාරූප ගත් දවසේම නේද පොලිසියට පැමිණිලි කරන්න තිබුණේ? (නි)
මේ වගේ අයට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ (නි)
නිරුවතින් කරන ඇඳුම් මෝස්තරය කුමක්ද? තේරුම් ගන්න අමාරුයි. ඇඳුමක් නැතුව ඇඳුම් මෝස්තරයක්?? (නි)
සල්ලි වලට හැමදෙයක්ම යටවෙන මේ කාලයේ මෙවැනි පින්තූර හෝ වීඩියෝ හදන අය වෙනුවෙන් පෙනී සිටීමට මේ රටේ ඕනෑතරම් කට්ටිය ඉන්න බවත් අමතක කරන්න එපා!! (නි)
මේ පුවතට පුවත් 2කට පහළින් වූ මේ රටේම තරුණියන් පිළිබඳ හද සසල කරවන පුවත "ආහාර විසවී ඇඟලුම් කම්හල් දෙකක 70 දෙනකු රෝහලේ" මේ වනවිට කියවා ඇත්තේ 383 දෙනෙකි. කිසිවෙකුත් අදහස් දක්වාද නැත. "ඇඟලුම් ආයතනවලට ඇඳුම් මෝස්තර සපයන නිරූපිකාවන්ගේ නිරුවත් ඡායාරූප ..." මේ වනවිට 10174ක් කියවා ඇත. අදහස් 18කි. එ නමුදු අපි නීතිය ක්‍රියාත්මකවීම, කාන්තා නිදහස, පුද්ගල අයිතිය, සමානාත්මතාව ... ආදිය පිළිබඳ කියවයි, කතාකරයි, අදහස් දක්වයි! අප සමාජය සිටින්නේ කොතැනකද? (බ)
මම නම් කියන්නේ මේවට වැරදි පිරිමි විතරක් නෙමෙයි. මොකද තනි අතින් අත්පුඩි ගහන්න බැහැ (නි)
මම නම් කියන්නේ මේකට මෝස්‌තර ශිල්පියාව නෙමෙයි, ඒ මෝස්තරය වෙනස්කළ බවලතුන් ටිකයි අල්ලා ගන්න ඕනෑ. මේ මට හිතෙන හැටි! (නි)
ලසන්ත, බොරුවට කෑමොරදෙන අපේ සමාජයේ නිරුවත දුටු ඔබට අපගේ ප්‍රණාමය! (නි)
මේ අය ඔක්කොම ගලවලා පොටෝ ගන්න දෙනවා. පස්සේ දැනගත්තාම තමයි බොරුවට කෑ ගහන්නේ. අර "යුරීන්" ද කවුද කියන නිළියත් ඔහොම කිව්වේ.(අ)
අනේ කාලේ වනේ වාසේ! (නි)