(එච් චන්දන)
වෙසක් දිනවල සුපිරි හෝටල්වලට අලෙවි කිරීමට ඉබිමස් එකතු කරමින් සිටි බව කියන පුද්ගලයකු ඉබ්බන් තිදෙනකු සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
වරද පිළිගත් සැකකරු ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළ පුත්තලම වැඩ බලන දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බුවනක රාඡකරුණා මහතා සැකකරුට ලබන 17 වැනි දා පුත්තලම අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කළේය,
ඉබ්බන් තිදෙනා සුදුසු ස්ථානයකට මුදාහරින ලෙස වනජීවි නිලධාරීන්ට නියෝග කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ලංකාවේ නොගිය සුපිරි හෝටලයක් නැහැ නමුත් ලංකාවේ මොන සුපිරි හෝටලේද ඉබිමස් දෙන්නේ? ඉබිමස්, කැස්බෑමස් සහ දඩමස් තියෙන්නේ පව්කාර බේබද්දන්ට බයිට් හදන තිප්පොලවලයි. මේ තැන්වලට යන අය බොහෝවිට මුවමස් යයි සිතා බලුමස් කාපු වාර අනන්ත බව ලංකාවේ මගේ මිත්රයෙක් පැවසුවා. මුව වලිග කොටස් පෙන්නා බලුමස් කවනවලු.