(විනීතා එම් ගමගේ)
මේ වසරේ ගතවූ මුල් මාස හය තුළ වර්ජන හා උද්ඝෝෂණ 1500 ක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා ලංකාදීපයට පැවසීය.
එයින් අති බහුතරයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබාගත හැකි ඒවා යැයි ද හෙතෙම කීය.
වෘත්තිය ප්‍රශ්නයකදි වර්ජනය අවසන් විසඳුම වුවත් මෙම වර්ජනවලින් අති බහුතරය ප්‍රශ්නයත් සමඟම වෙනත් කිසිදු කි‍්‍රයා මාර්ගයකින් තොරව පළමුවෙන්ම වර්ජනයට ගිය ඒවා යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
ඉතා සුළු ප්රශ්නවලදී පවා සාකච්ඡා හෝ වෙනත් විසඳුම් ගැන අවධානය යොමු නොකර කෙළින්ම වර්ජනයකට ගිය අවස්ථාවන් ද මෙම කාල සිමාව තුළ තිබූ බව මුජිබර් රහ්මන් මහතා කීය.
එමෙන්ම වෘත්තිය ප්‍රශ්නයක් නොවී කිසිසේත්ම අදාල නොවන හේතුන් සඳහා ද වර්ජනය කළ හා උද්ඝෝෂණ වලට යොමු අවස්ථා මෙන්ම එකී වෘත්තිය කි‍්‍රයා මාර්ගවලට කිසිසේත් අදාල නැති පුද්ගලයන් සහභාගි වූ ඒවා හමුවූ බව ද ඔහු පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් කතාවක් තිබුණනේ සරත් ෆොන්සේකා මහත්තයාට නීතිය සහ සාමය භාර දෙනවා කියලා, එතකොටම කීදෙනෙක් කලබල වුණාද බයට මාධ්‍ය සාකච්ඡා පවා තිබ්බා.. එම අදහස ක්‍රියාත්මක කළොත් මහජනතාවත් රටටත් හොඳයි.
කරන්නං වාලේ කරන වර්ජන. අඳබාල විපක්ෂය විසින් සහ ඕන එකයි, එපා එකයි විනිශ්වය කරගන්න බැරි අන්තරේ මේවා කරන්නේ. මේ අය වැඩි වාර ගාණක් වර්ජනය කරන්නේ සයිටම් එකට විරුද්ධවනේ. සයිටම් එක මේ රටේ ස්ථාපිත කරන්න මුල් වුණේ පහුගිය රජය සහ හිටපු රජවරු.. ඉතිං එදා නොතිබුණු වර්ජන අද කරන්නේ ආයේ රජ පෙළපතක් හදන්නද?
එන්.එම්. මහත්තයලාගේ කාලේ බණ්ඩාරනායක මහත්තයාව නොමරා මැරුවා කියා මැතිණිය කීවේ මේ වගේ වර්ජන හා උද්ඝෝෂණ කෙළවරක් නැතිව කරලා රටේ වර්ධනයට බාදා ඇතිකළ නිසයි.
ජනතා හඬට කන්දෙන්න කැබිනට් තොත්ත බබාලගේ හිතුවක්කාර වැඩවලට ඉඩ නොදී අංක1 ජනතාව මිසක් කැබිනට් අය නොවෙයි. එතකොට කාටවත් වර්ජන වුවමනා නැත.
මේ උද්ඝෝෂණ සහ වැඩවර්ජන වලින් වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්ති දිශානතියේ විශාල වෙනසක් සිදුවී නැත. සිදුවී ඇත්තේ පොලිසියෙන් සහ මැරයින්ගෙන් ගුටි බැට කෑම, කඳුළු ගෑස් කෑම, ජල ප්‍රහාර, රෝහල් ගතවීම සහ රිමාන්ඩ් ගත වීම පමණයි. මේවයේ අවසන් ප්‍රතිපලය වී ඇත්තේ පොලිසියේ සහ රෝහල් ශ්‍රමය වැය වීම, අදිකරණයේ කාලය නාස්ති වීම වැනි මහජන බදු මුදල් කා දමන දෙයක් පමණි. මේ විරෝදය පාන්නන් කල යුත්තේ, මහජන චන්දයකදී සංවිධනය වී, තමන්ගේ අදහස් මහජනයාට ඉදිරිපත් කොට, මහජන අනුමැතිය ලබාගෙන, තමන්ගේ අදහස් ක්‍රියාවට නැංවීමයි. යම් හෙයකින් මහජනයා ඒ අදහස් ප්‍රතික්ෂේප කලොත්, එයට හිස නැමීමටත් පුරුදු විය යුතුයි.
6% අධ්‍යාපනයට දෙනවා කියල බලය අරන් දුන්නේ 2% . ඉතින් වර්ජන හා උද්ඝෝෂණ තමි ප්‍රතිපල.