කොළඹ පාසලක බාල වයස්කාර දැරියකගේ ෆේස්බුක් ගිණුමෙන් ඇගේ ඡායාරූපය නිරුවත් කරන බවට තර්ජනය කර ඇය දවසක් ගෙදරට ගෙන්වා ගත් බව කියන 21 හැවිරිදි තරුණයෙක් කහතුඩුව පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටී.
රැකියාවක් නැති මෙම තරුණයා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කරනු ලැබ සිටී. දැරියගේ දුරකථනයෙන් තරුණයාගේ ජංගම දුරකථනයට වැරදීමකින් මිස් කෝල් පණිවිඩයක් (මගහැරුණු ඇමතුම) යෑම මේ සිද්ධියට මුල බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බහුතරයක් ළමයි තාක්ෂණය භාවිතා කරන්නේ වැරදි දේවල් වලට.අන්තර්ජාල සම්බන්ධතාවයකුත් එක්ක ගෙදර කොම්පියුටරයක් තියෙනවා කියන්නේ.ටියුෂන් මාස්ටර් ගෙදර ඉන්නවා වගේ පන්සල ගෙදර තියෙනවා වගේ.(හේ)
මොහාන් දැන් ඉන්න දෙමව්පියන්ට වැඩ..වැඩ...වැඩ.. කොහොම ළමයිගැන හොයන්නද (හේ)
ඇයි උපුල් 18 වැඩි අයටද ෆේස් බුක් ගිණුම් තියෙන්නේ .දැන් බඩේ ඉන්න දරුවාටත් අම්මලා ගිණුම ඇරලා තියෙන්නේ .(හේ)
දැන් මේ අපරාධ වෙනවා වැඩියි.(හේ)
දරුවනේ මේවා කරන්නේ පරිස්සමින් ,,පිටතින් පෙන මිනිසත්කම ඇතුළත නැත ..(හේ)
අනේ මෙහෙමත් ළමයි අප්පා (බ)
මේ දැරියට දෙමව්පියෝ හිටියේ නැද්ද ? (හේ)
වැරදිලාවත් මිස් කෝල් එකක් අවොත් ආච්චි වුනත් කමක් නැහැ ලංකාවේ නම්. (ම)
කලියුගේ. දෙමාපියන්ගේ අනුදැනුමකින් තොරව, ක්‍රියා කරන ඔය වයස බොහොම අවදානම්. උපරිම දඬුවම් දෙන්න ආයේ අමතක නොවෙන්න වගේම තව කෙනෙකුට ඔය වගේ දෙයක් ආයේ නොකරන්න. (බ)
බාල වයස්කාර දැරියකට ෆේස් බුක් ගිණුමක්? හරි පුදුමයි. (ම)
අහිංසක දරුවන් ගොදුරු කරගන්න ඔය වගේ අධමයින් පණපිටින් හම ගහන්නයි වටින්නේ (ම)
දැන දැන අමාරුවේ වැටෙන්නේ දැන් ළමයි.(හේ)