IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාස 2ක් නොමිලේ හාල් දෙන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2023 වසරේ මුල් භාගයේදී සමෘද්ධි  ප්‍රතිලාභීන් ඇතුළු දිස්ත්‍රික්ක 25හි  පවුල් මිලියන 2.74ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි එක් පවුලක් සඳහා මාසයකට නාඩු සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක කාලයක් සඳහා සහල් ලබාදීමට  පියවර ගෙන ඇතැයි රජය පවසයි.

හඳුනා ගත් අඩු ආදායම්ලාභීන්ගේ පෝෂණ මට්ටම පවත්වාගෙන යාමට උපකාරයක් වශයෙන් මෙම වර්ෂයේදීද එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව පෙනී ගොස් තිබෙන බවද රජය කියයි.

ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්  හිමියන් සම්බන්ධ කර ගනිමින් දිස්ත්‍රික් ලේකම්වරුන් දිසාපතිවරුන් හරහා හඳුනා ගත් අඩු ආදායලාභී පවුල් මිලියන 2.74 ක් පමණ ආවරණයක් වන පරිදි එක්  පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් දහයක් ලබාදීමේ වැඩසටහන මාස දෙකක් කාලයක් ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.



අදහස් (15)

මාස 2ක් නොමිලේ හාල් දෙන්න කැබිනට් අනුමැතිය

අරවින්ද මොනරවිල Tuesday, 19 March 2024 11:44 AM

මාස දෙකකට පස්සේ ඒ මිනිස්සු බඩගින්නෙ හිටියට කමක් නැතුව ඇති.

:       4       44

මල්කඩුවාව Tuesday, 19 March 2024 12:32 PM

ඒ මාස දෙක බත් කෑවාට පස්සේ ඒ මිනිස්සු ස්වයංපෝෂිත වෙයි. එහෙම නූනොත් ඒක ඒ මිනිස්සුන්ගේ වරද... ඡන්දෙත් එතකොට තියයි. ඒවා කාලා කතිරේ ගහන එකයි මිනිස්සුන්ට තියෙන්නේ. මේ නොමිලේ දෙන දේ කන්න බලාගෙන ඉන්න හිඟන්නෝ නැතිවෙනකන් මේ රට දියුණු කරන්න බෑ...

:       0       2

Kumara Tuesday, 19 March 2024 11:54 AM

මාලිමාවට තියෙන රැල්ල හාල් දීලා හරවන්න බෑ දැන්

:       3       1

ආර්.ඤාණදාස Tuesday, 19 March 2024 12:24 PM

ඡන්දේ පහුවුණාම හුළං බොන්නයි වෙන්නේ...

:       0       0

Asela Tuesday, 19 March 2024 12:31 PM

ඒකට වෙන්න ඇති ආසියානු බැන්කුවෙක් ණයක් ඉල්ලලා තියෙන්නේ, ඡන්දෙට අතින් වියදම් කරලා නිකන් දීලා ඡන්දෙන් පස්සේ තවත් ලොකු බද්දක් ගහයි.. ඒ ගත්තු ණය ගෙවන්න.

:       1       0

nirmala Tuesday, 19 March 2024 12:51 PM

ටයි පළඳින බාල මහත්තයා

:       3       5

Lalla Tuesday, 19 March 2024 01:03 PM

වැඩකරන ජනතාවට බදු ගහලා නිකමුන්ට කවන්න ආණ්ඩුවට තිබෙන අයිතිය මොකක්ද.?. තවදුරටත් නිකමුන් බෝවීම ප්‍රවර්ධනය...

:       0       0

Athula Tuesday, 19 March 2024 01:06 PM

හ්ම්ම් සත්ව කරුණාව පාහල වෙලා.. හෝ,, හෝ,, අපි දන්නවා ඔය හැරෙන්නේ මොකාටද කියලා..76 ක්‌ ම ඔහොම කලානේ 77 JR ඇට 8 ක්‌ දෙනවා කියලා 6/5 ක බලය අරන් කරපු හරිය අමතක නැහැ.. සිල් රෙදි ද ඊලගට ටකරන්ද, වැසිකිලි පෝච්චිද, සිමෙන්ති කොට්ටෙද

:       0       0

ගමේඑ එකාලා Tuesday, 19 March 2024 02:01 PM

හිටපු ගමන් සත්ව කරුණාව පහළවෙලා... ඡන්දෙට කලින්... ජනතාව අන්දවන්න වගේ හදන්නේ...

:       0       0

Sellakkara Kolla Tuesday, 19 March 2024 02:25 PM

චන්ද ගුණ්ඩු එහෙම නෙවෙයි ඕන්.

:       2       12

nanda Tuesday, 19 March 2024 04:25 PM

මාස දෙකක් බත් කාලා මේ ජනපීඩිත ආණ්ඩුව ඡන්දෙන් ගෙදර යවමු.

:       3       10

බද්රානි Tuesday, 19 March 2024 05:04 PM

දැන් මේ රටේ හිඟන අයට කන්න දෙන්න වෙන්නෙත් අපි දුක් මහන්සිවෙලා හම්බකරන මුදල් වලින්ද..? උන්ගේ වාසියට මේවා යෝජනා කරන්නේ හරියට එවුන්ගේ අම්ම අප්පාගේ බුදලෙන් දෙනවා වගේනේ...? දෙන එකාලටයි, පිනට කකා ඉන්න එවුන්ටයි හොඳක් නම් වෙන්න එපා!!!

:       0       0

Hafeel Tuesday, 19 March 2024 05:44 PM

මාස 2ක් නොමිලේ හාල් දීලා, අවුරුදු 5ක් හොරකම් කරන්න ඉඩ දෙන්න එපා. හාල් ටික අරන්, ඡන්දය නොදී ඉන්න...

:       0       0

පී,එස්, Wednesday, 20 March 2024 02:11 AM

ලංකාවේ ඇතැමුන්ට දුන්නත් බණියි, වැරැදියි... ... නුදුන්නත් බණියි, වැරැදියි.

:       0       2

Rohana Wednesday, 20 March 2024 07:38 AM

දුප්පත් මිනිසුන්ගේ ඡන්දගොඩ ආණ්ඩුවට පක්ෂව ලබාගැනීමේ උපක්‍රමයක් වශයෙන් මෙම සහල් දීමනාව ලබාදෙන බව මේ ප්‍රවෘත්තියට ඇතුලත්කලානම් එය වඩාත් නිවැරදි ප්‍රවෘත්තියක්වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site