අන්තර්ජාල සිදුවීම් එකසිය පනහක් ගතවූ නොවැම්බර් මාසය පුරාවට ලැබී තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
ජනවාරි මාසයේ සිට නොවැම්බර් දක්වා ලැබී තිබෙන මුළු පැමිණිලි සංඛ්‍යාව දෙදහස් එකසිය පනහකි.
ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සැකසීම සහ මුර පදය හුවමාරු කරගෙන පරිහරණය කිරීම ආදිය නිසා පැන නැගුණු ගැටළු මෙම සිදුවීම්වලට ඇතුළත් වන බවත් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
‘‘සෑම සිදුවීමකින්ම අගතියට පත්වන පාර්ශවයකි. සියලුම සිදුවීම් නිරාකරණය කර ගැනීමට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දායක වෙයි. එහිදී යම් අයකුට නීතිමය ක්‍රියාවකට යොමු වීමට අවශ්‍ය නම් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත ගැනද උපදෙස් දිය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd