ජනරාල් සරත් ෆොන්සේකා ලබන 22 දා සිට ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් වේ. පීල්ඩ් මාර්ෂල් යනු තරු පහේ සුපිරි සම්භාවනීය හමුදා නිලධාරී තනතුරකි. ලෝකයේ යුද හමුදාව ඇති රටවල හමුදා නිලධාරියකුට ලැබෙන විශිෂ්ඨතම වරප්‍රසාදය වන්නේ මෙම තනතුරය.
රටවල් 68ක දැනට පීල්ඩ් මාර්ෂල් තනතුර සදහා හමුදා නිලධාරින් පත්ව තිබේ. මෙම තනතුර යාවජිව තනතුරකි. ඊට කැබිනට් අමාත්‍යවරයකුට හිමි බලතල අනිවාර්යෙන්ම හිමිවේ.
මේ තනතුරට පත්වන ප්‍රථම ශ්‍රි ලංකීක යුද හමුදා නිලධාරිය වන්නේද ජෙනරල් සරත් ෆොන්සේකාය.
පීල්ඩ් මාර්ෂල් තනතුර වැනි උසස්ම තනතුරක් නාවික හමුදාව සහ ගුවන් හමුදාව වෙනුවෙන්ද වෙන්කර තිබේ. නාවික හමුදාවේ එය සදහන් කරන්නේ අද්මිරාල් ඔෂ් ද ප්ලීට් වශයෙනි.
ජනරාල් සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට උසස් කළ බව නිල වශයෙන් නිවේදනය වීමත් සමඟ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ හා හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද තමන්ට හිමි ඒ උසස්ම තනතුර ප්‍රදානය කරන ලෙස ඉල්ලීමක් කළ බව වාර්තා විය.
ජනරාල් පොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට උසස් වීමට බලපාන ප්‍රධාන කරුණු කීපයක් තිබේ. ඉන් ප්‍රමුඛතම කරුණ වන්නේ තිස් වසරක් තිස්සේ පැවැති ජන ඝාතක යුද්ධයක් සහමුලින්ම අවසන් කිරීමේ මානුෂීය මෙහෙයුමේ ප්‍රධාන නියමුවා වීමය.
ඒ යුද හමුදාපති ලෙසිනි. මේ අවධියේ මුහුදු කොටින්ගෙන් එල්ල වන ප්‍රහාර මැඩලමින් සහ අවි ආයුධ ප්‍රමාණය අවහිර කරමින් නාවික හමුදාව මානුෂීය මෙහෙයුමට විශේෂයෙන්ම ගොඩක්ම පාබල හමුදාවට අවශ්‍ය සහාය ලබා දුන්නේය.
පාබල හමුදාව සතුරු ඉලක්කයන් සොයා ඉදිරියට යද්දී කොටින්ගේ මර්මස්ථානවලට ගුවනින් බෝම්බ හෙලමින් පාබල හමුදාවන්ගේ මඟ හෙලි පෙහෙලි කළේ ගුවන් හමුදාව විසිනි.
මේ නිසා ත්‍රිවිධ හමුදාව එක්ව යුද්ධය අවසන් කළ බව ප්‍රකටය. හිටපු නාවික හා ගුවන් හමුදාපතිවරුන් මෙසේ තමන්ටත් උසස් තනතුර ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත්තේ ඒ පදනම පසුබිම් කරගෙන විය යුතුය.
තනතුරු පසු පස හඹායාම සාමාන්‍ය පෘථග්ජන මිනිසුන්ගේ දින චරියාවකි. එහි වරදක්ද අපට නොපෙනේ. මිනිසා හැඩ ගැසී ඇත්තේද අපරිමිත වූ ආශාවන්ගෙන් වැඩිම ප්‍රමාණයක් ඉටුකර ගැනිමේ අභිලාෂයෙනි. සමහරු එම ඉලක්ක සපුරා ගනී. සමහරුන්ට එය නොහැකිවේ.
සමහරුන්ට ඒ පිළිබදව ඇති උනන්දුව අල්පය.
මෙවැනි උසස් තනතුරක් ලබා ගැනීමට දේශපාලන ජවයකුත් අවශ්‍ය බව මෑත කාලීන අපේ සංස්කෘතිය විදහා දක්වයි.
තුන් වැනි ඊළාම් යුද්ධයේදී ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිව සිටි අනුරුද්ධ හේමන්ත මහතාට හමුදාවේ ඉහළම තනතුරක් වන ජනරාල් පදවිය ලැබුනේද මේ දේශපාලන ජවය නිසාය. ඔහු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය වරයා ලෙස චන්ද්‍රිකා ජනාධිපතිනිය පාලන සමයේ දියත් කළ රිවිරැස මෙහෙයුමේදී යාපනය අර්ධද්වීපයේ බලය මුළුමනින්ම හමුදා අණසකට යටත් කළේය.
ඒ වන විට කොටි ත්‍රස්තවාදීන් යාපනය අගනුවර කරගෙන නිල නොවන ඊළාම් රාජ්‍යයක් බිහිකර තිබුණි. රිවිරැස මෙහෙයුමේදී යාපනය අර්ධද්විපයට අයත් ප්‍රධානම කලාප 3 වූ වලිකච්ච, කෙන්මරච්චි සහ වඩමාරච්චි යන ප්‍රදේශ (කිලාලි කලපුව ඇතුළුව) මුළුමනින්ම හමුදා අණසකට යටත් කර ගැනීමට ත්‍රිවිධ හමුදාවට හැකි විය.
යාපනය අල්ලා ගැනීමෙන් පසුව ඒ වෙනුවෙන් කොළඹ පැවැති නිල උත්සවයකදී ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අනුරුද්ධ රත්වත්ත මහතා තරු හතරේ ජනරාල් තනතුරට ජනාධිපතිනිය විසින් උසස් කරනු ලැබීය.
ඒ වන විට අනුරුද්ධ රත්වත්ත මහතා යුද හමුදානේ ස්වේච්ඡා බල සේනාවට සම්බන්ධව සිටි කර්නල් වරයකු විය. කර්නල් තනතුරේ සිට බ්‍රිගේඩියර් ,මේජර්, ජනරාල්, ලුතිනන් ජනරාල් වැනි තනතුරු අභිබවා එකවරම ජනරාල් වරයකු ලෙස උසස් වූයේ ඔහු රජයේ ප්‍රභලයෙකුට සිටිම නිසාය.
ජෙනරාල් තනතුරට රත්වත්ත මහතා බෙහෙවින් ඇළුම් කළේය. ක්‍රියාන්විත ප්‍රදේශවල සිදුකළ ගමන් බිමන් වලදී ත්‍රිවිද හමුදා පති වරුන්ද එක්කර ගත් අතර විශේෂයෙන්ම තරු හතරේ ජනරාල් වරයකුට හිමි නිල ඇදුම සහ ඊට අදාල පදක්කම් පැලදීමට අමතක නොකළේය.
යම් ලෙසකින් චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලන සමය තුල ජනරාල් රත්වත්තේට මේ යුද්ධය සහ මුලින් අවසානයක් කරන්නට හැකි වුවා නම් ලංකාවේ පළමුවන පීල්ඩ් මාර්ෂල් වරයා බවට අනුරුද්ධ රත්වත්ත මහතා පත්වනු නොඅමානය.නු
අනුරුද්ධ රත්වත්ත මහතාගේ භූමිකාවෙන් පසු දේශපානයේදී අපට කියවෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයයි. ඔහුගේ පාලන කාලයේදී ආරක්ෂක අමාතංශයේ ලේකම් වරයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරාය.
වෘත්තිමය වශයෙන් ගොඨාභය රාජපක්ෂ හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් වරයෙකි. වඩමාරච්චි සටනින් පසුව හමුදාවෙන් විශ්‍රාම ගොස් ඇමරිකාවේ පදිංචිවි සිට යළි 2005 දී මෙරටට පැමිණෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමගය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව කරනු ලබන මුල්ම පත්වීම වන්නේ සිය සොයුරු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කිරිමය.
ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂගේ මුල්ම කාර්ය වුයේ එවකට මාණ්ඩලික ප්‍රධානීව සිට විශ්‍රාම යෑමට සිටි සරත් ෆොන්සේකා හමුදාපති ලෙස පත් කිරීමය.
ගෝඨාභය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා යුද හමුදාවේ සමකාලිනයන් විය.
සරත් ෆොන්සේකා සහ ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගය ඇහට ගුණ නැති බව තේරුම් ගත් කොටි සංවිධානය ඔවුන් දෙදෙනාටය මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළේය.
සරත් ෆොන්සේකාට එල්ල වු ප්‍රහාරයෙන් බරපතල තුවලා ලබා දිවි ගලවා ගත් අතර රාජපක්ෂ මහතා තුවාල නොලබාම ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේය.
යුද්ධය ආරම්භ වූයේ මාවිල් ආරු සොරොව්ව කොටි ත්‍රස්තවාදි විසින් වසා දැමිම නිසාය. එය විවෘත කිරීම උදෙසා දියත් කළ මානුෂිය මෙහෙයුම අවසානයේදී නතරවුයේ නන්දිකඩාල් කලපුවෙන්ය.
කොටි නායක ප්‍රභාකරන්ද සමග ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය නන්දිකඩාල් කලපුවේ දියකර හැරිමට සරත් පොන්සාකට හැකිවිය.
හමුදාපති සරත් පොන්සේකා යුද බිමේ කොටි බලමුළු වනසද්දී ඊට අවශ්‍ය තාක්ෂණික සහාය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ බව නොරහසකි.
යුද්ධය අවසන් කිරිමෙන් පසු ලුතිනන් ජනරාල් තනතුරේ සිටි හමුදාපති සරත් පොන්සේකා තරු හතරේ ජනරාල් පදවියට උසස් කෙරිණි. සක්‍රිය හමුදා සේවයේ යෙදී සිටියදී තරු හතරේ ජනරාල් දුරයට පත් පලමු හමුදා නිලධාරියා ඔහුය.
සරත් පොන්සේකා එලෙස උසස් වීම් ලබා දුන්නද ගෝඨාභය රාජපක්ෂ මහතා තම පූර්ව අනුගාමිකයා වූ අනුරුද්ධ රත්වත්ත මහතා අනුව යමින් ලුතිනන් කර්නල් නිලයේ සිට අඩුම වශයෙන් කර්නල් වරයකු ලෙසටවත් උසස් නොවූයේ ඇයිදැයි ප්‍රෙහේලිකාවකි. හවැනි තනතුරක් ලබා ගැනීමට ඔහුට යම් කිසි ආශාවක් හෝ උනන්දුවක් ඇති වූවා නම් ජනාධිපතිවරයා වන තමාගේ සොහොයුරා වූ මහින්ද රාජපක්ෂ මහතා ලබා තත්පර ගණනක් ඇතුළත ලබා ගැනීමේ හැකියාව තිබුණි. තනතුරු උසස්වීම් සඳහා අවශ්‍ය දේශපාලන ජවය තිබියදීත් එය එසේ නොවීය.
පසුව ජනරාල් ෆොන්සේකා දේශපාලනයට පිවිසියේය. අවසානයේ ඔහු නතර වූයේ වැලිකඩ හිර ගෙදරිය. වසර දෙකකට කිට්ටු කාලයක් සිර දඩුවම් විදි ඔහුගේ චරිතය විවිධාකාර හැලහැප්පීම්වලට ලක්වූ නෞකාවක් වැනිය.
ඔහු වරක් මිය ගොස් යළි ඉපදුනේය. ඒ කොටින්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙනි. එම ප්‍රහාරයෙන් ලැබූ තුවාල සුව වන්නට පෙර ඔහු ජම්පරයක් ඇඳ සිර බත් කෑවේය. අර්ධ ජනාධිපති සමාවක් විඳ සිරෙන් එළියට ආවේ ප්‍රජා අයිතිය අහිමි පුද්ගලයකු ලෙසටය.
2015 ජනාධිපතිවරණයේ දී ඔහු නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතාට පූර්ණ සහාය පළ කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසුව ඔහුට පූර්ණ සමාව හිමි විය. අහිමි කළ නිල නාම, පදක්කම් සියල්ල යළි ලැබිණි. දැන් ඔහු හමුදාවේ උසස්ම නිලය වන ‘ෆීල්ඩ් මාෂල්‘ තනතුරෙන් පිදුම් ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් ෆොන්සේකා මහත්තය තනිව ලකුණු දාගන්න අනිත් හමුදාපතිවරුන් සමග සහයෝගයෙන් කටයුතු කලේ නැති නිසා යුද හමුදාවේ අහිංසක සෙබළු ගණනාවක් නිකරුනේ දිවි පුදපූ බව දන්නෝ දනිති. (නදී)
මේ ලිපිය මුල සිට නිවැරිදිව කියවන්න.මේ සියලු දෙනාම ජාතික වීරයන්. එ්කේ සැකයක් නැහැ. ඒ අතරිනුත් ගෝඨාභය රාජපක්ෂ තනතුරු වලට කෑදර නැති සැබෑම ජාතික වීරයෙක්. (නදී)
සරත් ෆොන්සේකා කියන්නේ යුද සමයේ කැලෑවල නිදාගෙන මව්බිමේ එ්කීය බාවය සදහා සටන් කල වීරෝදාර සෙබෙලකි. නැතිව යුද්ධයට බයේ ඇමරිකාවට වෙලා පෙට්රෝල් ෂෙඩ් එකක පෙට්රෝල් ගහපු කෙනෙක් නෙවේ. (නදී)
ගෝඨාභයට දෙනවා නම් ප්‍රභාකරන්ටත් එය සුදුසුයි (නදී)
ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදාවෙන් විශ්‍රාම ගෙන ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබාගෙන, 2005 දී නැවත ලංකාවට පැමිණ ආරක්ෂක ලේකම් ධූරය දරමින් යුද කටයුතු මෙහෙයවුවද, සරත් පොන්සේකා මහතා 30 අවුරුදු යුද කාල සීමාව පුරාම තම මව්බිම වෙනුවෙන් සටන් කළ සෙන්පතියෙකි. ඔහුට ලබාදිය යුතු ඉහළම තනතුර සහ ගෞරවය ලබාදීම රටෙහි සහ ජාතියේම යුතුකමකි.(නදී)
අපේ රටේ ඕනෑම තරාතිරමේ පුද්ගලයෙකුට දේශපාලනීකරණය නොකර සුදුසු තැන දෙනවනම් ඉතා වැදගත්. (නදී)
වීරවංස මහතාව අමතක උනාද එතුමා තමා නියෙමෙටම කටින් උදව් කල විරුවා (නදී)
ගුවන් සහ නාවික හමුදාවලින් විශිෂ්ට සහයෝගයක් ලැබුනා. එම ක්‍රියාන්විතයන්ට සහබාගි වුන නිලධාරීන්ට ගරුබුහුමන් දැක්විය යුතුය. ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සේවය කිසිසේත් වෙන කෙනෙකුට සමකල නොහැක.(නදී)
' ශ්රී ලාංකීය ජාතිය බෙදී වෙන්වීමට තිබු සියලු අවකාශයන් නවතා, ඒකීය රාජ්‍යක් ලෙස මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීමට නායකත්වය දෙමින්ද, වරක් නොව තුන්වරක් සතුරාගේ කුරිරු වෙඩි පහරට ලක්වෙමින්, ඊට නිර්භයව මුහුණ දෙමින්, ජීවිතය දෙවනුව සලකා තමන් සතු සියල්ල මව්බිම වෙනුවෙන් කැපකිරීම නිසාවෙන්ද, රටේ භෞමික අඛන්ඩතාව ආරක්ෂාකර ගැනීමේ තමා සතු වූ යුතුකම හමුවේ පැමිණි සියලු කටුක අභියෝගයන් නිර්භයව භාරගනිමින්ද, එඩිතරව මුහුණ දෙමින්ද, මාතෘ භූමිය රැකගැනීම නිසාවෙන්,'' ඔහුට එම තනතුර පිරිනැමේ. (නදී)
අස්පයෝ පිට නැගිලා ගුවන් හමුදාවට නායකත්වය දෙන මානසිකත්වයෙන් හිටිය ගුවන් හමුධාපතිට මොන මාර්ෂල් තනතුරුද? (නදී)
ලංකාවේ තරුණයන් පැහැරගෙන ගිහින් අතුරුදහන් කල සුදු වෑන් වල පියාටත් මොනවා හරි දෙන්නකෝ. (නදී)
අනුරුද්ධ රත්වත්තේ එවකට නියෝජ්‍ය ආරක්ෂක ඇමතිය. ඔහුගේ පුතා යුනිෆෝර්ම් ඇදගෙන සර්ව බලධාරියෙක් ලෙසින් නුවර පිස්සු නැටුවේය.(නදී)
ලෙස්ලි ජයවර්ධන ඔබ හරියටම හරි. මේ වෙනකොට එවැනි දුෂ්ටයෝ මැරි මැරී උපදිනවා. (නදී)
යුද්ධයට බයේ පැනල ගිය රණ විරුවන්ටත් ෆීල්ඩ් මාර්ෂල් තනතුරු ඉල්ලයිද දන්නේ නැහැ. (නදී)
තුවක්කුවකින් වෙඩිල්ලක් තිබ්බේ නැති, එ්ත් බෝම්බයක් විසි නොකරපු අනුරුද්ධ රත්වත්තේට කර්නල් රෑන්ක් එකේ සිට ජෙනරාල් රෑන්ක් එකට උසස් වීම ලැබුනේ කෙසේද? (නදී)
මාත් කියන්නේ අනිත් අයටත් එක හැන්දෙන්ම බෙදෙන්න ඕනා. පොන්සේකා මහත්තයා තනියම නෙමේයිනේ යුද්දේ කලේ? හරි නම් මහින්ද මහත්තයටත් දෙන්න ඕන මේ වගේ දෙයක් (නදී)
යුද්දයකදී ජිවිත අවදානම් ගෙන මරණය වෙනුවෙන්ම කැප වූ හමුදාව යුද හමුදාවයි. ගුවන් සහ නාවික කළේ යුද හමුදාවට ඉදිරියට යාමට අවශ්‍ය සහය දැක්වීමයි. සැලකිය යුතු කාරණය වන්නේ යල් පැනගිය යුද උපක්‍රම වලින් ඔබ්බට ගොස් නව අත්හදා බැලීම් වලින් අති සාර්ථක ප්‍රතිපල ලබමින් හමුදාවට අවම අනතුරු සහ ප්‍රතිවාදියාට උපරිම සහ දැඩි ප්‍රහාර එල්ල කරමින් ලෝක යුද ඉතිහාසයේ අමරණිය ජයග්‍රහණයක් යුද හමුදාවට සහ ශ්‍රීලංකාවට ලබා දීමයි. එම නිසා මේ පදවිය එක හෙලාම හිමිවිය යුත්තේ හමුදාපති සරත් ෆොන්සේකාට බව මගේ හැඟීමයි (නදී)
ගොඩක් වැදගත් ලිපියක්! (නි)
මෙහි වරදක් දකින්නේ නැහැ. නියම දක්ෂයෙක්.දේශපාලනය අපිට වැඩක් නැහැ.සුබ පතනවා! (නි)
ජෙනරල් ෆොන්සේකා කියන්නේ පන්දම් අල්ලලා ඕනෑම දෙයක් ලබාගන්න පුළුවන් කෙනෙක් (නදී)
සමබරව අදහස් දැක්වූ හොඳ ලිපියක්. එක අයකුට පමණක් මෙසේ වරින් වර සැලකීම සුදුසුද යන්න සිතා බලන්න. (නදී)
අද පොලිස් විරු දිනය වේ. හමුදාවට පසුව රාජකාරියේදී වැඩිපුරම ප්‍රමාණයක් මැරුම් කෑවේ පොලිසියේ නිලධාරින්. එ්ත් පොලිසියට මොන ඉටි ගෙඩියක් වත් නැහැනේ.මේක තමයි ලංකාව (නදී)
"මගෙන් පසුව එන කිසිම හමුදාපතිවරයෙකුට මේ යුද්දය කරන්න මම ඉඩ තියන්නේ නැහැ. "මෙසේ කිවේ ජෙනරාල් මිසක් වෙන කව්රුවත් නෙවේ ඔය විදිහට ෆිල්ඩ් මාෂල් දෙන්න ගියොත් පොලිස්පතිටත් දෙන්න වෙයි (නදී)
මානෙල් කියන ආකාරයට මියගිය සහ තුවාල ලැබුව සියලු සෙබළුන්ට මෙම තනතුර දිය යුතුයි. පොලිටික්ස් පැත්තක තියල මේක දිහා බලන්න ගොඩක් අයට බැරි අැයි. (නදී)
හොඳයි, අපි බලමුකෝ... (නි)
සරත් ෆොන්සේකා මහතා සහ ගෝඨාභය මහතා කිසිසේත් සමානකළ නොහැකි බව මම පවසා සිටිමි (නි)
මේ මනුස්සයට විතරයි මේ තනතුර දෙන්න සුදුසුකම තියෙන්නේ. ඕනෙ මෝඩයෙකුට තේරෙනවා ඒක. ෆොන්සේකා කරපු කැපවීම නේවි සහ එයාෆෝස් හමුදාපතිවරු කලේ නැහැ. ඒ දෙන්නත් ඒක දන්නවා. (නදී)
මට නම් පෙනන ආකාරයට සුදුසු සරත් ෆොන්සේකා පමණි (නි)
අනේ චම්පික මේ දෙන්න හිරබත් ඉල්ලුවේ නැහැ වගේම සුදු කොඩි කතා කිව්වෙත් නැහැ නේ. දැන් මේ තනතුර දෙන්නේ හිරේ ගියාටද? (නදී)
ඉතා උසස් ලිපියක්. (නි)
අපිට ලැබුන නිදහස තව තවත් අර්ථවත් වෙමින් එය සදාකාලික පුර්ණ නිදහසක් වන්නේ නම් යුද්ධයට සම්බන්ධ වූ කවුරු වුවත් මොන මොන නම් වලින් තනතුරු ලබා ගත්තත් අපට එය ගැටළුවක් නොවේ..... (නි)
ගෝඨාභය මහතා නිලයට බලයට ආදරය කළ කෙනෙකු නොව රට ජාතියට ආදරය කරනා කෙනෙකි . (නි)
ඔව් ඉතින්, ඉල්ලීමක් කළා කියලා ඒකේ වරදක් කාටවත් කියන්න බැහැනේ! (නි)
අනිත් දෙදෙනාටත් එය දීමට නම් ඒ ගොල්ලොත් ජෙනරාල් පොන්සේකා වාගේ මාස 30 හිරේ ඉදලා හිරේ කානුත් සුද්ද කරලා එන්න ඕනා. (නදී)
යුද්ධය දිනීමට දිවි පරදුවට තබා මහඟු මෙහෙවරක් කළ හිටපු ආරක්ෂක ලේකම්තුමා ගැනත් සළකාබැලිය යුතුනොවේද? (නි)
මංගල නේවි සහ එයාෆෝස් හමුදාපතිවරු අල වැව්වද? නිකන් මෝඩ කතා කියන්න එපා (නදී)
අනේ! ඉල්ලලා ලබාගන්න එක සුදුසු නැහැ නේද? (නි)
ඩයස්පෝරාවේ සහ සම්‍බන්දන්ලාගේ අදහස කොයි වගේද (නදී)
ලැබෙන්න තිබේ නම්, ඔහු එයට සුදුසු නම් කොහේ හිටියත් ලැබෙනවා. සුබ පැතුම් ජෙනරල්! (නි)
පිල්ලෙයාන්ට, විග්නේස්වාරන්ට සහ කරුණටත් දුන්නොත් නරකද ? (නදී)
දෙනවා නම් සුදුසු තනතුරු දේශපාලන සංග්‍රහ නොසළකා සියළු සුදුස්සන්ට දියයුතුයි (නි)
යමක් හිමි යමෙක් වෙයි නම් එය හිමිවිය යුතුමය (නි)
මේ ගැන ජනාධිපතිතුමා සොයාබලා සාධාරණය ඔවුන් වෙනුවෙන් ඉෂ්ට කළයුතුයි (නි)
මම නම් කියන්නේ ඒක සාධාරන ඉල්ලීමක් කියායි (නි)
අපි බලමුකෝ එයාලටත් ලැබෙයිද කියලා. සුදුස්සාට සුදුසු තැන නිතැතින්ම හිමිවෙනවා (නි)
එයාලටත් සුදුසු අය නම් එයාලටත් ලැබෙයි (නි)
අතරමැදි සහායකයින් එමටය. නමුත් දක්ෂයා ජයගැනීම ගැන සතුටුය. (නි)
ඉතාමත්ම හොඳ සාර්ථක ලිපියක් (නි)
මම නම් කියන්නේ ඒ දෙදෙනාත් සුදුසු නම් ඒ ගැන සළකා බලන්න කියලයි (නි)
තිලක් - ඩුබායි,රොෂාන් ගුණතිලක මහත්මයා ගුවන් හමුදාවට කරඇති සේවය දන්නේ එතුමා සමඟ සිටි අය පමණි. එතුමාගේ පිය මෙන්ම එකම පුතාද ගුවන් නියමුවන්ය. එතුමාගේ පරම්පරාවම ගුවන් හමුදාවට ඉතා මහඟු සේවයක් කර ඇත. තිලක් දන්නේ නැත්නම් පින් සිද්ධවෙයි කට පියාගෙන ඉන්න (නි)
කරන්නාගොඩ සහ ගුණතිලක මහතුන්ද මාෂල් ධුරවලට සුදුසුයි. ගෝඨාභය මැතිතුමා නියම ජාතික වීරයෙක්. සියලු දෙනාටම නිසිතැන දෙන්න. (නි)
ඒ දෙදෙනාගේත් සුදුසුකම් පරීක්ෂා කර බලන්න (නි)
අනෙක් දෙදෙනාගේ තනතුරු ගැන සළකා බලන්න (නි)
අපේ ෆොන්සේකා මහත්තයාට අගෞරව නම් කරන්න එපා. වඳින්නම් (නි)
සුදුසුම තීරණය අනිවාර්යයෙන්ම ජනාදිපති තුමන් විසින් ගනු ඇත (නදී)
ඔන්න යහපලානේ සදාරණත්වය බලාගන්න හොඳ වෙලාව ....දැන් බලමුකෝ ගජමිතුරු දේශපාලනයද දිනන්නේ කියල. (නදී)
පුදුමය අනෙක් දෙදෙනා ගැන බොහෝ දෙනෙකුට මෙතෙක් අමතකවීමයි (නි)
කොහොම වුණත් මේ ආණ්ඩුව පුද්ගලයින් මැනවින් හඳුනාගෙන තිබෙනවා. (නි)
අපි ඉවසීමෙන් බලාසිටිමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
සරත් ෆොන්සේකා මහතාට අන් කිසිවෙක් සම කළ නොහැකියි. (නදී)
සීතල කාමර වල නොසිට යුධ බිමේ සිට යුද්ධය මෙහෙයවූ සැබෑ විරුවාට සුදුසු තනතුර ලැබී ඇත. ඔබට තෙරුවන් සරණයි මැතිඳුනි. (නදී)
සරත් ෆොන්සේකා මහතා සෙබළුන් 100,000 කට වැඩි යුධ හමුදාවක නායකයෙක්. නාවික හා ගුවන් හමුදාවේ නායකයන්ගේ කැපවීම අගය කරන අතරම දේශපාලනය අතහැර ඒවායේ ඇති නෞකා, ගුවන් යානා, පිරිස් බලය අනුව මෙවැනි තනතුරක් අනෙක් දෙදෙනාට දිය හැකිද? (නදී)
ඇමති තනතුරකට සමාන තනතුරක් ලැබීමට ඊට සමාන දේශපාලන ජය තිබිය යුතුයි. යුධ ජයග්‍රහණයේ අනෙක් සහයකයන්ට ගෞරවය ලැබිය යුතුයි.(නදී)
ගෝඨාබය හමුදාවෙන් ඉවත්වන්න තිබුන හේතුව මොකක්ද ? (නදී)
යුද්දයට සක්‍රියව දායක වී නායකත්වය දුන් අනික් දෙදෙනාටත් ඒ හා සමානව උසස් වීම් ලබා දීම වරදක් නැහැ (නදී)
ගෝටාභය රාජපක්ෂ යුධ හමුධා සේවයෙන් අස්වී ඇමරිකාවට ගියේ. අස් උනාට පසු යුධ හමුධාවේ රෑන්ක්, සාමාන්‍ය කෙනෙකුට ලැබෙන්නේ කෙසේද? (නදී)
පාවෙන අවි නැව ගැන කරන්නාගොඩ මහතාගේ නමත් ගෑවිලා තියෙනවා නේද ? (නදී)
මිල්කෝ ආයතනයට අයත් නාරාහේන්පිට ප්‍රදේශයේ කෝටි 2560 ක් වටිනා ඉඩමක් පෞද්ගලික සමාගමකට රුපියල් කෝටි 96 කට අලෙවි කිරීමට පසුගිය රජය ගත් තීරණය අවලංගු කළ බව පවසයි. නාගරික සංවර්දන ආයතනයට සම්බන්ද මෙවැනි අයටද මාෂල් තනතුරු දෙන්න කියන්නේ? (නදී)
අනුරුද්ධ රත්වත්තේ දේශපාලනමය වශයෙන් බලවත් නිසා නොයෙකුත් වරප්‍රසාද ලැබුනා. එතුමා යාපනය අල්ල ගැනීමට යුධ වැදීම මට ප්‍රවෘතියකි (නදී)
මේ විග්‍රහය කියවන ඕනෑම කෙනෙකුට හිතෙනවා ඒ දෙපලගේ ඉල්ලීම සාධාරණ බව. මේ සිවුදෙනාම එක හා සමානව කැපවීමෙන් වැඩකළ නිසා තමයි යුද්දය ඉවර උනේ. අපි බලා ඉමු යහ පාලනයේ සැලකිලි ගැත්තන්ට පමණද කියා? සුදුස්සාට සුදුසු තැන ලැබේවිද කියලා? ගමේ ගොඩේ කතාවක් තියනවනේ "නොදන්නා කර්මාන්තෙට ගිහින් වරිගේ නහගන්නවා වගේ " කියල. 2010 දී ෆොන්සේකා මහතාට උනෙත් එ්කමද මන්දා? මොකද ඔයාලට හිතෙන්නේ ඒ ගැන? (නදී)
හිටපු ආරක්ෂක ලේකම් තුමා නොහිටින්න දිනු යුද්දයක් නොමැත. මහින්දට ජන ප්‍රසාදය හෝ අනෙක් අයට තනතුරුත් නොමැත. ඔහු කිරි කලයක් දොවා ගොම බිදුවක් දමා ගත් පුදගල්යෙකි. ඔහු සැමදා සිහලුන්ගේ හදවතේ ජිවත් වනවා ඇත (නදී)
"ෆිඑල්ඩ් මාර්ෂල් " තනතුර හිමිවිය යුත්තේ නියම යුධ සෙබලෙකුටය.(නදී)
නියම ලිපියක්. එ්ත් එක දෙයක් මග හැරිලා. දේශපාලන නායකත්වය. 2009 තිබුණු දේශපාලන නායකත්වය, එදා "ඔපරේෂන් ලිබරේෂන්" එකටත් තිබුනා නම් මේ යුද්දය ඒ කළෙම ඉවරයි. ඔය තනතුරු, දේශපාලන මොනවා නැතත් අපේ හදවත් තුල ඉන්න, සදා නොමැරෙන යුධ විරුවා නම්, බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව යන්නයි මගේ හැගීම මා අසා ඇති පරිදි එතුමා නියම මානුෂීය ගුණාංග වලින් පිරුණු, ඇති දක්ෂ සෙනෙවියෙකි. එවැන්නකු අහිමිවීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම සිදුවූ, පිරිමැසිය නොහැකි පාඩුවක් බව, මෑත කාලයේ සිදුවූ සියලු සිදුවීම් වලින් අපට පැහැදිලි වී ඇත.(නදී)
ජෙනරාල් ෆොන්සේකා පමණි මෙතනින් සුදුසු වන්නේ. මන්ද මේ තනතුර දෙන කෙනාගේ සිරුරින් කොටසක් යුද්දය නිසා අහිමිවී තිබීම මූලික කොන්දේසි වලින් එකක් නිසා. ඒවා නොදැන නිකම් ඉබාගාතේ කියවල අර මනුස්සයට හානිකරලා සතුටුවෙන්න එපා. අනෙක් අය හොද යුද විරුවෝ බව අපි කාටවත් මෙතැනදී අමතක වෙන්නේ නැහැ.(නදී)
සුදුසු තව එක්කෙනෙක් ඉන්නවා. අර කැලණියේ පැත්තේ.(නදී)
රොෂාන් ගුණතිලක සහ වසන්ත කරන්නාගොඩ මහත්වරුන්ටද එය එලෙසම ලැබිය යුතුමය. ඔවුන්ගේ සහය නැතිව පාබල හමුදාවන්ට කිසිදා ඔය සටන තනිවම ජයගනු බැරිය. (නදී)
යමක් වේ නම් එය සුදුස්සාටම අයිති විය යුතුයි (නදී)
මේ ලිපිය හරියට කියෙව්වොත් තනතුරු කෑදරකම කාටද ඇත්තේ කියා වැටහේවි (නදී)
ෆීල්ඩ් මාර්ෂල් නමැති ගරු නාමයෙන් පිදුම් ලැබිය යුත්තේ යුධ පෙරමුණේ දැක්වූ එඩිතර දක්ෂ, සටන්කාමි සෙබලෙකුටය (නදී)
අනුරුද්ධ රත්වත්තේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති මිස යුධ පෙරමුණේ සටන් කළ සෙබලෙකු නොවේ.(නදී)
කොටි නැටුම් පටන්ගත් දා සිට අවසානය දක්වා වෙනසකින් තොරව ත්‍රිවිද හමුදාවේම දායකත්වය දුන් අයයි එම භාරදුර කටයුත්ත, රණවිරුවාගේ යුතුකම, නොපිරිහෙලා ඉටුකල බව දන්නේ. ඊට සහබාගී වූ, ඔවුන් මෙහෙයවූ , රණවිරුවන් හා ගෙවල් දොරවල්වල සියලු ප්‍රශ්ණ විඳ දරා ගනිමින් විරුවන් දිරිමත් කල නෑ සියයන් වන අතර මෙහි සමහර තැන්වල තප්පුලනා පුද්ගලින් නොවේ. යුදබිමේදී සුනු විසුනුවන කොටස් එකතු කලද මුහුදේදී ඊට වග කියන්නේ මාළුන් විසින් වන අතරම පුපුරා බිම හෙලන ලද යානාවල ගගන ජීවිත ...අළු හෝ දුම් රොටු වශයෙන් වාතලයට මුසුවිය. එසේනම් ත්‍රිවිධ හමුදාවේම උත්තරීතර සේවය එක පාර්ශවයකට පමණක්...අධි තක්සේරුවක් කල හැකිද දයාබර රට වැසියනි.? (නදී)
ලාල් පැරිස්ට පිස්සුද ? (නදී)
ෆීල්ඩ් මාර්ෂල් පදවිය හුදෙක් යුද ජයග්‍රහනය උදෙසා මිස දේශපාලන කඩේ යාම් වලට හිමි නොවුන තනතුරක් නම් ගුවන් හා නාවුක හමුදාපතිවරුන්ටද අනිවාර්යෙන්ම මෙය හිමිවිය යුතුයි. (නදී)
ෆොන්සේකා ඡන්ද පොරොන්දුවක් විදිහට ඕක ඉල්ලා ගත්තේ. ඒ ගැන ඕන හැටිය ලිපි පළවුනා. මනුස්සයට මාන්නය වැදගත්. සමහර මිනිස්සු කොහොමත් එහෙමයි. නාවික හා ගුවන් හමුදා නැත්තම් යුද්දේ අදත් තියෙනවා. යුද අපරාද චෝදනා වලත් ගොඩක් තියෙන්නේ ඉස්පිරිතාල වලට එහෙම උඩින් බෝම්බ දාපුවා ගැනයි. ෆොන්සේකා ගේ මාන්නය පැත්තක තියලා, එක්කෝ ඔක්කොම වීරයින්ට ගරු කරන්ඩ ඕනේ, නැත්තම් යුද්දේ තවත් වවාගන කන්නේ නැතුව අමතක කරලා දාන්න ඕනේ. (නදී)
එ්ත් මේ දෙන්න හිර බත් ඉල්ලුවේ නැහැනේ ? (නදී)
තිදෙනාටම එය ලැබිය යුතුයි (බ)
එතුමා හිරගෙදරට යැවීමට හවුල් උන දුෂ්ටයෝ අද මේ තනතුර දෙනවටත් කැමති නැහැ. (නදී)
සරත් ෆොන්සේකා මහතාට මෙම තනතුර දීම සැබෑවටම උතුම් කාර්යක් ඒ වගේම අනෙක් හමුදාපතිවරුද අැගයීමකට ලක්වෙනවා නම් එයද වඩාත් සුදුසු කටයුත්තක්. (නදී)