(සිරාජ් හසීම්)
දේශීය හා විදේශීය විනිසුරුවරුන්ගෙන් යුත් මිශ්‍ර අධිකරණයක් පිහිටුවීමට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිදු බාධාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.
යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවරුන් ඇතුළත් මිශ්‍ර අධිකරණයක් පිහිටුවිය යුතුයැයි යන ස්ථාවරයෙන් බැහැර නොවන බව ද ඒ මහතා කියයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ සදහා ඉඩක් නොමැති නම් ව්‍යවස්ථා සංශෝධනය තුළින් හෝ ඊට ඉඩකඩ සකස් කළ යුතු බවත් ඒ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවන් සම්බන්ධ කරනොගන්නා බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එසේ විදේශීය විනිසුරුවරුන් සම්බන්ධ කරගත නොහැකි බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර තිබුණි.
රජයේ මෙම ස්ථාවරය කිසිදු අයුරකින් පිළිගත නොහැකි බව සුමන්තිරන් මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය නැතුව ඉන්න අනේ ටිකක්, ගිවිසුමට අනුව මිශ්‍ර අධිකරණ, ස්වයන් පාලන ඔක්කොම මග එනවා. දැනටම බොරු නඩු පටලවල හමුදාවේ සැහෙන ගානක් ඇතුලට දැම්මනේ අප්පා.
ඇයි, ලංකාවේ ඔය වැඩේට හරි යන අය නැද්ද?
ව්‍යවස්ථා සංශෝධනයකින් විදේශීය විනිසුරුවරුන් අනවශ්‍යයි. ව්‍යවස්ථා සංශෝධනයකින් සිංහල විතරක් රජය භාෂාව කරලා දෙන්න. ඔය ඔක්කොම කරදර නැතිවෙයි.
කෝ මේ සංහිදියා කාරයෝ ...
මොකද බාදාවක් නැත්තේ ? රටේ ඉන්න වැඩි හරියක් කට ඕනේ නැත්නම් !