ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ශනය දෙස් විදෙස් විනිසුරුවරුන්ගෙන් යුත් මිශ්‍ර අධිකරණයක් හරහා කළ යුතු යැයි මෙරට සංහිදියාව සදහා වූ කාර්යංශය විසින් නිර්දේශ කිරීම අගය කරන බවත් මෙම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමේ හැකියාවක් ලක් රජයට නොමැති බවත් දෙමළ ජාතික සන්ධානය කියයි.
මෙම වාර්තාව සහ එහි නිර්දේශ පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා මෙම අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන කාර්යාංශයේ සැවොම කොටි හිතවතුන් .අපේ වීරෝදාර රණවිරුවන්ට දඩුවම් කර ඊලාම් රාජ්‍යයකට පාර කපා ගන්නද සුදානම.මතක තබා ගන්න දෙමල ජනතාවගෙන් සියයට පනහක් විතර ඉන්නේ සිංහල අපි අතර. ඒ මිනිසුන්ගේ අනාගතය ගැන සිතන්න. එසේ බැරිනම් ඔවුන්වත් ඔබලා සිහින මවන උතුරු දෙස ඊලමට බාර ගන්න සුදානම් වෙන්න. (බ)
මිශ්‍ර අධිකරණ ඉල්ලන අයගේ හුස්ම වාතයට මිශ්‍ර කර ගන්න තමයි වළිකන්නෙ (බ)
අපෙන් මොකුත් අහගන්න තමයි ඔය දඟලන්නේ.....! (නි)
එතකොට කොටි බෝම්බ වලින් අහිංසක මිනිස්සු මැරෙද්දි ඒවා මානව හිමිකම් කඩකිරීම් වලට අයිති නැද්ද? (නි)
ඔය කියන අධිකරණයක් අපේ රටට අවශ්‍ය නැහැනේ. ලංකාව බැඳිලා නැහැ එක එක්කෙනාගේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න.මම දන්නේ නැහැ ඔයාලත් සමඟ ආණ්ඩුව මොන ගිවිසුම් ගසා තිබේද කියන්න? (නි)
ගරු මන්ත්‍රීතුමාගේ දැනඋගත්කම් ප්‍රයෝජනයට ගනිමින් සියලුම ශ්‍රී ලාංකිකයන්ට සහෝදරත්වයෙන් ජිවත්වීමට සුදුසු රටක් නිර්මාණය කර ගැනීමට උත්සාහ කරන්නේ නම් වඩා හොඳ නැද්ද? එදාවේල කන්න නැතුව පීඩිත පන්තියක් රටේ දුක්විඳිනකොට ඔබතුමන්ලාගේ වටිනා කාලය, ශ්‍රමය වැයකරන්නේ කුමක් සඳහාද? අද දෙමළ ජනතාවට ඇති ප්‍රශ්නය මිශ්‍ර අධිකරණ ගැන විය නොහැකිය. (නි)
නිමල් ලාලිත, මෝඩ කතා කියන්න එපා. උතුරු දෙස ඊළමට බාරගන්න සූදානම් වෙන්න කියන්නේ අපිම ඊළම දෙනවා කියන එකයි. අපි කියන්න ඕනෑ මේ රට සිංහල රටක්. කැමති නැති අය ඉන්නවා නම් මෙරටින් යන්න පුලුවන් (නි)
මේවා ඇමරිකන් ගැති අයගෙන් මුල ඉඳලාම සිදුවුණ වැරදි. (නි)
සන්හිදියවනේ කියලා බන්දේසියක තියලා දේවිද.? (ර)
ඇත්තටම අපේ අධිකරණය ස්වාධීනද? (නි)
ත්‍රස්තවාදී මිනිමරුවො සිංහල ගම්මාන වලට පැනලා අහිංසකයින් කපාකොටා මරා දානකොට මොවුන් කොහෙද හිටියෙ. එදා මේ එක්කෙනෙක් පැමිණිළි කළාද මානුෂික අයිතිවාසිකම් ගැන. මොවුන්ගෙ මේ රැවටිලි කතා වලට අහුවුණොත් රට ඉවරයි (නි)
බන්දුල, මම මෝඩ කතා කියන්නේ නැහැ. හොඳ සිහියෙන් රට වටේ ගොස් බලන්න. දැන් දෙමළ රාජ්‍යයකට පාර කපනවා. අපේ සිංහලයෝ දේශපාලනය බදාගෙන එකිනෙකා මරාගන්නවා. (නි)
හොඳම දේ අධිකරණය විතරක් නොවෙයි ඔක්කොම මිශ්‍රකරලා දාලා රට විනාශ කරමු. කොටින්ට ඉන්න දුන්නා නම් මෙලහකට ඔය අධිකරණය ගෙනෙන්න නුඹලා ජීවතුන් අතර නැහැ. (නි)
විදේශිය අතගැසීම් වලට අපි ඉඩතියන්නේ නැහැ (නි)
මේ රටේ මිනිස්සු මේකට විරුද්ධ වෙන්නේ හමුදාව යුද අපරාධ කරපු නිසා නෙමෙයි. උන් ඔප්පු කරන්න බැරි බොරු සාක්ෂි දාල, හමුදාවෙන් සහ බටහිර නායකයන්ට කොන්ද නවන්නේ නැතිව පිරබාහරන්ව කම්මුතු කරපු එකේ පලිය ගන්න හදන නිසයි. (බ)