මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට වැසි නොලැබීමෙන් විදුලි බලාගාර පහකට ජලය සපයන කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සියයට 40 දක්වා පහළ බැස ඇතැයි විදුලි බල මණ්ඩලය කියයි.
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි හතලිහ දක්වා පහත බැස තිබේ. මේ නිසා එම ජලාශය ඉදිකිරීමේදී ඊට යටවූ මස්කෙළිය පැරණි නගරයේ තිබූ පන්සලක, හින්දු කෝවිලක සහ ඉස්ලාම් පල්ලියක මෙන්ම ගල් පාලමක නටබුන්ද යළි මතුවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
මෙම නටබුන් දෙස බැලූ විට පැහැදිලි වන්නේ ආගමික ස්ථාන තුනම එකම ස්ථානයට පිහිටා ඇති බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මොනවද කියලා මේ වෙන්නේ? (නි)
දැන් රට පුරාම නියගය.(හේ)
ලෝකයේ විවිධ ශිෂ්ඨාචාරයන් අධ්‍යනයේදී, පෙනීයන කරුණක් නම්, මානව වර්ගයට උචිත සහ ආරක්ෂා සහිත ප්‍රදේශයන් තෝරා ගැනීම. ඉන් පසු විවිධ උප සංස්කෘතීන් එම ශිෂ්ඨාචාර තුල බිහි වේ, එයට තවත් එක් උදාහරණයක් මාවුස්සාකැලේ නටඹුන්...(හේ)
නටබුන් නම් ලස්සනයි, එත් ඉතින් ඒවා දකිද්දි මතක් වෙන්නේ ඉස්සරහට එන නියගය ගැන. ඇත්තටම මේ පරිසරය වතුරෙන් පෝෂණය වෙලා ගහ කොළ කඳු වළලු සිසාරා මිදුම් සළු වලින් වැහෙන්න තිබ්බනම් කොයි තරම් පුරුද? (අ)
දේවෝ වස්සතු කාලේන- ශස්ස්ය සම්පත්ති හේතුච පීතො භවතු ලෝකච- රාජා භවතු ධම්මිකෝ. (අ)
එයින් පැහැදිලි වෙන්නේ අතීතයේ මේවා පුජණිය ස්ථාන .ජලාශ ඉදි කරලා තිබෙන්නේ ඒවා සියල්ල යටකරලා (හේ)
යටකරල තියෙන්නේ හෙළ ඉතිහාසයක්. මේ වටිනා කමත් හදුනා ගන්න වෙනවා.(හේ)
අපේ රටේ වන සම්පත රැකගත්තා නම් අද මේ තරම් තද බල ව්‍යසන වලට ගොදුරු වෙන්නේ නෑ.ඇත මුතුන් මිත්තන් කලේ ස්වභාවික සම්පත් ආරක්ෂා කරගෙන වැව අමුණු තනා ඒවායින් රට ස්වයං පෝෂිත කිරීමයි. නමුත් දැන් සිදුවෙන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ දේවල් .ඉතින් එහෙම දේවල් සිදුවෙන කොට දරුණු නියගයන්ට මුහුණ පාන්න සිදුවෙන එක පුදුමයක් නෙවේ .නමුත් බොහෝ පිරිස් එක තේරුම් නොගන්න එකයි පුදුමයට කාරණය.(හේ)