IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මොවසලාට් ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය කොමිෂමේ ශාඛාවක්

Medical

මොවසාලට් කර්වා හි වෛද්‍ය කොමිසම් ඒකකය පසුගියදා ප්‍රවාහන සහ සංනිවේදන අමාත්‍ය ජාසිම් බින් සායිෆ් අල් සුලායිති සහ පරිපාලන සංවර්ධන, කම්කරු සහ සමාජ කටයුතු අමාත්‍ය ආචාර්ය ඉසා බින් සාද් අල් ජෆායිල් අල් නුආයිමි විසින් විවෘත කළ අයුරු. මෙම අවස්ථාවට මොවසලාට් ප්‍රවාහන සමාගමේ සභාපති නාසර් මොහොමඞ් අල් මල්කි, මොවසලාට් කළමනාකාර අධ්‍යක්ෂ කාලීඞ් අල් හායිල් ඇතුළු ඉහළ නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක්ම සහභාගි විය.

 

මොවසලාට් සේවකයන්ට අනිවාර්ය වෛද්‍ය පරීක්ෂා පහසුකම් ලබාදීම සඳහා වෛද්‍ය කොමිසමේ ශාඛාවක් කර්මාන්ත පුරවරය අසළ මොවසලාට් ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා විවෘත විය. කටාර් රියාල් මිලියන 15 ක් වැය කොට ඉදිකර ඇති මෙම ඒකකය තුළ දිනකට පුද්ගලයන් 200 කට සේවා සැළසිය හැකිය.


එය ඉදිරියේදී දිනකට පුද්ගලයන් 450 කට සේවා සැපයිය හැකි ආකාරයෙන් වැඩි දියුණු කිරීමට නියමිත අතර නව ඒකකය පසුව අනෙක් පිරිස් වෙතද විවෘත කිරීමට නියමිතය.


මොවසාලට් කර්වා හි වෛද්‍ය කොමිසම් ඒකකය පසුගියදා ප්‍රවාහන සහ සංනිවේදන අමාත්‍ය ජාසිම් බින් සායිෆ් අල් සුලායිති සහ පරිපාලන සංවර්ධන, කම්කරු සහ සමාජ කටයුතු අමාත්‍ය ආචාර්ය ඉසා බින් සාද් අල් ජෆායිල් අල් නුආයිමි විසින් විවෘත කළේය.


මෙම අවස්ථාවට මොවසලාට් ප්‍රවාහන සමාගමේ සභාපති නාසර් මොහොමඞ් අල් මල්කි, මොවසලාට් කළමනාකාර අධ්‍යක්ෂ කාලීඞ් අල් හායිල් ඇතුළු ඉහළ නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක්ම සහභාගි විය.


“වෛද්‍ය කොමිසමේ නව ඒකකයක් ස්ථාපති කිරීමේ ප්‍රධානම අරමුණ තමයි සේවකයන්ට උසස් තත්ත්වයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ ජාතික න්‍යාය පත්‍රයේ රාමුව තුළින්ම අදාළ අවශ්‍යතාවය සපුරාලීම” යැයි මෙම අවස්ථාවේ පැමිණි සිටි පිරිස අමතමින් අල් සුලායිති මහතා පැවැසීය.


මොවසලාට් වෛද්‍ය කොමිසම් ඒකකය තුළ ලියාපදිංචි අංශයක්, සර්වාංග රෝග සායනයක්, උගුරු, කණ සහ නාසිය පිළිබඳ සායනයක්, දන්ත වෛද්‍ය සායනයක්, රසායනාගාර අංශයක්, විකිරණ විද්‍යා අංශයක් සහ සේවාස්ථ සෞඛ්‍ය සායනයක්, පුර්ව සේවායෝජක වෛද්‍ය පරීක්ෂණ කිරීමේ මධ්‍යස්ථානයක් සහ වාර්ෂික වෛද්‍ය පරික්ෂණ සිදුකිරීමේ අංශයක්ද ස්ථාපිත කර ඇත.



අදහස් (0)

මොවසලාට් ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය කොමිෂමේ ශාඛාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site