සිව් වැනි ඊලාම් යුද්ධයට මුලපිරුණු මාවිල්ආරු අමුණ අද සිඳි ගොසිනි.යුද්ධය හමාර වී පස් වසරක් සම්පුර්ණ වීමත් සමඟ මතු වී තිබු මේ ජල අර්බුදයට විසදුම් පතා සේරුවිල ඒකාබද්ධ ගොවි සංවිධානය මාවිල්ආරු සොරොව්ව අසල ආගමික වතාවත් පැවැත්වීය.
මාවිල්ආරු අමුණ කොටියන්ගෙන් බේරා ගත්තත් හරි හැටි නඩත්තු නොවෙතියි ගොවියෝ කියති.මහවැලි ගඟේ කන්දකාඩුවේ ස්ථිර අමුණක් නැති නිසා මාවිල්ආරු ජලාශයේ කැඩී බිඳි ගිය තැන්වලින් ජලය මුහුදට ගලා යතියි ඔවුහු කියති.
මාවිල්ආරු අමුණෙන් අක්කර විසිදහසක් පමණ වගා කෙරේ.සේරුවිල ප්‍රාදේශිය ලේකම් කේ ආර් ජයරත්න මහතා පවසනුයේ මාවිල්ආරුව වැවක් නොවන බවයි.ගඟෙන් එන වතුර කෙලින්ම ගොවිතැනට නිකුත් කරන බවත් මාවිල් ආරු අමුණ වැවක තත්ත්වයට වැඩි දියුණු කිරීමේ සැළසුම් ඇති බවත් ඒ මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභාකරන් ලබන ආත්මේ ඇරලා තියෙන ටැප් එකක්වත් වහන්නේ නැහැ මාවිආරු වේල්ලේ සිද්ධියේ උණු දේට (දී)
ප්ලාස්ටික් පුටු හදන කට්ටියට හොඳ වෙළඳ දැන්වීමක් මෙතන තියෙනවා. (ස)
මේ වෙන දේවල්වල හැටියට යුද්ධය අවසන්වෙලා රටට උදාවෙලා තියෙන්නේ "සාමයද" කියලා සැකයක් මතු වෙනවා. යුද්ධයට ආරම්භය උනේ මේ වතුර නැති මඩවල වෙනුවෙන්ද ? යුද්ධයෙන් පසු උදාවූ සාමය අපි සමරන්නේ යුද්ධය තිබු ප්‍රදේශ වල කැලෑ වනසමින්, වනසතුන් මරමින්, පුරාවස්තු විනාශකරමින් නිධන් හාරමින් නම් ඒකට සාමය හැර වෙන වචනයක් හොයාගන්න වෙනවා. මම සිංහල බෞද්ධයෙක් උනාට කිසිදිනක යුද්ධය අවසන් උනා කියනවා මිසක් "දිනුවා" කියන්නේ නැහැ. හේතුව "යුද්ධයකින්" කව්රුවත් දිනන්නේ නැහැ කියලා කියමනක් ( නෝබොඩි වින්ස් අ වෝ ) තියනවා ඒක සත්‍යයක්. (නදී)
අනේ හැබැටම මෙහෙමත් නිලධාරීන්,....හැම දෙයම විනාස වෙන්න ඇරල කිසිම ගානක් නැතිව ඉන්න පුළුවන්නේ, රටට ජාතියට හෙනගැහුවත් කිසි ගනනක් නැත, සැලසුම් තියාගෙන බුදි, අනේ රටට යන කල,....(ස)
මාවිල්ආරු රටට ගොවි ජනතාවට බත බුලත සැපයීමට අගනා දියවර සැපයු තෝතැන්නක් වුවා පමණක් නොව 2006 ජුලි 20 දින පළවන ඊලාම් යුද්ධයට මුලපිරී උණුසුම් පුවත් ලොවට එළිකළ තෝතැන්නක් ද වූ ඓතිහාසික මාවිල්ආරුව පත්වී ඇති ඉරණම ඛෙද ජනකය. (ස)
මෙම පුවත සහ ඡායාරූප වගකිවයුත්තන්ගේ නෙත ගැටේවා! (නි)
සේරුවිල ,මාවිල්ආරු , අමුණක් නැතිකමින් අක්කර 20,000 ක් ගොවිතැනක් කරගන්න බැරුව වියලි කලාපයේ ගොවීන් අසරණ තත්වයෙන් සිටියදී 7 වෙනි ඡායාරූපයේ සිටින නිලධාරීන්ගේ සශ්‍රීකත්වය කොහොමද ? කියලා වැඩක් නැහැ...(ස)
අනී අර කෙට්ටු නෝනා කවුද ? (ස)
ප්‍රභාකරන් හෙම මේක දන්නවා නම් බඩ අල්ලාගෙන හිනාවෙයි! (ස)
ජීවිත පුජාකර එදා මාවිල්ආරුව නිදහස් කරගත්තේ මෙවන් ඉරණමක් අත්වෙන්නද? (නි)
මේ ප්‍රාදේශිය ලේකම් කිසිම දෙයක් කරන්නේ නෑ. මෙහෙ ඉන්න ආර්.පී.එම් තමා මේ සේරම කරේ. මේ ප්‍රාදේශිය ලේකම් ආර්.පී.එම් ට ඉන්න නිල නිවාසයක් වත් දෙන්නේ නෑ. ආර්.පී.එම්ට අයිති නිල නිවාසය මේ ප්‍රාදේශිය ලේකම් එයාගේ පාටි දාන්න තියාගෙන ඉන්නවා. දැන් එ්කේ ඉන්නේ වවූලෝ (නදී)
මම කලින් කියපු මේ සේරම කරේ කියල මම අදහස් කරේ මේ උත්සවය සංවිදානය කරේ මෙහෙ ඉන්න ආර්.පී.එම් එයා තමා මෙහෙ ඉන්න ගොවියෝ ටික එක්ක මේක කරන්න මහන්සි උනේ. මේ ආර්.පී.එම් මෙහෙ සැහෙන වැඩ ගොඩක් කරනවා එ්ක මෙහෙ ඉන්න ගොවියන් දන්නවා (නදී)