(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2017 විභාගය සඳහා අයදුම්කර තිබෙන අපේක්ෂකයින්ගේ අයදුම්පත්‍ර මේ වනවිට තැපැල්කර යවා තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසීය.
පාසල් අයදුම්කරුවන් 237943ක් ද පෞද්ගලික අයදුම්කරුවන් 77284 ක් ද වශයෙන් මුළු අයදුම්කරුවන් 315227 කට අයදුම්පත් යවා ඇතැයි ඔහු කීය.
විභාග ප්‍රවේශපත් ලද වහාම විදුහල්පතිවරුන් විසින් සිසුන්ට එම ප්‍රවේශපත් ලබාදිය යුතු අතර ඒවායේ සංශෝධන වෙතොත් මේ මස 20 වැනිදාට පෙර ඒවා විභාග දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ 3 අරගන යන්තම් විශ්ව විද්‍යාලයට යන්න බැරි වෙන අයට දොස්තර කෙනෙක් වෙනද බැරි වෙයි නේද, අර GMOA අයට කරදර වෙයි නේද ඒ අයගෙන්.
මේ දෙයින් තහවුරු වෙනවා අද උසස් අද්යපනයට ඇති ඉල්ලුම. මෙය සපුරාලීමට නම්, මහජන බදු මුදලින් නඩත්තු වන විශ්ව විද්‍යාල වලට සමාන්තරව, සියලු පීඨ වලින් සමන්විත තව පුද්ගලික විශ්ව විද්‍යාල 10-15 පමණ රටේ ඇති කල යුතුයි. මෙවැනි අවස්ථාවලදී, අතලොස්සක් නගන ගෝෂාව සැලකිල්ලට ගතයුතු නැත. රටේ සිසුන් බහුතරයකගේ යහපත සඳහා වැඩි වැඩියෙන් අධ්‍යාපන ආයතන විවෘත කල යුතුයි.