‘එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ යහ පාලනය ගැන ප්‍රශ්න තියෙනවා.නමුත් යහ පාලනයේ තැල්ල බදින්න නම් මව්බිම කියන බෙල්ල බේරගන්න වෙනවා.පොදු විපක්ෂයක් එක්ක එකතුවෙලා රටට විනාශයක් වුණොත් එහි කොටස් කාරයෙක් වෙන්න මට බැහැ .ඒනිසා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට මා තීරණය කළා ‘යැයි ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදයගම්මන්පිල මහතා කියයි.
පොදු විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල මහත්තයා සමඟ එක්වී සිටින අය ගැන සැක සංකා තියෙනවා. යැයිද මන්ත්‍රීවරයා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ, මට නම් හැඟෙන විදිහට ඔබතුමාට මොකක්හරි ප්‍රශ්නයක් තියනවා (නි)
මහත්තයෝ, අපි නම් දුප්පත් (නි)
ඔය එන්නේ.ඔහොම යමු (නි)
ඔබ තුමා හොද දේශපාලකයෙක් කියලයි හිතුවේ, එ්ත් ඉතින් නය ගෙවා ගන්නත් ඕනේ නේද ,මිලියන ගානක් නේ (නදී)
තමන්ගේ බෙල්ල බේරගන්න ආවා කිවුවොත් තමා වඩා නිවැරදි (නි)
ලංකාව චීනයේ යටත් විජිතයක් වෙලා ඉවරයි. එහෙව් රටක තවත් බෙල්ලක් ඉතිරි වෙලත් නැහැ ඉතිරි කරලත් නැහැ. (නදී)
ඒක ඇත්ත. මේ ආණ්ඩුවේ කල්ක්‍රියාව ගෙන අපිටත් ලොකු සතුටක් නැහැ (නි)
පොදු අපේක්ෂකතුමාත් ඒවිද දන්නේ නැහැ. (නි)
චම්පික මහත්මයා, ඔබගේ නික්මයාම ගැන කළ ප්‍රකාශය ගැන එකඟ වෙනවා.එය තමයි මහත්මා දේශපාලනය කියන්නේ. (නි)
තමන්ගේ හිතට හරි නැත්තම් හෘදය සාක්ෂියට එකගව තමාගේ අවංක මතය වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. මෙතුමා ගත්ත තීරණේ ඒ වගේ එකක්. කමක් නැහැ. අපි සුභ පතමු. මේ මිනිස්සු හොරු නෙවෙයි. සල්ලිවලට යන අය නෙවෙයි. මේ මිනිස්සු රටට ඕන අය. (නදී)
ඔබ හරි මහත්මයා, ප්‍රශ්න තිබෙනවා ඉතාම දරුණු විදියට. නමුත් අනෙක් පිලේ එකතු වී සිටින කොටස් වල අරමුණ සුජාත නැහැ. (නි)
මේක නිකන් වේදිකා නාට්‍යයක් වගේ (නි)
පහුවෙලා හරි රට ගැන හිතලා ගත්ත නිවැරදි තීන්දුවක් (නදී)
මේවා බෙල්ල ගහලා යන වැඩ ........! (නි)
බලමුකෝ වෙන දේ (නි)
මෝඩයෝ වගේ මෙතන කෑගහන්නේ නැතුව මේ කියන කතාව හොඳට අහන්න... (නි)
දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ කිවුවලු. (නි)
ගම්මන්පිල මැතිතුමනි. ඔබතුමා දුර දක්නා නුවණක් ඇති රටට ආදරේ බුද්ධිමත් ගෞරවනීය මහත්මයෙකු බව අප දන්නවා. ඔබතුමාගේ ආගමනය අතිගරු ජනාධිපතිතුමාට මහත් ශක්තියක් වනු ඇත. ජයවේවා. (නදී)
ඔබ හරි, පසුවට ඔය පක්‍ෂ අතර ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. (නදී)
ඉතාමත් නිවැරදි තීරණයක්. (නදී)
ඔයා ඉස්කෝලේ යන කලෙත් අපිත් එක්ක එකට ඉඳල වාසිය දැක්ක ගමන් බොරුවක් ගොතාගෙන එ් පැත්තට රිංගුව එකානේ. (නදී)
මේවා මාර විහිළු. කමක් නෑ අපි ඡන්දෙ දීලා රට බේරගන්නම්. (නදී)
මෙතන ඉන්න සමහරු දැක්කහම නම් අපිට අනේ අපොයි කියලා හිතෙනවා (නි)
හෙළ උරැමය ගැන අපිට අභිමානයක් තියනවා. (අ)
මෙතුමා ගිය පාසල පටන් ගත්ත වර්ෂයේ එම පාසලට ඇතුල් වෙච්ච සිසුවෙක් මම.මෙයා මනාප අරගෙන මන්ත්‍රී කෙනෙක් වුනේ අපේ ඉස්කෝලේ දෙමව්පියන්ගේ සහ අපේ ඡන්ද නිසා.ලබන වර නම් එවැනි දේවල් බලාපොරොත්තු වෙන්න එපා.බොහොම කනගාටුයි. (අ)
මෙතුමා මෙහෙම කතා කළේ කොහොමද දන්නේ නැහැ (නි)
දේශප්‍රේමය කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කරන්න (නි)
ඔහොම යනකොට සිරිසේන මහත්තයත් ආපහු එනවා. (නදී)
අයියෝ මෙතුමා ගිය පාසලේ විදුහල්පතිතුමා ජීවත්ව හිටියා නම්, එතුමාට මොනවා හිතෙයි ද මේ කරපු වැඩේට ? (අ)
ඔයගොල්ලෝ කියනවා, අපි අහනවා. ඔය අය කියන හැමදෙයක්ම පිළිගත්තු කාලයක් තිබ්බා. (නදී)
ඉතාම හොඳ තීරණයක්. (නි)
ඔබ මහත්මා ගති ඇති ප්‍රතිපත්තිගරුක නායකයෙක් බව රටම පිළිගන්න කරුණක්. ඒ නිසා ඔබගේ පැමිණීම ලොකු වාසියක්. (නි)
ඔබ ප්‍රතිපතිගරුක කෙනෙක්. ඔබ වගේ දේශපාලකයන් තමා ලංකාවට ඕනෑ. ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න මේ අවස්ථාව නොවේ. (නි)
සත්‍ය සඟවන්න බැහැ. මමත් මෛත්‍රීපාල මැතිතුමා එක්ක කතාකරලා තියෙනවා (නි)
ඉන්න පැත්ත නෙමෙයි වටින්නේ, ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලයි ජනතාවට වටින්නේ. ඔබට සුභ පැතමි! (නි)
පොදු අපේක්ෂකයා ළඟ ඉන්න වෙන කෙනෙක් හින්දා තමයි මෛත්‍රිපාල මහත්තයා පැරදුනොත් පරදින්නේ. එයා මේ ගේමට හරියන්නේ නැහැ. (නි)
එතකොට වෙන මොනවත් ලැබුනෙම නැද්ද? (නි)
හිරුණිකාගේ ආගමනයෙන් පසුව තමා මෙයාට මෛත්‍රී වටේ ඉන්න අයයි මව්බිමේ බෙල්ලයි පෙනිල තියෙන්නේ. කොහොම උණත් මහ ඇමතිකම ලැබෙන්නේ නෑ. හිරුණිකා මෙයාගේ ගමනට බාධාවක් වේ යැයි හිතලම තමයි ඔය හිමින් මාරුවුණේ. (නදී)
ඔබ තුමා වෙලාවට අාවේ. තව පොඩ්ඩෙන් බෙල්ල යනවා. (නදී)
ආපහු ආවේ ඇයි කියලා අපි දන්නවා (නි)
මට නම් ඔබතුමා කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනෙක්. මෛත්‍රී ජය කාටවත් වලක්වන්න බැහැ (නදී)
ජය වේවා. (නදී)
සල්ලි වලට විකිණුනා නේද? ඇයි තව බොරුත් කියන්නේ ? (නදී)
අසරණ අපේ බෙල්ල ගියාට කමක් නැද්ද? (නදී)
ජනවාරි පළමු සතිය වෙනකොට කාටත් ඇත්ත තේරේවි . මෛත්‍රීත් ආපහු අවොත් පුදුම වෙන්න එපා. අතීතය මතක තියෙන , හිතන්න මොලයක් තියෙන එවුන් ආපහු ඒවි. රැලි වලට අහු වෙලා ඔහේ යන කට්ටිය , රැලි පැද පැද ඉදීවි . යහ පාලනයක් කරන්න යහ ගුණ තියෙන කට්ටිය සෙට් වෙන්න ඕන.... දන්නා යකා අපිට හොදයි ....(බ)
අධිරාජ්‍යවාදය ගැන කතා කරන සමහරුන්ගේ ගෙවල් වල විදුලි බිල රුපියල් 2,65,000. එ්ක ගෙවන්නෙත් අපේ මහජන මුදලින්. (නදී)
ඉක්මනින්ම කෝටි ප්‍රකෝටි පතියෙක් වෙන්න ලෙහෙසි මාර්ගය තෝරාගෙන තිබෙනවා. (නදී)
පිලේ පැදුර හේනට අරගෙන එනවා - එලා පැදුර මැස්සේ සැතපෙනවා - ටටා දමපු හැටි සිහිවෙනවා - හිතේ දුකට කවිකියවෙනවා (අ)
මහජන මුදල් මොක කෑවත් කන්නේ වහ කියල විතරක් හිතා ගන්න. මොකද අසරණ මිනිසුන් කන පාන් කෑල්ලෙන්,පරිප්පු ටිකෙන්,කිරිපිටි ටිකෙන්,හාල් ටිකෙන් ගහන බදු මුදල් නිසයි එහෙම කියන්නේ. (නදී)
කියන්නත් දෙයක්ද මහත්තයෝ. ඔබතුමාගේ බුද්ධියේ හැටියට යන්න කලින් ඕක තේරෙන්න එපාය. කොහොම උනත් ඔබතුමා ගැන ජනාධිපතිතුමාගේ ලොකු විශ්වාසයක් ගොඩ නැගී තිබුණා. (ර)
මෙතුමා කියන එක ඇත්ත. (ර)
රතන හාමුදුරුවෝ පුවත් පතකට කියන සම්මුඛ සාකච්ඡාවක් යු ටියුබ් එකේ තිබෙනවා. පුලුවන්නම් බලන්න. (නදී)
උදය ගම්මන්පිල මහතාට අවසානය්දී ගත තීරණය ඉතාම අනර්ගයි. "(හේ)
අපිට නම් ඔය කවුරුත් සැකයි.(හේ)
මවුබිමේ කොහොම වුනත් තමන්ගේ වාසිය ගැන හිතලා ආපු බව හොඳටම පෙනෙනවා.(හේ)
ඔබ තුමා ගත් තීරණයට පැසසුම්. (ර)
දැන් ඔබතුමා කලින් කියපු දුෂණ සියල්ල, කැසිනෝ ආර්ථිකය නැතිවෙලා එක රැයෙන් යහපාලනය ඇතිවුණාද? කලින් දීපු ලිඛිත පොරොන්දු ඔබතුමා ඉටුකළාද? කිතුලට නැගපු මිනිහාටත් කියන්න දෙයක් තිබුනලු. (නි)
උගතෙක් වුනාට එක තීරණයක ඉන්න පුළුවන් මනසක් නැහැ. මඩේ හිටවපු ඉන්න වගේනේ (දිල්)
රටේ ඒකීය භාවය ගැන හිතුවාට ස්තුතියි.(හේ)
මට නම් අප්‍රසන්නයි අපේ රටේ දේශපාලනය. මිනිසුන්ව රවටනවා, ඉවරයක් නැහැ. පොඩ්ඩක් හිතලා බලන්න මේ මිනිස්සු කිසිම ප්‍රතිපත්තියක් නැති අය නේද කියලා. දැන්වත් පාඩමක් ඉගෙනගනිමු. ඉන්දියාව වගේ මේ මිනිසුන්ට පාඩමක් උගන්වන්න කාලය හරි. මේ ඔක්කොම අපිට, අපේ රටට ආදරය අය නෙමෙයි. හුදෙක් තම බඩවියත පමණි. දැන්වත් මිනිසුන්ගේ ඇස් ඇරේවා! කණ නොව මොළය පාවිච්චි කෙරේවා! (නි)
ඇත්ත අපි දන්නවා (නි)
දැන් ඔබතුමාගේ බෙල්ල බේර ගන්න පුළුවන් ?(හේ)
ලැජ්ජාවක් නැති හැටි.(හේ)
මොනවා වුණත් කතාව නම් මසුරන් (නි)
ඔබ කවදත් හරි දේ කල කෙනෙක්. අපි ඔබ සමගයි. (ර)
ඔසන් සලාම් - කටාර්, දැන්නේ මගේ ඔලුවටත් වැටුනේ. (නි)
මේ හැමෝම අල්ලලා එක පැත්තකට කරලා තියන්න ඕනෑ (නි)
අනේ මන්දා?. කොහොම උනත් මේ යන විදියට ගියොත් මොනා වෙයිද?(හේ)
මිනීමරු ප්‍රභාකරන් සමඟ යුද්ධ කරද්දී මුදලට ගිජුකමට යුද මෙහෙයුම් සතුරා අතට පත්කළ අය හිටි රටක් මේක. (නි)
ධර්ම රාජ්‍යයකට යන ගමනට සියලු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාද ලැබේවා සාදු සාදු සාදු (බ)
වතුරට බහින්නම ඕනෑ ගැඹුර තේරෙන්න. අපරාදේ ඇඳුම් තෙමාගත්තා (නි)
ඔබේ බෙල්ල බේරා ගන්න නේ ද ආපසු ගියේ?(හේ)
හැමදෙයම වෙන්නේ හොඳටයි කියලත් කියමනක් ඇත.දෙවියන් වන්නේත්, තිරිසන් වන්නේත් මිනිසාමය ලෝකේ....ඔහොම යමු (නි)
ඇත්තටම ලංකාව ගැන පුදුම දුකක් දැනෙන්නේ. මෙහෙම පක්ෂ මාරුකරන අය සමඟ රටකට ඉදිරියට යා හැකිද? (නි)
ඔබත් හරි. දිගම්බරන්ලාත් හරි. (ර)
ඔන්න ඕක තමා ඇත්ත කතාව. මහින්ද මහත්තයා දිනවන්න එක්වන්න අද අපිට රටක් ඇත. (ර)
නියම මහත්මයෙක්. (ර)
පක්ෂය මාරු කළාම නිළතල අහෝසි වෙන විදියක් හදන්න ඕනේ.(හේ)
මොන තරම් කීර්ති නාමයක් හදාගෙන තිබුණු මිනිහෙක්ද ?නිකන් නම කැත කර ගත්තේ.(හේ)
අනේ මෙහෙමත් දේසපාලුවෝ. කිසිම ප්‍රතිපත්තියක් නැතිව විකිණෙනවා. තව බොරුත් අදහනවා (බ)
රට ගැන පනින්න කලින් හිතුනේ නැද්ද? අපිට නිකන් බොරු එපා (නි)
මේ තරම් කාලයක් නින්ද ගිහින් ද හිටියේ? දැන් හරියටම ඇහැරිලා කියලා ෂුවර් ද? (බ)
ඔබ තුමන්ලා කරන ප්‍රකාශන වල කිසිම විනිවිද භාවයක් නැහැ නේද? (හේ)
ඔබතුමාට පහුවෙලා හරි තේරුනාද ?(හේ)
පක්ෂයේ නම කෑවා...(බ)
සල්ලි වලට විකිණිලා කියල කියන අය දන්නේ නැතුව ඇති හැබෑට දෙපැත්තටම පනින්නේ සල්ලි බලේට කියලා. ඔය හැම කෙනාම වගේ තමන් ගැන විතරයි. ඔබලා හිතනවා නම් ඒ අය රට ගැන හිතනවා කියලා, එහෙනම් ඔබලාට වැරදිලා. සිල් ගත්ත වගේ රැස්වීම් වල කතා කලත් ඔය හැමෝගෙම කිල්ලෝට වල හුණු. (නදී)
ඔබ හරි.ප්‍රතිගාමී නව ලිබරල් අධිරාජ්‍ය ගැති පොදු අපේක්ෂකයා පරාජය කිරීම අනිවාර්යි. (බ)
අනේ අපේ පාසලේ නම්බුව. (නදී)
අනේ අපේ මිනිස්සු. යනකොට කීර්ති නාමය හොඳයි එනකොට තමා හරි නැත්තේ. (බ)
අධිරාජ්‍යවාදය ගැන අපිට කියල දෙන අයගේ කෙරුවාවල් කවදා හෝ දවසක හෙළි වෙනවා වෙනවාමයි. එක බස් නතුම් පොලක් හදන්න ගිය වියදම ලක්ස 28ක්. (නදී)
සල්ලි වලට විකිණීලා තව බොරුත් කියනවා (බ)
මෙයා ගියා කියන ඉස්කෝලේ ගැන දැන් සැකයක් තියනවා මට. එකට ගෙම්බෝ ගන්නේ නැහැ. (බ)
මම හිතුවේ මෙතුමා මීට කලින් යයි කියලා... හෙළ උරුමේ හිටියට මෙතුමා පෙනී හිටියේ අදිරාජ්‍ය කුමන්ත්‍රණ ගැන කියන්න නේ ... එතුමාගේ ඡන්ද පදනම තියෙන්නේ අදිරාජ්‍ය කුමන්ත්‍රණ ගැන නේ..සුබ අනාගතයක් කියමු.(හේ)
අපි ඔබගේ තීරණය ගැන ඉතාමත් සතුටට පත්වෙනවා. චන්ද්‍රිකාට තියෙන්නෙ වෛරයක් ඒකට මෛත්‍රීපාල අහුවෙලා. (බ)
ලජ්ජා වෙන්න ඕනේ ගියපු එක ගැන..(හේ)
ඇත්තටම මම හිතන්නේ මෙයා හිතකින් ගියේ නෑ. මොකද පොදු අපේක්ෂකයා සමග ගිවිසුම් ගහන වෙලාවෙවත් රැස්වීම් වලවත් මාධ්‍ය හමුවලවත් මෙයා ඉන්නවා මම නම් කොහෙවත් දක්කෙන් නෑ.(හේ)
ඔබතුමා ගත්තු තීරණය හරි.(හේ)
මෙයා වගේ අයත් ඉතින් මෙහෙම නම් අනිත් අය ගැන විශ්වාශය තියන්නේ කොහොමද? (හේ)
හරිම සතුටක් .ඔබතුමාලට රටට ද්‍රෝහී වෙන්නට බෑ.තුන් වැනිපාරත් සිව්වන පාරත් ජනාධිපතිතුමා දිනනවා .ප්‍රශ්න විසදගෙන දිගු ගමනක් යන්නට ඔබට හැකිවෙනවා.(හේ)
අපිටත් ප්‍රශ්නෙ තියෙන්නේ මෛත්‍රී ගැන නෙමෙයි , පිටිපස්සේ ඉන්න සෙට් එක ගැන. (බ)
දුමින්ද ඔබ හරියටම හරි. මගේ මතෙත් එ්ක. පක්ෂය මාරු කළාම එයාගේ බලතල අහෝසි කරන්න ඕන. අායෙත් ඡන්දෙකින් දිනන්න ඕන. කරුණාකර ඊළග ව්‍යවස්ථාවෙන් මේ නීතිය ගේන්න (බ)
ගම්මන්පිල මහත්තයෝ සමහර විට ඔබගේ චේතනාව අවංක විය හැක .නමුත් මරණාසන්න රෝගියෙකුට ප්‍රථමයෙන් කළ යුත්තේ ඔහුගේ ජීවිතය බේරා ගැනීමයි.අනෙක් සියල්ල කළ යුත්තේ ඉන්පසුවයි.(හේ)
තවත් සරත් මනමේන්ද්‍ර කෙනෙක් හෙළ උරුමයෙන් බිහිවුණා (බ)
ඒ කියන්නේ කලින් කියපු වංචා දුෂණයටත්,එ්කාධිපතිත්වයටත් මෙයා දැන් කැමතියි කියන එක නේද.? බලන් ගියාම ඔක්කොම හොරු (බ)
තුන්වන ලෝකයේ රටක බලය පවත්වාගෙනයාමට ජාතිවාදය ආගම්වාදය සහ මව්බිම යන කරුණු කූට ලෙස යොදාගනී. මන්ද තුන්වන ලෝකයේ රටක බහුතර ජනතාව උගත් මට්ටමින් අඩු ජාතියක් වන නිසාය.උගත් කමින් අඩු බහුතරයට රටක ආර්ථික අනාගතය අවශ්‍ය නැත. රටක නීතිය ගැන අවශ්‍යතාවයක් නැත. මන්ද , ඔවුන්ට අවශ්‍ය වන්නේ එදිනෙදා ජීවිතය සමග පොරබැදීම පමණි. එහෙයින් ජාතිවාදය විකිණීමට හැකි පක්ෂයට සැමදාම බලයේ සිටිය හැක. ඇතිතරම් හොරකම් කළ හැකිය. මන්ද හොරකම් මැරකම් නමැති නිරුවත ජාතිවාදය සහ ආගම්වාදය යන රෙද්දෙන් විලිවසාගත හැකි නිසාය.මෙම කරුණ නිසා තමා මෙම රටවල ජාතිවාදය ආගම්වාදය දුෂණය මැරකම් කිසිදා නොමැකෙන කැළැල් ලෙස පවතින්නේ. තුන්වන ලෝකයේ පාලකයන්ට ජාතිවාදය නැතිනම් බලයත් නැතිවේ (බ)
මට සින්දු කැල්ලක් මතක් වෙනවා , " එදා මා වෙන්විගියේ හිතකින් නොවේ "(බ)
දේශප්‍රිය අපිටත් තිබෙන ප්‍රශ්නය මහින්ද මැති තුමාගේ වටේට ඉන්න කට්ටිය. දැන් නම් කොහොමටත් අර අනිත් පක්ෂ වලින් එළියට දාපු නාටු ගිරවු ටිකනේ ඉන්නේ. (බ)
සල්ලිවලට සේරම යටයි (බ)
හැබැයි ආපහු යන්න බැහැ. (ර)
කරනම් ගහන මේ වගේ දේශපාලුවන්ට වඩා මගේ බල්ලා වටිනවා. (නදී)
ගම්මන්පිල මහතා, මෙහෙම කතාකරන්නේ කොහොමද.? (ර)
ඔබේ පිවිතුරු නිකලැල් දේශපාලනය වචන වට සීමා උනා, අද අපට කණගාටු උනත් හෙට ඔබට කණගාටු වෙන්න වෙයි. ඒක සහතිකයි. (ර)
හොඳ පිම්මක් (බ)
ගම්මන්පිලලා වගේ දෙපිටකාට්ටුවොනේ දේශපාලනය කරන්නේ අනේ (බ)
ඔබතුමාගේ පැහැදිලි වෙනසක් තියෙනවා. වෛරයෙන් නෙවේ බුද්ධියෙන් කතාකරන බව පෙනෙනවා. ඔබට ජය! (නදී)
ඊළඟ ඡන්ද වලට සම්මාදම් යන්න ඕන වෙන්නේ නෑ ?(හේ)
මේ සිද්ධිය ලංකාදීපයේ සාධාරණ වාර්තාකරණයට ස්තුතියි. (නදී)
එතුමා කියන කතාවේ ඇත්තක් තියෙනවා. (ර)
දින කීපයකට කලින් මාධ්‍ය වලට කරපු ප්‍රකාශ ටික ඉල්ලා අස්කර ගන්නේ නැද්ද?(හේ)
කොච්චර හොඳද මෙතුමා? (නි)
ඔබතුමාගේ තීරණයට ජයෙන් ජය (නදී)
මෙහෙමත් අදෝනාවල්. දොස්තර මහත්තය දැන් ඔය ගලවනවා කියපු දත් ඇන්දේ තව කොච්චර තියෙනවද? කිරි සුදු දත්..තාම කීයද ගලවල තියෙන්නේ. (නදී)
සුබ පැතුම් !(දිල්)
මට ලංකාවේ දේශපාලකයෝ තඹ දොයිතුවකටවත් විශ්වාස කරන්න අමාරුයි (දිල්)
යාමට පෙර නුදුටුවද.? එහෙමත්නත්නම් ගියායින් පසුව දුටුවද.? අනේ පැහැදිලිකරලා දෙන්නකෝ. (ර)
නිවැරදි තීරණයක්, ගියාම තේරෙන්න ඇති තත්වෙ (නදී)
මට ලංකාවේ දේශපාලකයෝ තඹ දොයිතුවකටවත් විශ්වාස කරන්න අමාරුයි (බ)
ප්‍රසන්න කියපු කතාව හරි. (නදී)
ඇත්තටම ඔබ ගත් තීරණය ගැන සතුටුයි. (නදී)
හරි හමන් ප්‍රතිපත්තියක් නැති මෙයාලට ඡන්ද දෙන මිනිස්සු තමා මෝඩයෝ. (නදී)
දැන් මහත්තයෝ වාසගමත් වෙනස් කරගන්න. (නි)
ලක් මව රැකගෙන ඉතිරි හරිය බලමු. (නි)
අපරාදේ! අයියා මල්ලි වාගේ ඉන්න පුළුවන් අරගොල්ලෝ එක්ක එකට එකතුවුණා නම්. (නි)
ඔබ හරියටම හරි. (නි)
එළිවෙන ජාමෙට තමා හොඳ හොඳ සෙල්ලම්. ඔහොම යං, ඔහොම යං. (නි)
.....තේරුනේ දැන් තමයි .......... (නි)
ආවම වීරයා.ගියාම දුෂ්ටයා.නේද රන්ජිත් මහත්තයෝ? මෙතුමාට හිමි මෙතුමාගේ උරුමය තියෙන පැත්ත තමයි මේක. (නි)
නියමයි. සුබ පැතුම්...!! (නි)
සතියෙන් දෙකෙන් අදහස් වෙනස් කරන්නේ ජනතාව ගැන හිතන උදවිය නෙමෙයි (නි)
පහුවෙලා හරි එතුමාට තේරුණා (නි)
මෙයාගේ හැටි මම පොඩි කාලේ ඉඳලා දන්නවා.අපි එකට ඉස්කෝලේ ගියේ. (නි)
ඔය කියන්නේ මව්බිමේ බෙල්ල ගැන නම් වෙන්න බැහැ. (නි)