මාතලේ ඇල්වල විද්‍යාලයයේ ක්‍රිඩා පිටිය හරහා බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මාර්ගයක් ඉදි කරතියි කියමින් විදුහලේ ආදි සිසුහු හා මව්පියෝ විද්‍යාලය ඉදිරිපිට අද (24) උද්ඝෝෂණයක් ඇරැඹුහ.
වසර විස්සක් පුරා පැවති මෙම ක්‍රිඩාංගණය මතුවටත් දරුවන්ට ආරක්ෂා කැර දෙන්නැයි උද්ඝෝෂකයෝ බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
ඡායාරූප විරාජ් අභයසිරි
ඡායාරූපය මහේෂ් කීර්තිරත්න




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නයක් ඇතිනොවන විදිහට වගකිව යුතු අය ක්‍රියා නොකරන්නේ මන්දැයි මටත් ප්‍රශ්නයකි. (ස)
දේශපාලන බලය පාවිච්චි කරමින් රට ගැන කැක්කුමක් නැති අමන මිනිසුන්ගේ වැඩ තමයි මේවා (නදී)
පාර කපන්නේ පිට්ටනිය අයිනෙන් නේද? (නි)
ළමයින් සෙල්ලම් කරන පිට්ටනි අරගෙන පාරවල් හදන එකටනම් මම කැමති නැහැ (දී)
ළමයින්ට සෙල්ලම් කරන්න වෙන්නේ ගේ ඇතුලේ තමයි තව ටික කාලෙකින් (දී)
4 වන පින්තුරයට අනුවනම් වරදක් නැත, පිට්ටනිය මායිමෙන් පාර යන්නේ , ගෙවල් වලටත් පිට්ටනියටත් එන්න පාරක් එපායැ නේද? ගම දියුණු වෙන්නේ එතකොට නේද? (දී)