(සමන් විජය බණ්ඩාර)
මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප්‍රමාණයකට හානි සිදු කරන සිද්ධියේ නඩුව අද (13 ) මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් ජුනි 27 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.
අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සැකකරුවන් 15 දෙනෙකු මහෙස්ත්‍රාත් නිරික්ෂණය වෙනුවෙන් මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි අතර ඔවුන් සියලූ දෙනා නැවත සැප්තැම්බර් 12 වැනිදා මහෙස්ත්‍රාත් නිරික්ෂණය වෙනුවෙන් යොමු කරන ලෙසද නියෝග නිකුත් කරනු ලැබිය.
මෙම නඩුව සඳහා මාවනැල්ල අධිකරණය වෙත සැකකරුවන් 13 ක් ඉදිරිපත් කර අතර පසුගිය ජුනි 03 වැනිදා නඩුව පැවැති අවස්ථාවේ තවත් සැකකරුවෙක් මාවනැල්ල පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කි‍්‍රයා සිටියේ මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන මාවනැල්ලේ දනාගම පදිංචි එකම නිවසේ අයියා සහ මල්ලි වන මොහොමඞ් ඉබ්රාහිම් සාහිඞ් අබ්දුල් හක් සහ මොහොමඞ් සාදික් අබ්දුල්ලා යන සැකකරුවන් සමග මාවනැල්ල පෞද්ගලික බැංකුවකින් මුදල් ගණු දෙනු කිරිමේ වරද සම්බන්ධයෙන් එම සැකකරු ඉදිරිපත් කර බවයි.
ඔහු මුදල් ගණූ දෙනු කරන ලැබ පෞද්ගලික බැංකුව හරහා ලබා ගත් එම වාර්තාවන්ද අධිකරණ නියෝග මත මාවනැල්ල පොලිසියෙන් ලබා ගෙන මාවනැල්ල පොලිසියේ උප පොලිස් පරික්ෂක රණසිංහ මහතා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. ඔහුද නැවත 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත විය.එම සැකකරු අලූත් නුවර, හිගුල ප්‍රදේශයේ පදිංචි අවිවාහක අවුරුදු 24 ක් වන හස්බුල්ලා ඛාන් හම්දි අහමඞ් නම් වෙති.
නඩුව පැවැති අද (13) බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂාවක් යටතේ සැකකරුවන් බන්ධනාගාර බස් රථයකින් මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන පැමිණි අතර එම දිනයේ මහෙස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාවද යොදවා තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුපිළිම කැඩූ අන්තවාදියෝ පළමුවෙන්ම අල්ලගත්තු මාවනැල්ලේ කොල්ලෝ දෙන්නා නිසා සෑහෙන විපතක් අඩු කරගන්න පුළුවන් වුනා .
උඹලට බුදු සිරස කඩන්න ලජ්ජා නැහැ . උබලගේ මුණ පෙන්නන්න ලජ්ජියි .
බුදුපිළිම කඩපු මේ අයට හිරෙන් නිදහස් වෙලා එන්න දෙන්න එපා .
උඹලගේ අන්තිම මනුෂ්‍ය ආත්මය ඔය.
මේ නොමග ගිය තරුණයින් ගැන ඉතා කණගාටු වෙමු. මිනිස් ආත්මයක් ලැබෙන්නේ කලාතුරකින්. ඒ ආත්මය මෙලෙස විනාස කර ගැනීම ඉතාම අපරාධයකි.
ඇෆ්ගනිස්තානේ බුදු පිළිම කඩපු තලේබාන්වරුන්ට මොකද වුනේ.. ඒකට උපදෙස් දුන්න ඔසාමා බින් ලාඩන්ට මොකද වුනේ.. මේ භවයෙදීම ඒවා පල දුන්නා.. මේවා පෙනී පෙනී මේවගේ අපරාද කරන අය ගැන කණගාටුයි. බුදුපිළිම කියන්නේ නිකන් පිළිම නොවෙයි. බුදු හාමුදුරුවන්ගේ අපමණ ගුණයන් හැකිතාක් අන්දමට පිලිඹිබු වෙන විදියට හදන්නේ. බුදු පිළිම දිහා බලලා බෞද්ධයන් ඒ බුදු ගුණ මෙනෙහි කරනවා, ඒ ගුණ වලින් ස්වල්පයක් හෝ අපේ ජීවිතයට ඇතුළු කරගන්න. ඒ නිසා බෞද්ධයන් බුදුපිළිම තුලින් බුදුන්ගේ ගුණ ධර්මය මෙනෙහි කිරීම කරන්නේ. ඒ වගේම මනුෂ්‍ය ලෝකෙට සමීප දෙවිවරුත් මේ දේම කරනවා.. ඒ නිසා ඔවුන් බෞද්ධයන් වගේම මේ බුදු පිළිම රැකගන්නවා. සුනාමි ව්‍යසනයේදී බුදුපිළිම ආරක්ෂා වීම අහබුවක් නොවේ. සමහර මනුෂ්‍යන් ආරක්ෂා උනා වගේම විනාශ උනා.. ඒ උනේ ඔවුන්ගේ කර්මයන් පලදීමක් වශයෙන්. දෙවිවරුන්ටවත් අපි කරන කර්මයන් වල පල විපාක නවත්වන්නැ බැහැ. අපි කරන දේවල්වල වගකීම අපිටම තමයි තියෙන්නේ. එහෙම නැතුව බිලිපූජා වලින් ඒවා සතුන්ටවත්, දෙවියන්ට කියල සමාව ගෙනාවත්, ගුරුවරුන්ට හෝ පූජකයන්ටවත් වලක්වන්න බැහැ. අපි කරන ක්රියාවේ හොද වගේම නරකත් අපිටම තමා ලැබෙන්නේ.