මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේ කඳු දෙකක නායයෑමේ අවදානමක් ඇති නිසා පවුල් සියයක 400 දෙනෙකු පමණ ඉවත් කළ බව කෑගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් අද (25) ලංකාදීපයට පැවසීය.
හෙම්මාතගම පහන් තිබූ ගල හා මැදැලිය යෝදගම කන්ද නායයෑමේ අවධානමක් ඇතැයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දුන් නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය හරහා ග්‍රාම නිලධාරීන් මගින් ගම්වාසීන් දැනුම්වත් කළ බව ද එම ප්‍රකාශකයා කීවේය.
හෙම්මාතගම කපුරුක්ක විහාරස්ථානයේ හා මැදිලිය රාජ මහා විහාරස්ථානයේ ඔවුන් තාවකාලිකව තවත්වා ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයේ අවධානම් කලාප හඳුනාගෙන එම ප්‍රදේශවල සිටි 12,056 දෙනෙක් මේ වන විට තාවකාලික කඳවුරු 113ක නවත්වනු ලැබ සිටිති.
අරණායක නෑය යෑමෙන් අතුරුදන් වූවන් සොයා යුද හමුදාව අද (25) දිනයේ ද මෙහෙයුම් සිදු කළහ. මේ දිනවල හමුවූ මෘත දේහ හා ශරීර කොටස් දැඩි ලෙස නරක් වී දුගඳ හමමින් තිබුණු බව යුද හමුදා ප්‍රකාශකයෙක් කීවේය.
අවතැන් කඳවුරුවලට සහන සැලසීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයය මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු කරයි.
තාවකාලික කඳවුරු අවට නිරන්තරයෙන් පරීක්ෂා කර බලන බවත්, මදුරු කීටයන් සිටිනවා දැයි සොයා බලන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයය කියයි.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
783
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාවනැල්ලේ පවුල් 100 ක් ඉවත් කරයි